විනාඩි විස්සක පමණ ගමනකින් පසුව මෝටර් රථය පෙන්ටගනයට ලඟා විය. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවන විට මෝටර් රථය එක්තරා කාමරයක් හරහා ගෙන යන ලෙස ආරක්ෂක නිලධාරී තැන විසින් රියදුරාට අණ කෙරෙනි. එම කාමරය තුලින් යන විට මෝටර් රථය පූර්ණ පරීක්ෂණයකට ලක් කෙරේ, එය ස්වයංක්‍රීයව සිදුවන්නකි. පරීක්ෂණය සමත් වු විට කාමරයේ ඊලඟ දොර ඇරේ, එයින් පිට විය හැක. වින්ස්ටන්ට් හා ෆෙඩ්රික් රැගත් මෝටර් රථය කිසිඳු ගැටලුවකින් තොරව මෙයින් පිටවිය. පෙන්ටගනයේ අමුත්තන් පිළිගැනීම සඳහා වන දොරටුව අසල මෝටර් රථය නතර කෙරිනි, ආරක්ෂක නිලධාරියෙක්විත් මෝටර් රථයේ පසුපස දොර ඇරියේය. ෆෙඩ්රික් හා වින්ස්ටන්ට් පිළිගැනීමට පෝල් ද එතැන සිටියේය. වින්ස්ටන්ට් මෝටර් රථයෙන් බැසගත් විගස පෝල් අතට අත දී සාදරයෙන් පිලිගත්තේය.
"සුභ උදෑසනක් වින්ස්ටන්ට් මහත්මයා..."
"ඔබටත් සුභ උදෑසනක් පෝල් මහත්මයා..."
ෆෙඩ්රික්ටද ඒ හා සමාන පිලිගැනීමක් පෝල්ගෙන් ලැබිනි. වින්ස්ටන්ට් බොහොම සැහැල්ලුවෙන් මෙන් වටපිට බැලුවේය.
"අපි යමු වින්ස්ටන්ට් මහත්මයා, සියලු කටයුතු සූදානම් කරල තියෙන්නෙ..." පෝල් පැවසුවේය.
තිදෙනාම ඇතුලට ගියේය. ඉතා දිගු කොරිඩෝවක් දිගේ පෝල් හා පිරිස ඇවිද ගිය අතර මග දෙපසම එකම ස්වරූපයෙන් යුත් කාර්යාලයීය කාමර පෝලිමට පිහිටා ඇත, නමුත් ඇතුල නොපෙනේ. සෑම දොරකම කුඩා ස්පර්ශක තිරයක් වැනි යමක් තිබේ. පෝල් එක්වරම එක් කාර්යාලීය කාමරයක් අසල නැවතින, මෙම කාමරයේ දොරෙහි වූ කුඩා ස්පර්ශක තිරය මත පෝල් තම වම් අතේ මහපට ඇඟිල්ල තැබූ විට එහි දොර ස්වයංක්‍රීයව විවෘත විය, සැබැවින්ම එය විදුලි සෝපානයකි. නමුත් ඒ වගක් බැලූ බැල්මට නොලෙනේ. විදුලි සෝපානයෙන් ඉහළ මාලයට පැමිණි විගස තිදෙනාම සාකච්ඡා පැවැත්වෙන ස්ථානයට ගියේය.
