Wednesday, June 20, 2012

සොඳුරු මිනිසාගේ නික්ම යාමට වසර පහයි...

අමිත් මුනින්ද්‍රදාසයන්

  මා ලබැඳි බ්ලොග් කාරියක වන සයුරි අක්කා ලියූ නිකොලායි ටෙස්ලා ගැන ලිපිය කියවූ විට මට එකපාරටම මතක් වුනේ අපේ රටේ හිටපු වැඩිය කවුරුවත් නොදන්නා ශ්‍රේෂ්ඨ මිනිසකු වන අමිත් මුනීන්ද්‍රදාසයන්ව. මම ඉතාමත්ම ගරු කරන පුද්ගලයෙක් තමයි ඔහු. මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී 41වැනි වියේදී එතුමා අප අතරින් සමුගත්තා, ඒ 2007වසරේ ජූනි මාසයේ 11 වෙනිදා ඊශ්‍රායලයේදීයි. එම මරණය අභිරහස් ලෙස සිදු වූ බවට තමයි ආරංචිය, ලංකාවෙ සිටි විද්වතුන් ප්‍රාඥයන් හුඟදෙනෙක් මුහුණදීපු ඉරණමක් මේක. මේ වන විට එතුමා අභාවප්‍රාප්ත වී වසර 5ක් සම්පූර්ණ වී තියෙනව. එතුමා සම්බන්ධ ලිපියක් මා මීට කලින් විදුසර සඟරාවේ කියවා තිබුණත් මේ වන විට එම ලිපිය මා සතු නොවීම හේතුවෙන් අන්තර්ජාලය හරහා පහත සටහන සොයා ගත්තෙ, කියවා බැලූ විට අඩුපාඩු ඇති බවක් දක්නට නොලැබුනු නිසා එය උපුටා පහත පරිදි පල කලා, පහත සටහන උපුටා පල කලේ අමිත් මුනින්ද්‍රදාස නම් වූ ශ්‍රේෂ්ඨ මිනිසාට උපහාරයක් වශයෙනි.

   අයිසැක් නිව්ටන් යනු විෂය ධාරා කිහිපයක් ඔස්සේ තම හැකියාව විදාරණය කළ විද්‍යාඥයෙකි. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි අසාමාන්‍ය බුද්ධියකින් හෙබි විද්‍යාඥයින් සිටි බව දන්නේ ඉතා සුළු පිරිසකි. ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් යනු එවැනි එවැනි අසාමාන්‍ය බුද්ධියකට උරුමකම් කී පුද්ගලයකි.
සිය ද්විතීයක අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් හැදෑරු එතුමා 1985 වසරේ දී මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීය. ඔහු කුඩා කළ සිටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව දස්කම් දැක්වූවෙකි. එනිසාම විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂතම සිසුවා වීමේ භාග්‍යය ඔහුට හිමි විය. එපමණක් නොව ඔහු තුළ වූ සුවිශේෂතම ගුණාංගය වූයේ වනජීවීන්ට දැක්වූ අසීමිත ආදරයයි. කුඩා කළ සිටම සර්පයින්ට, ගෙම්බන්ට මහත් සේ ඇල්මක් දැක්වූ අමිත් මහතා වන ජීවීන් පිළිබඳව ගවේශණය කිරීමට මහත් ලැදියාවක් දැක්වීය.

   විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීම ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වූයේ "ප්‍රොපා" යනුවෙනි. ඊට හේතුව වූයේ එකළ පටන් ඔහුට මහාචාර්යවරයෙකුගේ දැනුම තිබුණු නිසාවෙනි. එකල පැවති දේශපාලන වාතාවරණය නිසා ඔහුට සිය පළමු පන්තියේ උපාධිය ලබා ගැනීමට 1993 වෙනතෙක්ම බලා සිටීමට සිදු විය.
1995 දී ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතා ලිවර්පූල් හීදී අර්ධ සන්නායක සම්බන්ධයෙන් සිය පශ්චාත් උපාධිය හැදෑරුවේය. එරටම ඉහළ වැටුපකට රැකියා ලැබුණද ඒ සියල්ල පසෙකලා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ සිය මව් රටට සේවය කිරීමේ ඒකායන බලාපොරුත්තුවෙනි. 2003 වසරේ දී එතුමා සිය විශ්ව විද්‍යාලය වූ මොරටුව විශ්ව විද්‍යාලයේම ආචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. කෙතරම් කාර්යබහුල පුද්ගලයෙකු වුවද කුඩා කළ සිටම වන ලැහැබකට ඔහු දැක්වූ ආදරය බිඳකින්වත් අඩු නොවීය. ඔහුගේ මිතුරන් පවසන පරිදි ඔහුගේ නිදන කාමරයේ විවිධ වර්ගයේ මකුළු විශේෂ සෑම තැනම දුවමින් සිටි බව කියැවේ. සිය සිසුන් සමඟ විවිධ වනභූමින්වල සිදු ගවේශනයන්දී ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්ව විශේෂ කිහිමපයක්ම සොයා ගැනීමට සමත් විය. lanka cornu batrachus යන විද්‍යාතමක නාමයෙන් හඳුන්වන මැඬියා ඒ අතර සුවිශේෂි තැනක් ගනී. වනජීවී ඉලෙක්ට්‍රොනික විද්‍යාව නම් පුළුල් විෂය පථයක් පිළිබඳව ලෝකයාට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන්ටයි.

