Sunday, January 8, 2012

පට්ට කෑල්ල හා ගොඩේ කෙල්ල...

   මම කලින් දැම්මනෙව මේ තරම් සියුමැලිද කළුගල්.. කියල ලිපියක්. ඕකට මට ඕනෙ වුනා සාමාන්‍යයෙන් චාම් රූමත් තරුණියකගෙ පිංතූරයක්. සාමාන්‍යයෙන් මට නම් කොහේ ඉන්න කෙල්ලොන්ටත් වඩා ලංකාවෙ කෙල්ලො ලස්සනයි, ඒ වගේම කොහේටත් වඩා චාම් නෙව. මම ඉතින් sri lankan girls කියල ඉන්ටර්නෙට් එකේ සර්ච් කලා, මේ චවන දෙක තුනේ ඉතින් කැත අදහසක් නෑ නෙව, ඒත් මුල් පිංතූර 12 අතර පවා බලන්න බැරි පට්ටම චාටර් පිංතූර 4 ක්.


   පොඩි දරුවෙක් මේ වචනෙ සර්ච් කරා නම් එහෙම...!!! ආපු පිංතූර දැක්කම මට පට්ටම කලකිරීමක් ඇති වුනා. වෙන රටක ඒව නම් කොරන්න දෙයක් නෑ ඒ මොකෝ ඒ රටවල විවිධ සංස්කෘතික හේතූන් නිසා, ඒත් දෙයියනේ මේක ශ්‍රී ලංකාවනෙ. මෙන්න මේ සිද්ධිය නිසාමයි මේ ලිපිය ලියන්න කල්පනා කොරේ. හැබෑටම පට්ට කෑල්ලක් හා ගොඩේ කෙල්ලෙක් අතර වෙනස මොකක්ද. සාමාන්‍යයෙන් පට්ට කෑල්ලක් කියන්නෙ කොට සායක් ඇදපු, ඒකත් අඟල් පහ හයක් පලපු, උඩත් අමාරුවෙන් වහගත්ත, කොණ්ඩෙ ස්ට්‍රේට් කරපු, මූණ පුරා පැලැස්තරයක් දාපු, තොල් දෙක ගිනියමට පේන්න පාට කරපු.... ඔන්න ඔය වගේ කෙනෙකුටනෙ. එතකොට සාමාන්‍යෙයන් ගොඩේ කෙල්ලෙක් කියන්නෙ, බෝරිච්චි අත් දාල දණහිස වැහෙන්න චීත්ත ගවුම ඇදපු, කොණ්ඩෙ තෙල් ගාල ගොතපු, පැලැස්තර නැති සාමාන්‍ය මූණක් තියෙන... ඔන්න ඔය වගේ කෙනෙකුටනෙ. පට්ට කෑල්ලකට පට්ට කෑල්ල කියන්නෙ ඇයි, දැක්ක ගමන් ඇහේ පොට යන නිසාද. එතකොට ගොඩේ කෙල්ලෙක්ට ගොඩේ කෙල්ල කියන්නෙ ඇයි, දැක්කම ඇහිපිය නොගහ ඕනෙ තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් නිසාද.

   සාමාන්‍යයෙන් කෙල්ලෙක් උපතින්ම පට්ට කෑල්ලක් වෙන්නෙ නෑනෙ. ටිකක් මෝරල සමාජයට එනකොට සමාජයට කලින් කෙල්ල වෙනස් වෙනව, ගෙදර ඉන්න අහිංසක දෝනි පට්ට කෑල්ලක් වෙනව. මේක සමහරු හොදයි කියල හිතුවත් පට්ට කෑල්ල කියන සංකල්පය තුල කාන්තාව කියන චරිතය විශාල පරිහානියකට ලක්වන බවයි මගේ නම් හැගීම. මේවට සෘජුවම වග කියන්න ඕනෙ දෝනිලගෙ අම්මල. ඒ මොකෝ තමන්ගෙ දෝනිගෙ වෙනස් කම් සමාජයට කලින් දකින්නෙ අම්මල නෙව. අම්මලට පුළුවන් වෙන්න ඕනෙ හොද නැති දේට, ගැලපෙන්නැති දේට විරුද්ධ වෙන්න, අම්මල දෙයක් අනුමත කරපු ගමන් සමාජය ඊට වඩා උඩින් ඒක අනුමත කරනව, විශේෂයෙන්ම දෝනිලාගේ පරිහානියට හේතුවෙන දේවල්. සමහර වෙලාවට මම දැකපු දෙයක් තමයි අම්මල දූල පාරෙ යන කොට දුව පට්ටම කෑල්ල වගේ අම්ම එක්ක යනව, අම්ම පට්ට ඩබල් වෙන්න යනව, එතකොට දුවට වඩා අම්ම පට්ට කෑල්ල වෙලා. එහෙම තත්වයක ඉන්න අම්මල නම් දෝනිලගෙ විච්චූරන වලට විරුද්ධව කට අරිනව බොරු. හැබැයි තවත් අම්මල ජාතියක් ඉන්නව මෙන්න මෙහෙම, එයාලට ඕනෙ ටී.වී එකේ දකින ඈයො වගේ තමන්ගෙ දූලට අන්දවන්න, අරමුණ මොකක්ද කියන එක නම් මට පැහැදිලි නෑ, හැබැයි කතාව ඇත්ත. තවත් සමහර ඈයො ඉන්නව දූගෙ හිත නොරිදෙන්න අන්දවනව, දූලත් ඉතින් ඒ වෙලාවට අම්මට පණ වගේ, හැබැයි කරන තරමක් කරන්නෙ හොර වැඩ.