වින්ස්ටන්ට් මීට පෙර මෙම ස්ථානට පැමිණ ඇතත් ඒ එක් එක් අවස්ථාවේදී පැමිණියේ එක් එක් මාර්ග වලිනි. කිසිම විටක එකම සෝපානය දෙවරක් භාවිත කල බවක් ඔහුට මතක නැත, එමෙන්ම ඉහලට ගිය සෝපානයෙන් පහලට ආ බවක්ද ඔහුට මතක නැත. වින්ස්ටන්ට් පේන්ටගනය හා ගනුදෙනු කල මුල් දවසේ පටන් අද දක්වාම එහි විශේෂ මෙහෙයුම් සම්බන්ධීකරන නිළධාරියා ලෙස වින්ස්ටන්ට්ට මුණගැසුනේ පෝල්ය. පෝල් සමඟ වින්ස්ටන්ට් පෙන්ටගනයේ රැස්වීම් වලට සහභාගී වූ වාර ගණන අතේ ඇඟිලි ගණන මෙන් දහගුණයකටත් වඩා වැඩිය. නමුත් පෝල්ගේ උපකාරයක් නොමැතිව වින්ස්ටන්ට්ට තවමත් පෙන්ටගනය තුල සැරි සැරීමට නොහැක, පෝල් වින්ස්ට්ටන්ට්ද කැටුව පෙන්ටගනය තුල සැරිසරන්නෙ එම හැකියාව ලබා ගැනීමට නොහැකි වන පරිදිය. මෙය පෙන්ටගනයේ ආරක්ෂාව වෙනුවෙන් පෝල් අනුගමනය කරන ක්‍රියාදාමයක් බව වින්ස්ටන්ට් හොඳාකාරවම දනී. වින්ස්ටන්ට්, ෆෙඩ්රික් හා පෝල් සාකච්ඡා පැවැත්වෙන ස්ථානයේ අසුන්ගෙන තත්පර කිහිපයකින් පෙන්ටගනයේ ප්‍රධාන නිළධාරීතැන ඇතුලු නිළධාරීන් දහදෙනෙක් පමිණ පැමිණ අසුන්ගත්තෝය. පෙන්ටගනයේ ප්‍රධාන ආරක්ෂක නිළධාරීතැන මුලසුන හෙබවීය. පසුව සාකච්ඡාව ආරම්භ විය. ප්‍රධාන නිළධාරීතැන තම මෙහෙයුම හා එහි මූලික ඉලක්කයන් පැහැදිලිකලේය. සෙසු නිළධාරීන්, පෝල් හා ෆෙඩ්රික්ද තම අදහස් ප්‍රකාශ කල පසු වින්ස්ටන්ට්ගේ අදහස පැහැදිලි කිරීමට අවස්ථාව ලැබුනි. සියලු දෙනාම ඔහුගෙන් විමසා සිටියේ මෙම ක්‍රියාදාමය හොඳින් හෝ නරකින් සාර්ථක කර ගැනීමට තාක්ෂණය කෙසේ භාවිතා කල හැකිද යන්නයි, ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ හා නිශ්පාදන කටයුතු වෙනුවෙන් පෙන්ටගනයේ අධිතාක්ෂණීක විද්‍යාගාර භාවිතා කල හැකි බවත් තව ඕනෑ තරම් මුදලක් මේ වෙනුවෙන් වැය කිරීමට ඇමෙරිකානු පාලනාධිකාරිය සූදානම් බවත් අවසානයේ කෙසේ හෝ මෙම කටයුත්ත සාර්ථක විය යුතු බවත් වැඩි දුරටත් කියා සිටියේය.
ඉන්පසු වින්ස්ටන්ට් මෙහි ඇති අනිසිවිපාක හා හානිකර තත්වයන් පැහැදිලි කිරීමට කෙතරම් උත්සාහ දැරුවද එය නිශ්පල විය. මෙය ඇමෙරිකානු පාලනාධිකාරිය විසින් තමාට ලබාදී ඇති රාජකාරී කටයුත්තක් බැවින් මෙය වෙනස් කිරීම තමාට කිසිසේත් සිදුකල නොහැකි බවත් සිදුකල හැකි එකම දෙය මෙය ක්‍රියාත්මක කිරීම බවත් මුලසුනේ එකම ප්‍රකාශය විය. තමාට මෙයින් ගැලවීමට කිසි විටකත් නොහැකි බව වින්ස්ටන්ට්ට හොඳන්ම වැටහී ගියේය. අනතුරුව සියලු දෙනාම වින්ස්ටන්ට්ගෙන් විමසූ ගැටලුව වූයේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් කොතරම් මුදලක් අවශ්‍යද යන්නයි. මේ සඳහා අතිවිශාල මුදලක් අයකලයුතු බව ප්‍රකාශ කිරීම තුලින් මෙම කොන්ත්‍රාත්තුව වෙනත් විද්‍යාඥයෙකු පිට පටවා තමාට නිදහස් විය හැකිනේදැයි වින්ස්ටන්ට්ට සිතිනි. වින්ස්ට්ටන්ට් මඳක් කල්පනාකොට තම මුදල ඉදිරිපත් කලේය, එහි වටිනාකම මෙම ව්‍යාපෘතිය සඳහා වන සාධාරණ මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
"නෑ වින්ස්ටන්ට් මහත්මයා එහෙම නෙමෙයි, අපි ඔබේ මේ මුදලට අමතරව තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 80ක් කොන්ත්‍රාත්තුව වශයෙන් ඔබට ගෙවන්න සූදානම්...." යැයි ඇස් ලොකු කරමින් ප්‍රධාන නිළධාරීතැන පැවසීය.