   අධී වෝල්ටීයතා ජෙනරේටර්. බහු අක්ෂීය ස්ථිති චුම්භක මෝටරය, අති සංවේදී ධවල එල්.ඊ.ඩී. වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක පරීක්ෂණ පැවැත්වීමට ඔහුට හැකි විය. එමෙන්ම පාසල් සමයේදී නොදැවුණු කාබන් මඟින් දියමන්ති නිශ්පාදනයට උත්සාහ දරා ඇත.

   එතුමාගේ නව නිපැයුම් අතින් වඩාත් ප්‍රචලිත වූයේ අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස අලින්ට පැළඳීමට හැකිවන සේ නිර්මාණය කළ කොලර් පටියයි. මේ පටිය පළඳිනු ලැබූ අලින් ගම්මානය අසළට පැමිණෙන විට අලියාට ඉතා කුඩා විද්‍යුත් සැරක් වඳින අතර ගම් තුළ ඇති සයිරන් නළාව ද ස්වයංක්‍රීය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව අද බොහෝ මාධ්‍යවේදීන්ට අමතක වී තිබේ. අලි මිනිස් ගැටුම පිළිබඳව වාර්තා පිට වාර්තා නිකුත් වූවත් පාලකයන්ට මේ අසහාය පුද්ගලයාගේ උත්කෘශ්ට නිර්මාණය අමතක වී ඇත.

   විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ඔහු සිදු කළ කාර්යය සුළුපටු නොවේ. විශේෂයෙන්ම ඔහු නිර්මාණය කළ ප්‍රශ්න පත්‍ර බොහෝ දෙනාගේ කථා බහට ලක් විය. කෙතරම් කටුක ප්‍රශ්න නිර්මාණ කළත් සිසුන්ගේ නොමඳ ප්‍රසාද මේ ගුරුවරයාට හිමි විය. සිසුන් ඔහුට අපූරු අන්වර්ථ නාමයක් යොදා තිබුණි. ඒ "ඇනකොන්ඩා" යනුවෙනි. ඊට හේතුව වන්නේ විභාගයේදි ඔහුව සිසුන්ට "ඇනයක්" වීමත් ඔහු සතුව තිබූ දිගු "කොන්ඩෙත්" නිසාවෙනි. වරක් එතුමාගේ මිතුරෙකු ජලජ සර්පයෙකුට ගොදුරු වීමට යාමේදී අමිත් මහතා ජලය මත පෙළහර පා සිය මිතුරා බේරා ගෙන ඇත. ඔහු සතු වූ දිගු වරලස ගැන කියනවා නම් සිය උපාධි ප්‍රදානෝත්සවයට අනිත් සියලුම පිරිමි ළමයි කොණ්ඩය කොටට කපා පැමිණ සිටියදී මොහු පමණක් කොණ්ඩය වවා පැමිණ සිටියේය. ඊට හේතුව වශයෙන් මොහු පවසා ඇත්තේ ආදි මුතුන්මිත්තන් කොණ්ඩය වවා සිටියා නම් අප වැව්වට මොකද වෙන්නේ යනුවෙන්ය.