   කොහොමින් කොහොමින් හරි අහිංසක දෝනි පට්ට කෑල්ල වෙලා සමාජයට ගියපු ගමන් හැම තැනින්ම ඉල්ලුම. එහෙන් කොල්ලො ආදරේ ඉල්ල ඉල්ල පොරකනව, නිකමට හරි ටී.වී. වැඩසටහන් කරන කෙනෙක් දැක්කොත් ඇඩ් එකකට එන්න කියනව, ඊට පස්සෙ සිංදුවල විශුවල්, ටෙලි නාට්‍ය...... මේ හැම එකක් ඇතුලෙම අයුතු යෝජනා. දෝනිම දන්නෑ දෝනිට වෙන්නෙ මොකද කියල, දෝනිලයි අම්මලයි හිතන් ඉන්නෙ දෝනි පට්ට කෑල්ල උනාම මොළෙත් පට්ට යන්නම දියුණු වෙලා බුද්ධිය වැඩි වෙලා, සමාජය තේරුම් අරන් ඇති කියල. අන්තිමට සමාජය තමන් කවුද කියල හංවඩු ගහද්දි තමා දැනගන්නෙ තමන්ට වුනු සන්තෑසිය, එතකොට නම් ඉතින් අම්මල දෝනිල රත්වෙලා වැඩක් නෑ..., බිත්තර තම්බන්නයෑ...... ගමේ ඉන්න අහිංසක කෙල්ලො නගරෙට ආවමත් මෙන්න මේ සන්තෑසියට මුහුණ පානව, දැන් දැන් ගම් වල ඉන්න කෙල්ලොත් පට්ට කෑලි වෙන්න පටන් අරන්.

   සාමාන්‍යයෙන් ගොඩේ කෙල්ලෙක්ය කියල හදුන්වන අහිංසක දෝනි කෙනෙක්ගෙ ජීවිතේ ගෙවිල යන්නෙ කොහොමද, කෙටියෙන් කිව්වොත් පොඩි කාලෙ අම්මත් එක්කම පස්සෙන්මයි, ලොකු වෙන කොට ඉස්කෝලෙ යනව, ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනව, අම්මලත් එක්ක නෑදෑයොත් එක්ක ගෙදරට සුරැකිව මලක් වගේ පරිස්සමට තරුණ කාලෙ කල්ගෙවනව, හැමෝගෙම ආශිර්වාද මැද්දෙ ගැලපෙන දීගෙකට යනව, ඊට පස්සෙ යුග දිවිය. එතකොට සාමාන්‍යයෙන් දින චර්යාව කෙටියෙන් කිව්වොත්,  උදේට නැගිටිනව, මිදුල අතුගානව, ගේ අතුගානව, බුදුන් වදින කෙනෙක් නම් බුදුන් වදිනව, ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ වැඩකටයුතු කරනව, ගෙදර ඉන්න කෙනෙක් නම් අම්ම එක්ක ගෙදර වැඩක් කරනව, එක්කො මොකක් හරි මහනව. රස්සාවක් කරන කෙනෙක් නම් ඒකට යනවා.... මේ විදියටනෙ. එතකොට පට්ට කෑල්ල... උදේම ෆේෂල් එක දානව, ඒක දාගෙන පැයක් විතර ඉන්නව, ඊට පස්සෙ කෝල් දෙක තුනක් එනව, ඒකෙ එල්ලිලා පැය ගානක් ඉන්නව, කොහේ හරි යන කෙනෙක් නම් එහේ යනව, යන ගමන් සුපිරි කඩේකින් ෂොටීට්ස් අරන් උදේට කනව, සැලූන් යනව. ගෙදර ඉන්න කෙනෙක් නම් උදේට මොනව හරි කාල කාමරේට රිංගනව, නැත්තම් ටී.වී බලනව. ටොප් චාර්ට්ස් අහනව, පොඩ් නින්දක් දානව, දවල්ට කනව... ඔහොමනෙ. 