සෙසු නිලධාරීන් මුහුණට මුහුණ බලන්න විය. සැබැවින්ම එතරම් මුදලක් මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ඇමෙරිකානු පාලනාධිකාරිය විසින් වෙන්කර තිබිණි. එය ඇසූ විට වින්ස්ටන්ට් ගැස්සී තොලකට වේලී ගියේය, ඔහු එක් වරම බිම බලාගත්තේය.
"නෑ... මේ... මම කියන්න හැදුවෙ මහත්වරුනි...." වින්ස්ටන්ට් යමක් කීමට උත්සාහ දැරීය.
"ඔව්, හරි වින්ස්ටන්ට් මහත්මයා... අපි මේ මුලු මුදලින් හරි අඩක් අත්තිකාරම් වශයෙන් ඔබේ බැංකු ගිණුමට බැර කරනව, දැන් ඔබ නිවසට යන අතරතුර බැංකු ගිණුම පරීක්ෂා කරන්න... ඉතිරි මුදල් ඔබේ සැලසුම් හා නිර්මාණ කටයුතු අවසාන වූ වහාම ගෙවනව...." වින්ස්ටන්ට්ට වචනයක්වත් කීමට ඉඩනොදී ප්‍රධාන නිලධාරීතැන එක හුස්මට කියාගෙන ගියේය.
පෙන්ටගනයේ නිළධාරීන්ට වින්ස්ටන්ට් ගැන කිසිඳු සැකකයක් නැත, වින්ස්ටන්ට් මෙම කර්තව්‍යය තුල සිටියහොත් අනිවාර්යෙන්ම මෙය සාර්ථක වන බව ඔවුන් හොඳාකාරවම දනී. නමුත් මෙම කර්තව්‍යයට වින්ස්ටන්ට් අදිමදි කරන බව පෙන්ටගනයේ ප්‍රධානීන් වෙත ෆෙඩ්රික් විසින් කල්තියාම දැනුම් දී තිබිනි. එබැවින් වින්ස්ටන්ට්ට මෙයින් ගැලවී යාමට නොහැකි වන ලෙස ඔහු සමඟ ගනුදෙනු කලයුතු බව පෙන්ටගනයේ ප්‍රධානීන්ගේ තීරණය විය. තමාට මෙයින් ගැලවිය නොහැකි බව දැන් වින්ස්ටන්ට්ටද සක්සුදක් සේ පැහැදිලිය. මෙයින් ගැලවීමට මීට වඩා උත්සාහ දැරීම තමාට තර්ජනයක් විය හැකි බවද වින්ස්ටන්ට්ට වැටහී ගියේය. වින්ස්ටන්ට් නිහඬව සිටියේය.
"හරි වින්ස්ටන්ට් මහත්මයා ව්‍යාපෘති වාර්තාව හා මූලික සැලසුම් ඉදිරිපත් කිරීමට ඔබට කොතරම් කල් අවශ්‍යද...?" ප්‍රධාන ආරක්ෂක නිලධාරීතැන විමසා සිටියේය.