   දක්ෂ කෝකියෙකු මෙන්ම දක්ෂ ජායාරූප ශිල්පියෙකුද වූ මෙතුමාගේ හැකියාව පිළිබඳව බොහෝ දෙනා විස්මයට පත් විය. එමෙන්ම ඔහු සිදු කළ පරීක්ෂණ සිදු විෂය පථයන් අතරට නිතිනි තාක්ෂණය, බලශක්ති විද්‍යාව, ගගනගාමී විද්‍යාව, ක්වොන්ටම් විද්‍යාව ආදී බොහෝ වෙයි. සිය පරීක්ෂණයක් සඳහා ඊශ්‍රායලේ සිටියදී අකල් අභිරහස් මරණයට ගොදුරු වීමට මේ මහා බුද්ධිමතාට සිදු විය. අවුරුදු 41 වැනි සිය කෙටි ජීවිත කාලය තුළ ලොවට බොහෝ දේවල් දයාද කරමින් සිය නාමය කරවීමට මේ සොඳුරු රාජකීයයාට හැකිවිය.
2007 වසරේ ජුනි මස අපෙන් සදහට ම සමුගත් ආචාර්ය මුනිද්‍රදාසයෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ශ්‍රේෂ්ඨයෙකි. අපට එසේ කිව හැකි වන්නේ ඒ මහතා කවදත් රට ජාතියට ආදරය කළ උතුම් මිනිසකු වූ නිසා පමණක්‌ නො ව ක්‌ෂේත්‍ර කිහිපයක්‌ පුරා ම පැතිරුණු විසල් දැනුමකින් හෙබි, තමන් උගත් දෙයින් තම රටට සේවය කළ, වචනයෙන් විස්‌තර කළ නොහැකි තරම් විද්වතකු වූ නිසා ම ය.

   ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් ගැන කෙසේ වත් මෙවන් කෙටි ලිපියකින් විස්‌තර කළ නොහැකි ය. ඒ සඳහා පොතක්‌ ලිවිය යුතු ය. කෙසේ වුව ද ආචාර්ය මුනින්ද්‍රදාස යනු රටට නිහඬව සේවය කළ විශිෂ්ට පුද්ගලයකු බව නම් නො කියා ම බැරි ය. එයට හේතු වන්නේ තම වසර 41ක්‌ පමණ වූ කෙටි ජීවිත කාලය තුළ ඒ මහතා ප්‍රසිද්ධිය හඹා නො ගිය බැවිනි. ආචාර්ය මුනින්ද්‍රදාස ගැන දැන සිටියේ නම් ඒ බොහෝ විට ඒ මහතා සම්බන්ධ වූ ක්‌ෂේත්‍රවල පිරිස්‌ පමණකි. බොහෝ දෙනා ඒ මහතා ගැන දැන ගත්තේ හදිසි අභාවයෙන් පසුව ය ඒ මහතා ගේ හදිසි අභාවයෙන් පසු විස්‌තර දැනගත් බොහෝ දෙනා විස්‌මයටත් පුදුමයටත් පත් වූයේ මෙවැනි විද්වතුන් අප රටේ සිටි බව දැනුණු විට ය.


 
 එයට හේතුව කුමක්‌ ද? මා කලින් සඳහන් කළාක්‌ මෙන් ආචාර්ය මුනින්ද්‍රදාස ප්‍රසිද්ධිය පසු පස නො ගිය බැවිනි. වරක් හමුදා මුරපළක් ආසන්නයේදී රථය පරීක්ෂා කිරීම සඳහා හමුදා නිලධාරීන් ඔහුගේ රථය නැවැත්වූ විය ඔහු තමාව හඳුන්වා දී ඇත්තේ ගුරුවරයෙකු වශයෙනි. අපේ රටේ බොහෝ උගතුන් ගෙන් ඒ මහතා වෙනස්‌ වූයේ එතැනිනි. විදේශ රටවලට ගොස්‌ සේවය කරන අපේ සමහර "උගතුන්ට" ආචාර්ය මුනින්ද්‍රදාස ආදර්ශයකි. නිදහස්‌ අධ්‍යාපනයේ ඵල ලබාගත් පසු, විදේශගත වී, අපට හෝ රටට සත පහක හෝ වැඩක්‌ නොමැති පර්යේෂණවල නිරත වී, වසරකට වරක්‌ නිවාඩු ගත කිරීමට මෙරටට පැමිණ පත්තර පිටු ගණන් හා රූපවාහිනි නාළිකා අරක්‌ ගන්නා අර ව්‍යාජ උගතුන්ට වඩා ආචාර්ය මුනින්ද්‍රදාස සිටින්නේ ළඟා විය නොහැකි තරම් ඈතිනි. සැබැවින් ම අපේ ජනමාධ්‍ය පවා කළ යුත්තේ ව්‍යාජ උගතුන් පුම්බා දැමීම නො ව ආචාර්ය මුනින්ද්‍රදාස වැනි උගතුන් ගැන රට හමුවේ තැබීම ය.