   කොස්සකින් හරියට කාමරයක් අතුගාගන්න බැරි පට්ට කෑලි කොයිතරම් ඉන්නව ඇත්ද, පොල් කෑල්ලක් ගාගන්න බැරි පට්ට කෑලි කොයිතරම් ඉන්නව ඇත්ද. ඒත් ගොඩේ කෙල්ලෙක්ට ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්... බැරි මොනවද, සත්‍ය වශයෙන්ම ගොඩේ කෙල්ලෙක් කියන නම ඒ ඇත්තියන්ට සාධාරණයි කියලයි මට හිතෙන්නෙ. එතකොට පට්ට කෑලි නිරායාසයෙන්ම මඩේ කෙල්ලන් වෙනව නෙව. එතකොට ගොඩේ කෙල්ලද පට්ට කෑල්ලද තමන්ගෙ ජීවිතේ අර්ථවත්ව ගත කරන්නෙ, අර්ථවත් කියන එක කොහොම උනත් විනාස නොවී. ඒ නිසා තමන් පට්ට කෑල්ලක් වීමට උත්සහ දැරීමෙන් සිද්ධ වෙන්නෙ තමන්ගෙ විනාශයක් පමණක් බව හැම දෝනි කෙනෙක්ම හිතට ගන්න ඕනෙ. ගොඩේ කෙල්ලො කියල එකක් නෑ, ඕව සමාජය විසින් හදපු පුස් කතා. හැම දෝනි කෙනෙක්ම රටට වටින දෝනි කෙනෙක් වෙන්න උත්සාහ කරන්න, ඉගෙනීමෙන් පමණක් නෙමෙයි හැදියාවෙනුත් නොම්මර එක වෙන්න ඕනෙ. ලැජ්ජ බය කියන එක තේරුම් ගන්න, අම්මල ඕව කියල දෙන්නෙ නැත්තම් කරදර කරල අහන්න අම්මෙ මොකක්ද ලැජ්ජ බය කියල. දෝනිලත් තේරුම් ගන්න ඕනෙ තමන්ගෙ සීමාව මොකක්ද කියල, කෙසේ වෙතත් අම්මල මේ වගකීම කර නොඇර භාරගන්න ඕනෙ, නැත්තම් අපේ රට සදාකාලිකවම පට්ට කෑලි වලින් පිරුණු රටක් බවට පත් වේවි.


   ප.ලි. මේ ලිපිය ටිකක් සැර වැඩිද මන්ද, තිත්ත උනත් ඇත්තනෙ අප්පා. මේව හංගල තිව්වම වෙන්නෙ තව තවත් සමාජය අගාධෙට යන එකනෙ, ඒකයි පුළුවන් තරම් ආවේගය පාලනය කරගෙන හරි ලිපිය ලිව්වෙ, මෙව්ව ලියද්දි ඉතින් හිතට එන ආවේගෙත් එක්ක ලිපිය සැර වැඩි වෙන වලක්වන්නත් බෑ නෙව. කොහොමින් කොහොමින් හරි මට හැකි පමණ උපරිමයෙන් ලිපිය සමබර කරන්න උත්සාහ කලා, බොහෝමත්ම ස්තුතියි එහෙනම් කියෙව්වට.