"ම්........ සමහර විට මාස එකහමාරක් පමණ අවශ්‍ය වෙයි කටුවට සැලසුම් කරගන්න... කොහොමත් මාස දෙකක් දෙකක් විතර ඕනෙ වැඩේට, මොකද මීට වඩා කල් අරන් සැලසුම් කරන්නත් බෑනෙ සම්පූර්ණ මෙහෙයුමට ලැබිල තියෙන කාල පරාසයත් එක්ක බැලුවම... මාස දෙකකින් සම්පූර්ණ සැලසුමක් ඉදිරිපත් කරන්නම්... ඊට පස්සෙ මාස දහයක් ඇතුලත වගේ නිර්මාණ කටයුතු අවසන් කලොත් මෙහෙයුමට තව මාස අටක් තියෙනව... ඒ කාල සීමාව ඇතුලත සියලුම උපකරණ නැවත පරීක්ෂා කරන්න පුළුවන්..." වින්ස්ටන්ට් මඳක් කල්පනා කොට පැවසුවේය.
මතු සම්බන්ධයි..
______________________________________________________________________________
නිහඩ මෙහෙයුම -
නිහඩ මෙහෙයුම යනු හුදෙක්ම මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතා මාලාවකි. මෙය මුලුමනින්ම මාගේ ස්වයං නිර්මාණයක් වන අතර සියලුම සිදුවීම් හා නම් මනඃකල්පිතය.
ප.ලි. අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....
ප.ලි. අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....
ම්ම්ම්ම්....හොදයි...
ReplyDeleteබොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට.. මතු සම්බන්ධයි හොඳේ... ජය ශ්‍රී...!!!
Deleteනියමයි.... අනෙත් කොටසත් දාන්න..
ReplyDeleteඅද වෙන්ටැ මේ පැත්තට ආවෙ, බොහෝම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන.. සාදරයෙන් පිලිගත්ත ඕං.. බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට.. ජය ශ්‍රී...!!!
Deleteපළවෙනි කොටස කියවල කොමෙන්ට් එකක් දාන්න අමතක වෙලා, දෙවෙනි කොටස කොහොමින් හරි මිස් වෙලා, මේ කොටසත් කියවන්න වෙලාවක් වුනේ නෑ. කොටස් තුනම හෙමීට කියවල ආයෙමත් එන්නං.
ReplyDeleteඅම්මේ... ඔබා මාමට ඉතින් සෙල්ලං වැඩ කොටසක්යැ තියෙන්නෙ, අපි නම් ඉතින් තාම කොලු පැටවු, ඒකට ඔබා මාම... කමක් නෑ කමක් නෑ... මෙහෙම හරි මේ පැත්තට ආපු එක ගැන සතුටුයි, බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට... කොටස් තුනම හෙමීට කියවල එන්නකො එහෙනම්, ඊලඟ කොටසත් මග එනව හොඳේ... ජය ශ්‍රී...!!!
Deleteඅද තමා මුලින්ම ආවේ!හෙමිහිට කියවල කමෙන්ට් පාරක් දාන්නම්කො!:))
ReplyDeleteබොහෝම සතුටුයි ඈ මේ පැත්තට ආපු එක ගැන.. සාදරයෙන් පිලිගත්ත ඕං... හෙමිට කියවල කොමෙන්ට් පාරක් දාන්නකො එහෙනම්, මේ කොමෙන්ටුවටත් බොහෝම ස්තුතියි... ඊලඟ කොටසත් මග එනව හොඳේ.. ජය ශ්‍රී...!!!!
Deleteමල්ලි උපදෙස් ටික පිලිපදලා... අද පැහැදිලියි. දිගටම ලියන්න... ජය වේවා!!! ආයෙත් පාරක් ඔයාගේ මන්ඩිපාල වැඩේට ස්තුතියි...
ReplyDeleteඅක්කේ බොහෝම ස්තූතියි ඈ කලින් ලිපියෙ අඩුපාඩු පෙන්නල දුන්නට, ඕං මම මේකෙදි ඒ ටික හදා ගත්ත... මන්ඩිපාල වැඩේ කිව්වෙ අර කමෙන්ට් අස්සෙ ලින්ක් කතාව වෙන්ටැ, ඒක ඇහුවම මම හිංචි එකා කාලෙ ඇහිච්ච සිංදුවක් මතක් වුනා...
Deleteඉංගිරීසි කලිසමයි, පාවහන් දා තියෙයි
ඇන්දේ මේවා රජ වෙන්ටයි..