   අප ගේ හා රටේ ම අභාග්‍යයට ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස අද අප අතර නැත. එතැනින් ඇති වූ හිඩැස ද පිරවීම එතරම් පහසු නො වනු ඇත. ඒ මහතා අපෙන් වෙන් වී ගොස්‌ වසරපහක් සපිරුනු මේ කාලයේ ඒ මහතා ගේ ජීවිත කතාව ග්‍රන්ථාරූඪ කළ හැකි යමකු ඉදිරිපත් වන්නේ නම් එය කාලෝචිත යයි හැඟේ. මේ සඳහා ඒ මහතා ඇසුරු කළ බොහෝ දෙනා එක්‌වී මුල පුරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ශ්‍රේෂ්ඨ වන්නේ තම උගත්කම තම රටට ම සේවය පිණිස යොදා ගත් බැවිනි. බටහිරට සේවය කොට ඩොලර්/පවුම් මිලියන ගණනින් සෙවිය හැකිකම තිබුණ ද ආචාර්ය මුනින්ද්‍රදාස ඒ කිසිවක්‌ තඹයකට මායිම් නො කළේ ය. උපන් රටට සේවය කිරීම ගැන අපට ගත හැකි හොඳ ම ආදර්ශයක්‌ වන්නේ ඔහු ය. මෙම ලිපිය අමිත් මුනින්ද්‍රදාසයන්ට උපහාරයක්ම වේවා..!

මේ සටහන උපුටා ගත්තේ : මෙතැතින්
වැඩි විස්තර සඳහා : මෙතැනින්
මේකත් උදව් වුනා: මෙතැතින්
ඡායාරූප දෙක: 1වැන්න 2වැන්න

31 comments:

  1. මමත් මෙතුමා ගැන අහල තියෙනව..හිත හොඳ අවංක මනුස්සයෙක්.හිටියෙ41යි.එකසිය විස්සක වැඩ කරල තියෙනව ඒ කාලෙට.මරණෙ සැකයි කියල ඒ කාලෙ කතාවක් ගියා.ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ?

    මේ පෝස්ට් එකෙ නැති කතාවකුත් කියන්නංකො.
    අමිත් මහත්තය කැම්පස් ඉන්න කාලෙ සිද්දියක්.මෙතුමා අනිත් බැචාලට වඩා ටිකක් උස මහතින් වැඩිනෙ.ඉතින් බස් වල එහෙම යද්දි හරි කරදරයිලු.ඒ කාලෙ තිබ්බ පොඩි බස් ඒ කියන්නෙ බස් බාග වල අමිත් මහත්තයට යන්න හෙන අමාරුයිලු.එනිසා මෙයා පැය ගානක් වුනත් බස් හෝල්ට් එකට වෙලා ඉන්නවලු ලොකු සී ටී බී එකක් එනකම්.ලොකු බස් වලට කියල තියෙන්නෙ මහා යාන කියලනෙ.බැච් එකෙ අය මෙතුමට තවත් නමක් දැම්මලු ප්‍රොෆ් මහායාන කියල :D

    ReplyDelete
    Replies
    1. මරණෙට හේතුව නං දන්නෑ බටපොලමහත්තයෝ, මට හිතෙන්නෙ නං හොඳ වැඩකාරයෙක් නිසා ලංකාවට යමක් ලැබෙන්න කලින් එලොවට යවන්න ඇති. උපාලි විජේවර්ධන, සේනක බිබිලෙ වගේ අයටත් වුනේ මේ ටිකම තමයි. ප්‍රොෆ් මහායාන කතාව නං මරු ඈ, බොහෝම ස්තූතියි ඇවිල්ල කොමෙන්ටුවක් දාල යමක් එකතු කරල ගියාට. ජය ශ්‍රී හොඳේ...!!

