Thursday, December 15, 2011

මන්ඩිපාල ගැන පොඩ්ඩක්...



අපේ අම්මයි තාත්තයි දෙන්නම ආණ්ඩුවෙ රස්සා කරන උදවිය, මම තමයි පවුලේ වැඩිමලා. මම මේ කියන්න යන්නෙ මම හිංචි එකා කාලෙ වෙච්ච වැඩක්. අපේ ගෙදර තේ හැදුවම හැමෝම එකට තේ බොන්නෙ, මම පවුලෙ වැඩිමලා නිසා මම හිංචි එකා කාලෙ අපේ ගෙදරින් ප්ලේන් ටී බොන්නෙ අම්මයි තාත්තයි විතරයි, අනෙක අපි තුන් දෙනා විතරයිනෙ ගෙදර. මට ඒ කාලෙ කිසිම දෙයක් කවන්න බෑලු, කැව්වට කන්නෑලු. අඩුම ගානෙ කිරි එකක් හදල දුන්නට බොන්නෙත් නෑලු වැඩිය, ඒ සිද්දිය එහෙමෙයි කියමු. අපේ අම්මයි තාත්තයි ඒ කාලෙ තේ බොන කොට මම කොහේ හිටියත් ඇවිල්ල තාත්ගෙ උකුලෙන් වාඩි වෙනවලු, වාඩිවෙලා ඉන්නවලු දෙන්න තේ බොනකන්. සද්ද නැතුව හිටියට මම ඉන්නෙ අම්මගෙයි තාත්තගෙයි තේ කෝප්ප දෙකට ඇහැ දාගෙනලු. ඹහොම ඉදල ඉදල ඉක්මනටම තේ බීල ඉවර වෙන කෙනාගෙ කෝප්පෙ කොහොම හරි අඩල අඩල දගලල උදුරගෙන මන්ඩිටික මම බොනවලු, බීල වීරය වගේ කියනවලු මම තමයි තේ කෝප්පෙම බිව්ව කියල. මට කොච්චර එපා කිව්වත් මම ඒ වැඩේ නවත්තන්නෙම නෑලු. ඹය සිද්දිය නවත්ත ගන්න ඹ්නෙ නිසා ඒ කාලෙ අම්මයි තාත්තයි මට මන්ඩිපාල කියල විහිලු කරාලු, ඒ කාලෙ ඒ නම කිව්වම මට තද වෙනවයි කියල තමයි අම්ම කියන්නෙ. කොහොම හරි නම කියන නිසා මම අන්තිමට මන්ඩි බොන එක නැවැත්තුවලු….

7 comments:

  1. හික් හික් මන්ඩි බොන එකෙක් ගැන ඇහුවමයි බොල....රස කොහොමද කියන්න පුළුවන්නම් වටිනවා එළවළු ඉස්ට්‍රයික් මේ කාලේ මන්ඩි බීලවත් ජීවත් වෙන්න බැරියැයි....

    ReplyDelete
  2. @ගැමියාගේ පත් ඉරුව : පට්ට රසයි කිවිවට මොකද, එහෙමත් බීමක් ලොවෙත් නෑ... යකෝ ප්ලේන්ටියට වඩා රහ තියෙන්නෙ මන්ඩියෙයි කියන්නෙ නිකංයැ බොල.. හැක් හැක් හැක්...

    ReplyDelete
  3. තේ රොඩුත් එක්ක මන්ඩි මාර රහ ඇති නේද..... හික් හික්

    ReplyDelete
  4. @Harshana ayya,
    හැක් හැක්... පට්ට රහයි කියන්නෙ අයියේ, හිර කරගන්නැතුව ගහන්න පුළුවන්නම් පට්ටම පාර..

    ReplyDelete
  5. එළ එළ මණ්ඩියෝ... ලියමුකෝ මණ්ඩි වගේ රස කථා ටිකක්!!!

    ReplyDelete
  6. ඔයාල කියවනව නම් ලියන්නම්කො ඇට්ටිහැලෙන්න.. හැක්... හැක්...

    ReplyDelete
  7. තේ කොළ මණ්ඩි හුඟක් ගුණද :D

    සුභ පැතුම් සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට

    කාලෝ අයන්තේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...