කල දේ කීවේ, කීව දේ කලේ
හිතේ තියෙන සිංහල කමටයි..
ක්ෂණකවම හිතට ආපු නිසා මේ පද පේලි ටික මෙතන ලිව්වෙ ඈ... කොලොප්පමක් හැටියට බාර අරන් හිතේ කහටක් එහෙම ඇතිකරගන්නව නෙමෙයි ඕං... හැක්... හැක්... බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට. තවත් අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන්නල දෙන්න ඕනෙ ඕං, එහෙම වුනොත් දෙයියනේ කියල මට මේ ලිවිල්ලෙන් තව ටිකක් ඉදිරියට යන්න පුළුවන්... ඊලඟ කොටසත් මග හොඳේ... ජය ශ්‍රී...!!!
කතාව ලස්සනට යනවා.. ඉතිරියත් එනකම් නොයිවසිල්ලෙන්....
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ අදහස් දැක්වීමට හා අගය කිරීමට, ඉතිරියත් ලඟදීම දානව ඈ... අර කලින් ලිපියෙ තිබුන අපැහැදිලි බවත් මේ ලිපියෙදි හැකි තරමට අඩු කලා ඕං... බොහෝම ස්තූතියි ඈ කලින් ලිපියෙ තිබුනු අඩුපාඩු පෙන්නල දුන්නට, තව තියෙනව නම් කියන්න ඕනෙ ඕං.. ජය ශ්‍රී...!!!
Deleteනියමයි මණ්ඩියෝ සුපිරියි දැන් ෆිල්ම් එකක් වගේ ලස්සනට ගලාගෙන යනවා හරිම පැහැදිලියි....ඒක නෙමෙයි ගන්න ෆොටෝ වල ලින්ක් එකවත් දාපන් නැත්තම් copyrights නෑ කියලා හෙන කෙලියක් යයි....හැමදාමත් කියනවා වගේ ලිවීම උපරිමයි ජය වේවා දිගටම ලියන්න ඊළඟ කොටසත් ඉක්මන්ට දාන්න
ReplyDeleteමේ.... හිමිකම් ප්‍රශ්නෙ දැන් සෑහෙන අවුලක් වෙලා නේද ගැමියෝ, පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න ඕනෙ තමා. හැබැයි ඉතින් කොහොමද බ්ලොග් කෙරුවාවෙ හිමිකම් ප්‍රශ්ණයක් නිසා මන්ඩිපාලව එෆ්.බී.අයි. එකෙන් අත්අඩංගුවට ගත්ත කියල ලෝකෙ පුරාම නිවුස් එක යන කොට මටයි මගේ බ්ලොග් කෑල්ලටයි ලැබෙන පබ්ලිසිටි එක... මෙකෙ ඉතින් ඒ වගේ මහා පරිමාණ වාසිත් තියෙනව.. හැක්....හැක්.... හැබැයි ඉතින් අවුරුදු 50ක් විතර හිරේ ඉන්න වෙන එක තමා අවුල. අනෙක ගැමියෝ අපි සිංහලෙන් කියන ඒව සුද්දට තේරෙනවැයි... ඉංගීසියෙන්ම දාන්න වෙනව නෙව එහෙම වුනොත්... මේ... එක නෙමෙයි බොහෝම ස්තූතියි ඈ අගය කිරීමට හා දිරිගැන්වීමට... ඊලඟ කොටසත් මග එනව හොඳේ... ජය ශ්‍රී...!!!!
Deleteඑළ මන්ඩියෝ..නිකං ෆිල්ම් එකක් බැළුවා වගේ....ඉතිරියත් දාන්ට ඈ......
ReplyDeleteබොහෝම ස්තූතියි ඈ අගය කිරීමට හා දිරිගැන්වීමට, ඊලඟ කොටසත් ලඟදීම එනව ඈ.... ජය ශ්‍රී...!!!
Delete카지노 카지노 온라인카지노 온라인카지노 bet365 bet365 bet365 bet365 dafabet dafabet 카지노 카지노 planet win 365 planet win 365 ボンズ カジノ ボンズ カジノ 81
ReplyDelete