      Delete
    2. ආ කියන්න අමතක උනා. මට මතක විදියට මෙහෙම කතාවක්නම් ගියා. ඔහු ඊශ්‍රායලයට ගිහින් තියෙන්නේ ආයුධ සම්බන්ධ වැඩ වගයකටනේ (නිතරම මෙහෙම යනවලු. ඒ යුද්ධේ උපරිමේට ගිය කාලයක් නේ). ඒවායේ තත්ත්වය පිරික්සලා ආරක්ෂක අංශවලට මිල දී ගන්න සුදුසුද කියලා බලන්න. ඔහු ඒවා නුසුදුසුයි කියලා තීරණය කරාලු. ඒ සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මෙහෙම කරන්න ඇති කියලා සැකයක් තිබුනා.

      Delete
    3. අයියෝ එහෙමද...? අපරාදෙ..! ආයුධ නුසුදුසුයි නම් ඒ මනුස්සය මොනව කරන්නද..? කොහේවත් ඉන්න මිනිස්සුන්ගෙ(ඊශ්‍රායලය) සල්ලි තණ්හාවයි බල තණ්හාවයි නිසා වටිනා මිනිස්සු තමයි බිලිවෙන්නෙ. ස්තූතියි සයුරි අක්කා අලුතින් යමක් එකතු කරල දීපු සහයෝගයට. ජය ශ්‍රී හොඳේ...!

      Delete
    4. ඔව් බන්..අත් ට්‍රැක්ටරේ හෙවත් ලෑන්ඩ් මාස්ටරේ මුලින්ම හැදුවෙ ලංකාවෙ කියල දන්නෙ කීයෙන් කී දෙනාද?කිව්වත් විශ්වාස කරන්නෙ නෑ එකපාරටම.අපෙ උන්දැලාගෙ හීන මානෙ තමයි ඒකටනම් හේතුව..
      ලංකාවෙ ඉපදුන මේ වගේ අයට වෙන රටවල ඈයො කැමති නෑ!!

      //සල්ලි තණ්හාවයි බල තණ්හාවයි නිසා වටිනා මිනිස්සු තමයි බිලිවෙන්නෙ//
      ඔය ගැන කතාකරනවනම් පැය ගනන් කතා කරතෑකි..අන්තිමට වෙන්නෙ අපෙ වැඩකාරයො අපට නැතිවෙන එක විතරයි..

      සයුරි අක්කියත් දන්න දේවල් ඈ ;)

      Delete
    5. අන්න නියම තැන බටපොලයෝ, අත්ට්‍රැක්ටරේ ලංකාවෙ හැදුව කියල දන්නෙත් නෑනෙ හුඟ දෙනෙක්, උඹ කියන්නත් වගේ හීනමානෙ නිසා අපේ මිනිහෙක් කරපු වැඩක් කරා කියල පිළිගන්නත් සමහරු අකමැතියි.
      //ලංකාවෙ ඉපදුන මේ වගේ අයට වෙන රටවල ඈයො කැමති නෑ!!// සහතික ඇත්ත, උන් බලන්නෙ අනිත් මිනිහ මරල හරි තමන්ගෙ ව්‍යාපාර වල මට්ටම රැකගන්න. බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී..!!

      Delete
  2. මන්ඩි මල්ලි, ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා...හැමෝටම අමතක වෙලා යන වටින මනුස්සයෙක් ගැන මෙහෙම ලිව්වට.

    එතුමාගෙන් ඉගනගැනීමේ වාසනාව මටත් ලැබුනා. ඒ එලෙක්ට්‍රොනික විද්‍යාව සහ ෆොටෝග්‍රැපි (විෂය බාහිර විෂයක් විදියට අපි ෆොටෝග්‍රැපි කරා). ඔහු සිංහරාජේ කරක්ගහලා දවස් ගණන් වෙහෙසිලා ගත්තු සතුන්ගේ පින්තුර අපිට පෙන්නුවේ හරිම ආඩම්බරෙන්. "ඇනකොන්ඩා" කියල තමයි අපිත් කිව්වේ. :)) කොන්ඩේ ගෙඩියක් ගහගෙන තමයි ඔහු කැම්පස් එන්නේ....

    ප්‍රශ්න පත්‍ර ගැනනම් කතා කරලා වැඩක් නෑ. ෆොටෝග්‍රැපි වලට හැමෝටම වගේ B+ තමයි දීලා තිබුනේ...හිහි.

    එතුමා අලින්ගේ සන්නිවේදනයත් අධ්‍යයනය කරා නේද? අලින්ට වෙන අනතුරු වලින් බේර ගන්න (උදා: කොච්චි පාරවල් අසල) උන්ට අනතුරු අඟවන්න ක්‍රමයක් ඔහු සැලසුම් කරා කියලා මට මතකයි. හරියටම මතකයක් නෑ.