28 comments:

  1. ඒත් මුල් පිංතූර 12 අතර පවා බලන්න බැරි පට්ටම චාටර් පිංතූර 4 ක්.
    -මම නම් බලන්න බැරි තරම් අප්සෙට් එව්වා දැක්කේ නෑv

    වෙන රටක ඒව නම් කොරන්න දෙයක් නෑ ඒ මොකෝ ඒ රටවල විවිධ සංස්කෘතික හේතූන් නිසා, ඒත් දෙයියනේ මේක ශ්‍රී ලංකාවනෙ.
    -මොකක්ද ප්‍රශ්නය ? මට පෙනී යන්නේ ඔබ ලංකාවේ ඇත්ත පුරාන සංස්කෘතිය ගැන කිසිම දෙයක් නොදන්නා බවය්

    මේක සමහරු හොදයි කියල හිතුවත් පට්ට කෑල්ල කියන සංකල්පය තුල කාන්තාව කියන චරිතය විශාල පරිහානියකට ලක්වන බවයි මගේ නම් හැගීම. මේවට සෘජුවම වග කියන්න ඕනෙ දෝනිලගෙ අම්මල.

    -අර සීගිරි අප්සරාවෝ නිසා එහෙම ගොඩක් පරිහානියට යන්න ඇති නේද ..... මනස්ගාත !

    සමහර වෙලාවට මම දැකපු දෙයක් තමයි අම්මල දූල පාරෙ යන කොට දුව පට්ටම කෑල්ල වගේ අම්ම එක්ක යනව, අම්ම පට්ට ඩබල් වෙන්න යනව, එතකොට දුවට වඩා අම්ම පට්ට කෑල්ල වෙලා.
    -අනේ බන් උබට වෙන වැඩක් නැද්ද අනුන් අදින එක ගැන හොයා හොයා ඉන්නේ ?

    සාමාන්‍යයෙන් ගොඩේ කෙල්ලෙක්ය කියල හදුන්වන අහිංසක දෝනි කෙනෙක්ගෙ ජීවිතේ ගෙවිල යන්නෙ කොහොමද, කෙටියෙන් කිව්වොත් පොඩි කාලෙ අම්මත් එක්කම පස්සෙන්මයි, ලොකු වෙන කොට ඉස්කෝලෙ යනව, ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනව, අම්මලත් එක්ක නෑදෑයොත් එක්ක ගෙදරට සුරැකිව මලක් වගේ පරිස්සමට තරුණ කාලෙ කල්ගෙවනව, හැමෝගෙම ආශිර්වාද මැද්දෙ ගැලපෙන දීගෙකට යනව, ඊට පස්සෙ යුග දිවිය
    -අහ් ඔය කියවෙන්නේ .... ඕක තම උබට තියෙන අවුල නේ ?

    ReplyDelete
  2. @ කලින් පෝස්ට් එක ලියපු උන්නැහේ
    //මම නම් බලන්න බැරි තරම් අප්සෙට් එව්වා දැක්කේ නෑ//
    කොළුවෝ උඹ බැදපු කෙනෙක්ද ? දරුවෝ ඉන්නවද ? උනුත් එක්ක එකට වාඩිවෙලා උඹේ අම්මා අපුච්චා එක්ක ඔය පින්තූර බලන්න ඇහැකිද බොට ?

    //අර සීගිරි අප්සරාවෝ නිසා එහෙම ගොඩක් පරිහානියට යන්න ඇති නේද ..... මනස්ගාත !//
    අධි සාමාන්‍යකරණය. මචං උබේ පවුලේ කෙනෙක්ව පාරෙ යවපංකෝ එහෙමනං එහෙම ටොප් ලස් විදිහට ?

    මමත් බොහෝ දුරට එකගයි මේ කතාවට , මං දැකලා තියෙනවා සමහර අම්මලා ගෑණු ළමයින්ව ඉන්ටර්නැශනල් ස්කූල් වලට යවලා ලෝකේ නැති විච්චූරණ උන්ට පටෝලා ඉගෙන ගැනීම කෙළ කරගෙන පිටරට යවනවා. පස්සෙ උන් එහෙ ගිහින් සුද්දොන්ටයි කල්ලොන්ටයි හැම එකාටම රෙද්ද උස්ස උස්ස ගංජා ගගහා නාස්ති වෙන හැටි . බොලෑ ළමයිනුත් කවද හරි එහෙම කරගන්න ඕනී නැත්තම් මේවට කටක් ඇරලා විරුද්ධ වෙයල්ලා , ළමයි විච්චූරං වෙන්න හදනකොට රිදෙන්න දෙකක් ගහලා හරි හදාගනිල්ලා !

