Saturday, January 7, 2012

මූණු යවන්න ගිහිල්ල වෙච්ච දේ...




මේ කියන්න යන්නෙ මේ මෑතකදි මට මූණු පොතේදි වෙච්ච පට්ටම මෙව්ව එකක්. එදත් පුරුදු විදියටම මම වෙන වැඩක් කරන ගමන් මූණු පොතෙත් ලොග් වෙලා හිටිය. මූණු පොතට ලොග් උනාට මොකද ඒ ගැන හාන්කවිසියක් වත් තිබුනෙ නෑ, වැඩේට බැහැලම හිටියෙ. ඒ අස්සෙ හිටපු ගමන් ටික් ගෑව, “ඒ මොකාද යකෝ ඒ, මොකා උනත් දැන් නම් මාර ඇණයක් වෙයි මූ...” කිය කිය මූණු පොතේ චැට් එක බලද්දි කවදාවත් චැට් නොකරපු එකෙක්, නම එහෙම බලද්දි ස්ත්‍රී රත්නයක් බවත් තෙරුනා. “මේ මොකද යකෝ මේ..., මට කවද්ද කෙල්ලෙක් hi.. කිව්වෙ...” එහෙම කල්පනා කරන ගමන් පොඩ්ඩක් රිංගුව ඒකිගෙ ප්‍රොෆයිල් එක පැත්තට. විස්තර වල හැටියට නම් කොළඹ අවට වගෙයි, දන්න කෙනෙකුත් නෙමෙයි, ෆොටෝ එකක් වත් දාල නෑ. ප්‍රොෆයිල් පිංතූරෙත් මලක්. කමක් නෑ කියල මමත් hi.. :) පාරක් දැම්ම.

   අනිත් පැත්තට මේකි අහපි "ane kohomada oya muna ewweeee..." කියල. මමත් ඉතින් ඕනෙ එකෙකුට ඕනෙ දෙයක් කියල දෙන්න ඕනෙ වෙලාවක රෙඩි. මම ඉතින් දන්න මූණූ ඔක්කොම යවල පොඩි වැඩ පාරක් දාල පස්සෙ ටික ටික කියල දුන්න. එදයින් පස්සෙ මම මූණූ පොතට ලොග් වෙනව විතරයි අනිත් පැත්තට hi... :) :D :P :( :* :) :/ B) <3 :v කියල වැඩ කෝටියයි. ඊට පස්සෙ මම මොකුත් නොයැවුවොත් ලෙඩ කෝටියයි, oya neddaa... :( busyda... tharahada... මාරම ඇණයක් උනා, මෙහෙම නෙමෙයි බොක්කෙන්ම එවන්නෙ රිප්ලයි. මම ඉතින් වැඩිය ගත්තෙ නෑ, ෂේප් එකේ රිප්ලයි කරල හිටිය. හැබැයි මට දැන් සැකයි මූ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල, ඒ මොකෝ මාව මොකෙක් හරි අන්දල ආතල් එකක් ගන්න ට්‍රයි කරනවද දන්නෙ නෑනෙ. මම දැන් මාර පරිස්සමෙන් රිපලයි කරනව, මම කියන්නෙම අව කැපෙන වචන, ඇයි ඉතින් මූ කොල්ලෙක්ද දන්නෙ නෑනෙ, ඒත් මේකි බොක්කට වදින්නම ටෝක දෙනව.

   ඔන්න එක දවසක් මේකි වෙනද වගේම ඔන් ලයින් ඇවිත් හාහාපුරා කියල hi... :D :) :v :* <3 :D :) වැඩ කෑලි ටික දැම්ම. මමත් ඉතින් ඇණයක් වෙන්න කලින් hi.. :) කියල දාල සද්ද නැතුව හිටිය. එතකොට මේකි, "mama mechchara wela skype hitiye ane, oya innawada balanna me peththata awe. skype giyata kata kathakarannada. oya monawda karanne...." ස්කයිප් කතාව මට එච්චර ඇල්ලුවෙ නෑ, මට ඉවෙන් වගේ තේරුණා දැන් මේකි මාව ස්කයිප් එකට අදින්න යන්නෙ කියල. මමත් ඉතින් ෂේප් වෙන්න ඕනෙ නිසා "mamath me podi wedak karana gaman" කියල හිටිය, ඊට පස්සෙ සද්ද නෑ. පස්සෙ පස්සෙ ටිකක් ඇණයක් උනත් මම කන්න ගිය නිසා එදා කතාව එතනින් ඉවර උනා. එදා නිදාගෙන පහු වෙනිද උදේම මැෂින් එක දාගත්ත, මෙන්න බොලේ ස්කයිප් එකට රික්වෙස්ට් දෙකක්, දෙකම කාන්තා පාර්ශවයෙන්. “යකඩෝ මේ මොකෝ මේ වෙන්නෙ, කවදාවත් නැතුව කෙල්ලොන්ගෙන් රික්වෙස්ට්...?, ඇයි හත්ඉලව්වෙ මෙච්චර කල් මම ඔන්ලයින් හිටිය එකෙක් රික්වෙස්ට් කලාද..?? ” මේක එච්චර හිතන්න ඕනෙ ප්‍රශ්නයක් නොවුනත් පහුගියදා ස්කයිප් කතාවත් එකත් එක්ක මට ඕක හිතට ආව.