    නැවතත්, ඔයාට ගොඩක්ම ස්තුතියි මන්ඩි මලේ....ජය ශ්‍රී වේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කේ අගය කිරීමට, ඔයා මෙතුමාගෙං ඉගෙන ගත්ත කියන්නෙ මාර වාසනාවක් තමයි. සිකේ.... මට මේ වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පිනක් නෑනෙ අප්පා. අයියෝ අක්කේ අලින්ගෙ සන්නිවේදනය ගැන කතාව මට ලියන්න අමතක වුනානෙ. බොහෝම ස්තූතියි මතක් කලාට. මගේ මතකෙ තියෙන හැටියට මම මෙතන ඒ ටික ලියන්නම්. මෙතුමා අලින්ගේ සන්නිවේදනය සම්බන්ධව සෑහෙන පර්යේෂණ ප්‍රමාණයක් කරපු පුද්ගලයෙක්. ඒවායේ ප්‍රථිපලයක් හැටියට මෙතුමා කෝච්චි වලට සවි කරන්න නලාවක්(හෝන් එකක්) නිර්මාණය කලා. අලියෙක් අනතුරක් ලඟ ඇති බව තමන්ට දැනුනම ඒ බව තවත් අලියෙකුට දැනුම් දෙන හඬේ සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් යුතුව තමයි මේ නලාවෙන් හඬ නිකුත් වෙන්නෙ. එතකොට මේ හෝන් එකේ හඬෙන් පුළුවං අනතුරක් ලඟබව අලියෙකුට දැනුම් දෙන්න. එතකොට අලිය එතනින් ඉවත් වෙනව. දුම්රියේ සාමාන්‍ය නලාවට අලිය ඉවත් නොවෙන්නෙ ඒ හඬෙන් ඌට තේරුම් ගන්න අපහසුයි අනතුරක් ලඟ කියල, ඒකයි අලින් සෑහෙන ප්‍රමාණයක් දුම්රියවල ගැටෙන්නෙ. තව කතාවක් මතක් වුනා, මෙතුමා වන ජීවීන්ට දක්වපු ඇල්ම හා ආදරය නිසා සැප පහසු වාහන වෙනුවට භාවිතා කලේ කැලේ ගමන් කල හැකි ජීප් රථයක්ලු. ඔන්න ඔය ටික තමයි අලුතෙං මතක් වුනේ. වැරැද්දක් තියේ නං නිවැරදි කරන්නකෝ. අගය කිරීමට නැවත වාරයක් ස්තූතියි අක්කේ, ජය ශ්‍රී...!!!

      Delete
    2. සයුරී පටන් ගත්ත ‍රැල්ල හරිම වටිනවා.මේවා අපි කථා අඩුවෙන්ම කථා කරනඩ් දේවල්.හරිම වැදගත් පෝස්ට් එකක්

      Delete
  3. මගේ විශ්විද්‍යාල ජීවිතයේ හම්බ වුන මම වැඩියෙන්ම ගරු කරන ගුරුවරයෙක් තමයි මේ. හරිම නිහතමානී මනුස්සයෙක්. නැති වුන එක නම් හරිම අපරාදයක්. විභාග කොහොම උනත් උගන්නපු දේ හරියට ඉගැන්නුව.

    ReplyDelete
    Replies
    1. සාලිය අයිය අදමද මන්ද මේ පැත්තට ආවේ, සාදරයෙන් පිළිගත්ත ඕං..!! මුනින්ද්‍රදාසයන්ගෙන් අධ්‍යාපනය ලබන්න තරම් වාසනාවක් ඔයාට ලැබීම ගැන සතුටුයි. //විභාග කොහොම උනත් උගන්නපු දේ හරියට ඉගැන්නුව.// මේ කතාව මෙතුමාගෙන් ඉගෙන ගත්තු හැම ශිෂ්‍ය/ශිෂ්‍යාවක්ම පවසන කතාවක්. එයින් පේනව එතුමාගේ විශිෂ්ඨත්වය. බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!