    ReplyDelete
  3. කතාව සම්පුර්ණ ඇත්ත. සැර වැඩිකමක් නම් නෑ. සැර උනත් යතාර්ථය ඕකනේ. මේ ලගදි අහම්බෙන් මම රෑපවාහිනී වැඩසටහනක් දැක්ක. අම්ම කවුද දු කවුද කියල හොයාගන්න බෑ. හරියට අක්කයි නංගියි වගේ. අම්මලත් පට්ට කෑලි වෙන්න යන සමාජයක දුලා පට්ට කෑලි තත්ත්වයට වැටෙන එක ගැන නම් අහන්න දෙයක් නෑ.

    ප.ලි. මේ දැන් ලැබුන නිවුස් එකක්. ගූගල් වල මේ වෙන කොට වැඩියෙන්ම සර්ච් කරල තියෙන්නෙ "sri lankan girls" කියන එකලු. :D

    ReplyDelete
  4. me dekatama aithi nowena aya ona tharam innawa kiyala kawadawath hithune nadda? Ada kale igenaganna kellekuta me patta kallakwath gode kellakwath wenna welawa, salli, nidahasa 3ma na kiyala hithila nadda?

    Campus yanawa. Boarding wala amaruwen innawa. Gedara indan ena kenek nam ude pandara gedarin awith ra wela gedara yanawa. Gewalwala wiyadamata salli denna hakiyawa adu aya nam tution karanawa keeyak hari hoyaganna. Ra eli wenakan assignment, project karanawa. E asse weekend eketh CIMA anan manan karanawa. Igena gena iwarawelath hithena hithena welawata kasada karaganna ba. Ewata ammalata, nangila mallilata yuthukam ishta karala, geyak dorak hadagena iwara wenna ona.

    Oya kiyana posh andum ganna thiya asa hithena deyak gannath poth, igena ganna ona dewal aran salli ithuru wenna ona. Athu ganna, budun wandinna, TV show walata yanna thiya nidaganna welawak hoyagannath amarui. Ewa gana kiyanne mokakda?

    Realistic wenna. Aththa kathawa nam me rate oya posh badui kadalle athi wena kirilliyoi dekama adui. Ithuru hamoma eka eka mattamen duk windala eka sathutak karaganna hadana, thamange dewal thaniyen karagena pawulatath udawu karanna hadana saamanya kello (mama kiyanne eka thamai wenna ona. Malak wage hadenna ona ana mage duwek nam. Ona dukak daraganna puluwan nam e athi.) . Ekata apahasa karanna epa. Mehema generalize karana eka waradiy.

    ReplyDelete
  5. @seetha,
    ඔබේ අදහස මෙවැනි නම් මම කුමක් කරන්නද..?? මම නම් මේ ලිපිය කාලෝචිතයි කියන මතයේම තමා ඉන්නෙ. මම ඒ ගැන වැඩිය තර්ක කරන්න යන්නෑ, කියන්න ඕනෙ ටික ලිපියෙන් කිව්වනෙ. බණ්ඩක්කා විසින් ඔබට ගැලපෙන්න නියම උත්තරේ දීල තියෙනව. ඒක කියවන්නකො, ඔබේ කොමෙන්ටුව ලගම ඊලග කොමෙන්ටුව. බොහෝමත්ම ස්තූතියි අදහස් දැක්වීම වෙනුවෙන්.
    _______________________________________________
    @බණ්ඩක්කා,
    බොහෝම සතුටුයි මේ ලිපිය අගය කිරීම සම්බන්ධයෙන් හා පෙර කොමෙන්ටුවේ අන්තර්ගතය විචාරයකට ලක් කිරීම සම්බන්ධයෙන්. බොහෝමත්ම ස්තුතියි ඈ අදහස් දැක්වීම වෙනුවෙන්.
    _______________________________________________
    @♠♦ මැජික් | Magic ♥♣,
    බොහෝම සතුටුයි මේ ලිපිය අගය කිරීම සම්බන්ධයෙන්. අම්මප කොලුවෝ මට ලැබුනෙ නෑ නෙව මේ නිව්ස් එක, මේක හැබෑවක්ද. අහෝ ඛෙදයකි..!!! :(