   මම ක්ෂණිකව ගියේ මූණු පොතට, ගිහින් බැලුව අරකිගෙ නම. ඒකෙ තිබුනෙ %^&%$$#^^(*&  කියල. ඒත් ස්කයිප් රික්වෙස්ට් දෙකේම එහෙම නම් නෑ. මටත් මනස් ගාත, මුන් දෙන්න ඉස්කෝලෙ යන කාලෙ දන්න අදුරන එවුන්ද දන්නෙත් නෑ... කියල හිතල ඒ දෙක ඇක්සෙප්ට් කලා. මම දැන් අර වැඩේ අත් ඇරල දාල පී.එච්.පී. කෝඩින් එකක් අස්සෙ රිංගල ජයටම වැඩ. ඔය අස්සෙ ටික්... ගෑවා. මම නෙමෙයි පැත්ත පලාතට ගියේ, ඇයි අප්ප නස්ත වෙන්න වැඩ. ඊට පස්සෙ ටික්.. ටික්.. ටික්.. කනක් ඇහිල්ලෙ ඉන්න නෑ. අයියෝ මාර ඇණයක් උනා.. මම මටම කිය කිය මූණු පොතට රිංගුව. බලද්දි  hi... :D monawada oya karanne, wedakda..?? :) :).......... ei katha neththe ayyata den mawa amathakada... :( :'(  කියල ලෙඩ කෝටියයි. මට දැන් හිතෙන්නෙම මූ කොල්ලෙක් කියල, කෙල්ලෙක් එහෙම ඇහුවට කමක් නෑ තමයි, ඒකෙ අවුලක් නෑ, ඒත් අපේ එවුන් කරන වැඩත් එක්ක මට හිතෙන්නෙම මූ කොල්ලෙක් කියල, ඒක මගේ චින්තනයේ අවුලක්ද දන්නෑ, ඒත් මට එහෙම හිතෙනව දැන්.

   මමත් පොඩි වචන කෑලි දෙකක් දැම්ම ෂේප් වෙන්න හිතාගෙන. එතකොට මේකා කියනව
 "ane ayya me fb eka epa wenawa, mara slow... oyata puluwannam skype ennako. mama oyata reqest kala, eka accept karanna..." මට දැන් ෆුල් අවුල්, මූ නම් කොල්ලෙක්මයි. එහෙම හිතුනට මම කතාවෙ වෙනසක් පෙන්නුවෙ නෑ, අතටම අල්ලගෙන හොදට කන පිරෙන්න කියනව කියල හිතාගෙන මමත් රිප්ලයි කලා
 ko meke oyage nama nene. එතකොට මේකා කියාපි ne meka thama mage eththa nama, skype eke dala thiyena namata mama asai, ekai mama eka pawichchi kale. මට දැන් හොද කුණු හරුප මතක් වෙනව, ඇයි යකෝ ආස උනා කියල නම් 100ක් විතර පාවිච්චි කරන රටක් තියෙනවද. දැන් නම් මට 80%ක් ස්ථීරයි මූ නම් කොල්ලෙක්ම තමා, මාව අන්දල රජ ආතල් එකක් ගන්න යන්නෙ කියල. අදුරන එකෙක් උනොත් පට්ටම චාටර් එක, අදුරන එකෙක් ඇරෙන්න පිට එවුන් ඔහොම ගැට දාන්නෙත් නෑ නෙව. ඒ පාර මම පොඩ්ඩක් කතාව ඇද ඇද ඉදල ගියා. පහුවෙනිද නම් මම මූණු පොත පැත්ත පලාතෙ ගියේ නෑ, වෙනද වගේම මගේ වැඩ. ඔහොම ඉන්න ගමන් මම කල්පනා කලේ අරූට මම ගහන ගැටේ මොකක්ද කියල, ඇයි ඉතින් චාටර් වෙන්නත් බෑනෙ.