      Delete
    2. ඔව් මල්ලි, කලින් ඇවිල්ල තිබුනෙ නෑනෙ. තව දෙයක් මතක් උනා මේ සර් ගැන. ඉස්සර දවසක් කැම්පස් එකට ආමි ජීප්වලින් ඇවිත් කාව හරි අරගෙන ගියා. අපි බලන් උන්නේ මොකද්ද වෙන්නේ කියල. පස්සෙ තමයි දන ගත්තෙ ඒ ඇවිත් තිබුනෙ සර් එක්කගෙන යන්න කියල :D

      Delete
    3. ආ.... ඒ අවිආයුධ සම්බන්ධ වැඩකට වෙන්න ඇතිනේ, ජය ශ්‍රී....!!

      Delete
  4. අහලා තියෙන විදියට මෙතුමා තමයි ලංකාවට ගෙනාපු මල්ටි බැරල් වල තිබ්බ දෝෂ හරි ගස්සලා හොඳ තත්වෙට අරං තියෙන්නේ...කියලා නිමකරන්න බැරි වටින මේ වගේ මිනිස්සු අකාලේ මිය ගියේ නිකංම වෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මල්ටි බැරල් කතාව මම දැනගෙන හිටියෙ නෑ නොඳුටුවෝ, බොහෝම ස්තූතියි අලුතෙන් යමක් එකතු කලාට. //මේ වගේ මිනිස්සු අකාලේ මිය ගියේ නිකංම වෙන්න බෑ..// මේ කතාව නං ඇත්ත නොඳටුවෝ, මේව පිටිපස්සෙ විවිධ දේවල් ඇති. බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී..!!

      Delete
    2. ගෙනාපු උන් කොමිස් එක අරගෙන මාරු උනා..මේ උත්තමයගේ දැනුමෙන් තමා ඒවා යථා තත්වෙට ගත්තේ...අහන්න දෙයක් නෑ නේ ඉතිං ඉලෙක්ට්‍රොනික්ස් කිව්වම මෙතුමට කජු වගේ නේ....

      Delete
    3. ඒක වෙන්න පුළුවං නොඳුටුවෝ, මෙතුමා නොසිටින්න සමහර විට ඒ මල්ටි බැරල් ටිකත් පැත්තකට දාල දිරාපත් වෙන්න ඉඩ තිබුණ සමහර කෝච්චි ඇංජින් වලට කරනව වගේ... ජය ශ්‍රී...!!

      Delete
  5. Replies
    1. බොහෝම ස්තූතියි තරුවා කොමන්ටුවට, අපේ රටේ කෙනෙක් නිසා වටිනාකම තවත් වැඩිවෙයි මයෙ හිතේ, ජය ශ්‍රී..!!

      Delete
  6. උඹ මේක දාපු වෙලේම මම ඇවිල්ලා කියෙව්වා ඒත් කොමෙන්ට් කරන්න මගේ ප්‍රොෆයිල් එක මෙතන්ට වැටෙන්නැ බං දන්න හැම සෙල්ලමක්ම දැම්මත්....

    ඇත්තම කියනවනම් මන්ඩියෝ මෙතුමා ගැන මම අහපු මුල්ම වතාව තමයි මේක.මේ ටික කියවද්දි මෙහෙම මිනිස්සු ලංකාවේ හිටියද කියලා පුදුමත් හිතුනා... ඒත් එක පාරටම අපිට ඒ සම්පත නැතිවුනු එක ගැන නම් පුදුම කලකිරීමක් ඇතිවුනේ.... අර අලි නලාව ගැන මම අහලා තිබ්බට ඒකේ පුරෝගාමියා කවුද කියලා අහලා තිබුනේ නෑනේ... දැනට ඒ අලි නලාවේ කේස් එක පාවිච්චි වෙන්නේ නැද්ද මන්දා...

    මෙහෙම මිනිස්සු මේ කාලේ බිහිවෙනවද කියලා අහන්නවත් නෑ.මට මේක කියවද්දි මතක්වුනා මැලේසියාවට කොම්පියුටර් කියන්නේ මොකක්ද කියලා පෙන්නපු ලාංකීය ඉංජිනේරුවා.ඒ කාලේ මැලේසියානුවෝ කොම්පියුටර් ගැන අහලවත් නෑලු. ඒත් ඒ කාලේ ලංකාවේ එව්වා පාවිච්චි කරලත් තියෙනවා.... ඒත් දැන්??

    උඹට බොහෝම පිං මේ වගේ මනුස්සයෙක්ව මතක් කරලා දුන්නට.... අද දවසට වැදගත් පුද්ගලයෝ දෙන්නෙක් ගැන ඉගෙන ගත්තා

    ReplyDelete
  7. මමත් මෙතුමා ගැන ඔය අහුවමයි.. අපේ අවාසනාව.. එහෙන් සේනක බිබිලේ මහත්මයා, මෙහෙන් මෙතුමා. තව කී දෙනෙක් අපිට ඔහොම අහිමි වෙලා ඇත්ද ?