    ReplyDelete
  6. @Anonymous,
    ඔබේ කතාව හරි, මමත් එකගයි. නමුත් මම මෙතන කළේ එවන් දූ වරුන්ට අපහාස කිරීමක්ද..!!! :( මම කියන්න හැදූ දේ ලිපියෙන් එලියට ආවෙ නැද්ද, එසේ නැතිනම් මෙය ඔබ තේරුම් ගත්තෙ නැද්ද..?? දුක් විදල ඉගෙන ගන්න දූවරු ඉතා හොදයි, ඉතින් ඔවුන් ගැන මට කතා කිරීමට යමක් තිබේද..?? එවන් දූ වරුන්ට හොදයි කියනවා ඇර වෙන මොනව කියන්නද..?? නමුත් සාමාජය තුල මා ලිපියෙන් කියන ගැටලුව අළුයට ගිනි මෙන් තිබෙන බව ඔබට නොවැටහෙන්නේ මන්ද..?? මේ ලිපියෙන් කාටවත් වැරුද්දක් හෝ අපහාසයක් වන්නෙ කෙසේද..?? මට ඔබව තේරුම් ගත නොහැකියි. එය මගේ වැරුද්දක්ද.. ඔබේ වැරුද්දක්ද...?? කොහොම උනත් බොහෝමත්ම ස්තූතියි අදහස් දැක්වීම වෙනුවෙන්.

    ReplyDelete
  7. නෑ. මම කියපු කතාව ඔබතුමා තේරුම් අරන් නෑ. මට කියන්න ඕන මෙහෙම අන්ත දෙකක් විතරක් නෙවෙයි සමාජයේ ඉන්නෙ කියන්න. එහෙම පොශ් බඩු හරි ගොඩේ කෙල්ලො හරි ඉතාම සුලුතරයක් ඉන්නෙ. ඒ ඇර මේ කියපු කතාව ගොඩක් කෙල්ලන්ට අදාල වෙන්නෙ නෑ. මම කියන්නෙ මේකයි. ගෙදර ඉඳන් මිදුල අතුගාන බුදුන් වඳින අය විතරක් නෙවෙයි හොඳ වෙන්නෙ. එහෙම ඔක්කොම කරලත් කුහක කෙනෙක්නම් මොකද වෙන්නෙ? ඒ වගේම ඔය කියන විදියට නිදහසේ සැනැසිල්ලෙ ගෙදරට වෙලා ඉන්න, අම්මල තාත්තල හැම වගකීමක්ම දරන කෙල්ලො කොච්චර අඩුද? අනික කොන්ඩෙ ස්ට්‍රේට් කරන පමණින් නරක කෙනෙක් වෙන්නෙත් නෑ. අනික හරියටම ඔය රාමු දෙක ඇතුලෙ ඉන්නෙ කීයෙන් කී දෙනාද? ගොඩක් අය ඔය දෙකේම සංකලනයක්. කෙල්ලෙක් ඔය දෙකෙක් එකකට වැටෙන්නම ඕනද? කෙනෙක්ගෙ පිටින් බලල නිගමන වලට එන්න අපි කාටවත් අයිතියක් නෑ.

    ගෙදර වැඩ මැහුම් ගෙතුම් කරගෙන හිටියොත් විතරද හොඳ වෙන්නෙ? වෙන හැකියාවන් වටින්නෙ නැද්ද? ඔය කියන තරම් මල් වගේ ගෑනු හැදෙන එක හොඳ දෙයක්ද? එතකොට ලොකු දුක් කරදර උහුලන්නෙ කවුද?දැතකොට ජීවිතේ එක පාරක් හරි මේකප් කරපු අය, ෆේශල් එකක් දාපු අය, සැලෝන් ගිය අය නරක ගෑනු වෙනවද? ඇයි මෙහෙම පරු නිගමන වලට මිනිස්සු එන්නෙ?

    මට අහන්න ඕන වුන ප්‍රශ්න ඔන්න ඕව.

    ReplyDelete
  8. //අර සීගිරි අප්සරාවෝ නිසා එහෙම ගොඩක් පරිහානියට යන්න ඇති නේද ..... මනස්ගාත !//
    අධි සාමාන්‍යකරණය. මචං උබේ පවුලේ කෙනෙක්ව පාරෙ යවපංකෝ එහෙමනං එහෙම ටොප් ලස් විදිහට ?