   ඔහොම ඉන්න ගමන් බ්ලක්.. බ්ලක්.. අම්මටසිරි, මල හත්ඉලව්වයි, අරූ ස්කයිප් එකෙන් ඇවිත්. hi... :) :D :v :* <3 :D ඒකෙත් වැඩ කෝටියයි. මම දැන් ෂේප් එකේ රිප්ලයි, මූ මට බටර් පාර ගානව හෝ ගාල, මම කියන්නෙම අවකැපෙන කතා. ඊට පස්සෙ ටික වෙලාවකින් oyata cam ekak, mic ekak nedda... :D අම්මටසිරි වෙනව, දැන්නම් මූ මට ගේම දෙන්න යන්නෙ, මූ හදන්නෙ මට ස්කයිප් එකෙන් කෝල් එක අරන් මාව චා කරන්න, අනිවාර්යෙන්ම මූ දන්න එකෙක්. දැන් ඉතින් මට වැඩේ පැහැදිලි, මූ එන්නෙ මොකාටද කියලත් මට තේරුණා. මම ගත් කටටම නෑ කිව්ව, හැබැයි ඒ පාර නම් මමත් අත ඇරියෙ නෑ, matath asai oyage katahada ahanna, eth mic ekak nene... :( දැන් මුට ෆුල් සැටිස්, බොක්කෙන්ම ටෝක, මම ටිකක් අහුඋනා වගේනෙ. ඊට පස්සෙ මූ katahada ahanna one nam mobile num eka ewannako, mama call ekak aran ikmanata thiyannam.. :D :) :) මම දැන් දන්නව මූ හදන්නෙ මම නම්බර් එක යවපු ගමන් ඒකත් දාල රස කතාවක් හදල මාව චා කරන්න කියල. මම නෙමෙයි යැව්වෙ නොම්මරේ, මම ඒක ගනන් ගත්තෙ නෑ වගේ නිකම් වචන දෙක තුනක් දාල හිටිය.

    මට දැන් ඕනෙ මූව අල්ල ගන්න, මම කලේ නිකම් වල් පල් ටිකක් දාල චැට් එකේ, ඒ කතාව අස්සෙ ස්කයිප් එක ඩයල් කලා, හැබැයි නිකම් නෙමෙයි මම රෙඩි පිට හිටියෙ ඌ කට අරින කොටම සුද්ද සිංහලෙන් ඌව පිලිගන්න... ඔන්න දැන් රිං වෙනව.. ට්‍රීක්.. ට්‍රීක්... මූ ආන්ස්වර් කරන්නෑ, මට දැන් හොදටම ෂුවර් මූ දන්න එකෙක් කියල, එක පාරටම ඉස්සුව, උස්සපුගමන් මම මො.. කියන කොටම හෙලොව්... හෙලෝව්... හෙලොව්ව්ව්ව්ව්ව්..... ඔයාට ඇහෙවද... හොලොව්...?? මල හත්ඉලව්වයි, මම ෆුල් හොල්මන්, තව පොඩ්ඩෙන් මට මාර චාටර් එක. මේ කෙල්ලෙක් කියහන්කො, මම සුද්ද සිංහලට හරවන් හිටපු කට ආයෙ රිවස් කලා, මම හිතන්නෙ ඒකිට මම කියපු එක ඇහුනෙ නෑ, දැන් මට කතා කරන්නත් බෑ, ඇයි මුලින් මම මයික් නෑ කිව්වනෙ, මම චැට් එකේම ගැහුව mata mic nethooooooo කියල. ඒ පාර ඒකිත් කෝල් එක කට් කරල චැට් එකට ආව. මට මාර අවුල දැන්, ඒකි යාලු ෆිට් එකට මාත් එක්ක කතා කොලාම මම නිකම් හිතට ගත්තනෙ කියල. ඒත් මූ නිකම් හරි කොල්ලෙක් උනානම් මල හත් ඉලව්වයිනෙ, මොන දෙයියන්ට කියන්නද. චාටර් වෙන්න වෙනව ලොවෙත් නැති වෙන්න, වෙන එවුන් කොහොම උනත් අපිත් එක්ක ඉන්න එවුන් ෂුවර් නෑ නෙව, උන් කොරන්නෙම මේ වගේ වැඩ නෙව.

ප.ලි. මේක මම ලියද්දි එක හුස්මට ලියල දැම්මෙ කෑලි කෑලි දැම්මොත් කතාවෙ රහ අඩු වෙයි කියල හිතල, මේකත් මෙලෝ රහක් නැද්ද දන්නෑ මේ අයට. මේකෙ අඩු පාඩු එහෙම තියෙනව නම් පෙන්නල දෙන්න ඕනෙ ඕං. මම ඉතින් මේ බ්ලොග් කෙරුවාවට හිංචි එකා නොවැ.