    ReplyDelete
  8. කවුරු උනත් රටක් වටින මනුස්සයෙක්! :)

    ReplyDelete
  9. මෙවන් වටිනා කියන මිනිසෙක්ගේ නික්ම යාම ගැන කණගාටුයි. එතුමාගෙන් ලබාගත හැකි සේවය උපරිමයෙන් ලබා ගත්තාද කියන එක සැක සහිතයි.

    …ලාංකිකයන් වෙන අපිට හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ වගේ තත්වයක්. වටිනා කියන පුද්ගලයන් අඩු වයසෙන් නික්මයාම වගේම ඔවුන්ගෙන් නිසියාකාර සේවයක් ලබාගන්න පාලකයන් අපොහොසත් වීම

    ReplyDelete
  10. අපි මොර‍ටුවට යනකොටම තමා එතුමා වියෝ උනේ. එතුමාගෙ වියො වෙච්ච දවස් වල අපේ සින්නො හිටියෙ ලොකු අප්සෙට් එකේ. අපිට එතුමා ගැන අවබෝධයක් තිබුනෙ නෑ. පස්සෙ තමා එතුමා ගැන දැන ගත්තෙ.....

    ReplyDelete
  11. https://www.facebook.com/photo.php?fbid=2939633103183&set=a.1636076355079.74378.1631829997&type=3&src=https%3A%2F%2Ffbcdn-sphotos-e-a.akamaihd.net%2Fhphotos-ak-ash3%2F478319_2939633103183_1661264174_o.jpg&smallsrc=https%3A%2F%2Ffbcdn-sphotos-e-a.akamaihd.net%2Fhphotos-ak-ash3%2F560650_2939633103183_1661264174_n.jpg&size=745%2C1053

    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් ගැන පාසලේ සඟරාවකට මා ලියූ ලිපියක් පසු කාලීනව මම බුකියට එක් කළා.. පසුව ඒ ලිපිය බොහෝ බ්ලොග් අඩවි මඟින් හා වෙබ් අඩවි මඟින් පළ වුණා.. මේ ඒ ලිපියයි. රටට අකාලයේ අහිමි වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක්..

    ReplyDelete
  12. ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහත්තයා තමයි යුද සමයේදී ලංකාවට ඩොලර් මිලියන ගණනක් ඉතිරි කරලා දුන්නු බුද්ධිමතා. එතුමා ආරක්ෂක අමාත්‍යාංශයයේ උපදේශකයේක්. පිටරටට ඩොලර් කුට්ටි පිටින් දීල කරගන්න ඕනි අලුත්වැඩියා මෙතුමා තනියෙන් තමුන්ගේ අත් දෙකෙන්ම කළා. කව්රුත් නොදන්න්න නොකියන කතාව තමයි මෙතුමා ඔය කියන ඔක්කොටම අමතරව ලංකාවට හිටිය හොදම ආයුධ විශේෂඥයා කියලා.(තව ප්‍රධාන 4 දෙනෙක් ආයුද විශේෂඥයෝ හිටියට එයාලට නට් එකක්වත් තදකරගන්න බෑ).
    ඒ වගේම මම අහලා තියෙනවා ආචාර්ය උපාධිය ලිවර්පූල් සරසවියෙන් ගත්තේ රැජිනගෙන්, ජාතික ඇදුම ඇදගෙන කොන්ඩේ ගැටගහගෙන කියලා.
    කොහොම නමුත් මෙතුමාගේ අකල් මරණය අපේ මුලු ජාතියේම අභාග්‍යයක්. .!!!!

    ReplyDelete
  13. Thanks a lot for the post. He was a great man no doubt... may he attain Nirvana...

    ReplyDelete
  14. Thank you all for posting this article and comments. I have not heard of this genius son of Lanka until I read this. Thanks a lot

    ReplyDelete
  15. අදට වසර 12 ක් සම්පුර්ණ වෙනවා. එතුමාගේ ජිවිත කතාව කවුරුහරි ලියනවා නම් හොදයි . සර්ගේ නොනාගෙන් ඇහුවාම එතුමිය කිව්වා පොතක් ලියන බව.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...