11 comments:

  1. ඉතින් ඊට පස්සේ..දැන් යාලුකම ගොඩක් දුර ගිහින්ද..අනේ වාසනාවන්

    ReplyDelete
  2. @පුංචි කුමාරි හාමි,
    මේ පැත්තට අද නේද මුලින්ම ආවෙ, බොහොම ස්තුතියි ඈ මේ පැත්තට ආපු එක ගැන. සාදරයෙන් පිළිගන්නව. අනේ නෑ අප්ප, එයා යාලුකම දුර යන පැත්තට කතාව ඇද්දත් මම කිසිම සප් එකක් දෙන්නෑ නෙව, කැපිල්ල දදා ඉන්නව. බෑ අප්ප මට ඕව... අනෙක මම ඩබල් ගේම් වලටත් ආස නෑ නෙව, ඒව පව් සිද්ද වෙඩ වැඩෙයි කියන්නෙ... හැක්... හැක්...

    ReplyDelete
  3. වෙලාවට ඒ කෙල්ල උඹට මැසේජ් කලේ වෙන එකෙක්ට අහු වුනානම් ඒකිගේ කෑලිත් නෑ....

    කෝකටත් පරිස්සමෙන් පුතෝ නැත්තම් කවදහරි ඇවිත් මේ ලමයා ගන්න කියලා කිව්වොත් එහෙම (මෝහිනී ගේ fb එකවුන්ට් එකද දන්නෙත් නෑනේ) හුටා නේද..... හි හි

    ReplyDelete
  4. @ගැමියා
    ඒක ඇත්ත බන්, උඹේ හිතේ මං ගැන ඔය විදියෙ සුභවාදී ආකල්පයක් තියෙනව නම් සතුටුයි. මේ ලෝකෙ නොසෑහෙන්න දූෂිතයි බන්, කෙල්ලොන්ට සෑහෙන පරිස්සම් වෙන්න වෙනව. අම්මටහුඩු අරකියන්න වගේ මෝහීනිද දන්නෙත් නෑ... හැක්.. හැක්..

    ReplyDelete
  5. මාර සමණලයෙක්නෙ මේක බලං යනකොට!

    ReplyDelete
  6. @ඉන්දික අයියේ,
    බොහෝමත්ම සතුටුයි ඈ මේ පැත්තට ආපු එක ගැන, සාදරයෙන් පිළිගත්ත ඕං...
    ස...ම...න...ල්... කතාව නම් මට වැඩිය දිරෙව්වෙ නෑ ඕං, පුදන කොටම කෙලපි යකා කිව්වලු..
    හැබෑටම ඉතින් ඕකෙ දිරවන්න බැරිවෙන්නම මොනවයි තියෙන්නෙ, සමනලය කියන්නෙ කාටවත් කරදරයක් නැති ලස්සන සතෙක් නෙව, නයෙක් පොළගෙක් වගේයැ..., නෙවද. හැක්.... හැක්...
    ගොඩාක් ස්තූතියි ඈ අදහස් දැක්වීමට.

    ReplyDelete
  7. මෙහෙම වැඩක් ඇහුවමයි. කෙල්ලෙක් කියල 100%ක් විශ්වාසද? කටහඩ වෙනස් කරන සොෆ්ට්වෙයාර් එකක් දාල කතා කලා වෙන්න බැරිද ?

    ReplyDelete
  8. @♠♦ මැජික් | Magic ♥♣,
    මේ පැත්තට මුලින්ම ආපු දවස අදනේ, බොහෝමත්ම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන, සාදරයෙන් පිළිගත්ත ඕං. අම්මටහුඩු එහෙම වෙන්නත් පුළුවන් තමයි, එහෙම නම් නොවේවා..!!! එහෙම උනොත් දරුණු චාටර් වීමක් ලඟදීම මට බලාපොරොත්තු වෙන්න වෙනව.. :(
    බොහෝමත්ම ස්තූතියි ඈ අදහස් දැක්වීමට..

    ReplyDelete
  9. අනේමන්ද මටනම් කියන්න තියෙන්නේ අපේ මඳි උන්නැහේට හොද කලදසාවක් ලබියන් කියල විතරයි

    ReplyDelete
    Replies
    1. මොකෝ උන්නැහේ නිකම් හිත කලකිරිල වගේ “අනේ මන්ද...“ කිව්වෙ. මගේ බ්ලොග් කෑල්ලට ආපු ගමන් කලකිරුනද..?? හැක්..හැක්.. කාරි නෑ...කාරි නෑ... බොහෝම ස්තූතියි අදහස් දැක්වීමට හා හොඳ කලදසාවක් ප්‍රාර්ථනා කලාට. මට නැත්තෙත් ඕකනෙ.. හැක්...හැත්.... මේ පැත්තට අද නේද මුලින්ම ආවෙ, සාදරයෙන් පිළිගත්ත ඕං.. ජය ශ්‍රී...!!!!

      Delete
  10. කොල්ලෝ රැස් විදෙන සමනළීද දන්නේ නැහැ ඔච්චර සෙට් වෙන්න එන්න යන්නේ :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...