    දැන් එහෙම කරන්න බෑනේ මහත්තයෝ ඔයාල වගේ කුහක මිනිස්සු අනික් අය අදින පළදින විදිහ ගැන තමන්ගේ ප්‍රශ්න පැත්තක තියල බලාගෙන ඉන්නකොට

    පුරාන ලංකාවේ නම් අපි දන්නා විදිහට බුද්දගමෙන් සික්ෂණයක් ලබපු මිනිස්සු හිටියේ ... ඒ ඇයන්ට කවුරු කොහොම ඇන්දත් ප්‍රශ්නයක් උනේ නෑ (සමහර කුල වල ගැහැණු පාර්ශවය උඩුකයට ඇන්දේ නෑ ) දැන් වගේ පොඩ්ඩක් අඩුවෙන් අන්ද ගනුලමයෙක් දිහා කන්ද වගේ බලාගෙන ඉදල පස්සේ එක විවිචනය කරේ නෑ ... පොඩ්ඩක් හිතල බලන්න ඔය මහත්තයල කියන්නේ කෙල්ලේ අඩුවෙන් අදින්න එපා මන්ගාව ඉන්න වනචරය මට sure නෑ පොඩ්ඩක් මොනවා හරි දැක්කොත් අවිස්සෙන්න පුළුවන් වගේ කතාවක් නේ ...
    ඔය ලියපු මහත්තයය් අදහස් දක්වපු කෙනය් මට කියන්නකෝ ඔය ගොල්ලෝ පිළිපදින්නේ සිංහල සංස්කෘතියද නැත්තන් ලංකාවේ දැන් තියෙන ඉංග්‍රීසින්ගෙන් අපි ගත්ත සෙමි-වික්ටෝරියන් සංස්කෘතියද ?

    ReplyDelete
  9. @Anonymous,
    //මට කියන්න ඕන මෙහෙම අන්ත දෙකක් විතරක් නෙවෙයි සමාජයේ ඉන්නෙ කියන්න. එහෙම පොශ් බඩු හරි ගොඩේ කෙල්ලො හරි ඉතාම සුලුතරයක් ඉන්නෙ. ඒ ඇර මේ කියපු කතාව ගොඩක් කෙල්ලන්ට අදාල වෙන්නෙ නෑ. //
    **මේ කතාවට මමත් එකගයි, මේක ඇත්ත. ඉතින් මම මේකෙ සියලුම දූවරුන්ට අදාලයි කියල නෑනෙ. ඔබතුමාට එහෙම හිතෙනව නම් එක්කො මගේ රචනා ශෛලියෙ වැරැද්දක් ඇති, එහෙම නැත්තම් ඔබතුමාගෙ තේරුම් ගැනීමේ වැරැද්දක්.**

    //එහෙම ඔක්කොම කරලත් කුහක කෙනෙක්නම් මොකද වෙන්නෙ?//
    **මේ ගැන කියන්න තමා මම +-හැදියාවෙනුත් නොම්මර එක වෙන්න ඕනෙ-+ කියන එක යොදාගත්තෙ, ඒකෙන් ඒ බව නොහැගෙන බවක් තියෙනවද..?? මටත් ටිකක් එහෙම හිතෙනව, සත්‍ය වශයෙන්ම ඒක එහෙම නම් මගේ ලිවීමේ වැරැද්දක්, නැතිනම් ඔබතුමාගෙ තේරුම් ගැනීමේ අඩුවක්.**

    //ගෙදර වැඩ මැහුම් ගෙතුම් කරගෙන හිටියොත් විතරද හොඳ වෙන්නෙ? වෙන හැකියාවන් වටින්නෙ නැද්ද? ඔය කියන තරම් මල් වගේ ගෑනු හැදෙන එක හොඳ දෙයක්ද? එතකොට ලොකු දුක් කරදර උහුලන්නෙ කවුද?දැතකොට ජීවිතේ එක පාරක් හරි මේකප් කරපු අය, ෆේශල් එකක් දාපු අය, සැලෝන් ගිය අය නරක ගෑනු වෙනවද? ඇයි මෙහෙම පරු නිගමන වලට මිනිස්සු එන්නෙ? //
    **මේ ලිපියෙන් මා කීමට උත්සාහ කල කාරණය නිවැදිව විකාශය නොවු බවක් මට හැගී යනව. මෙම ලිපියෙන් මා කිසි විටෙකත් කිසිවෙකු අසාධාරණ ලෙස විවේචනය කිරීමට හෝ කිසිවෙකුට අපහාස කිරීමට බලාපොරොත්තු නොවුනු අතර මෙයින් හුදෙක්ම සමාජයට යහපත් පණිවිඩයක් දීම පමණක් බලාපොරොත්තු වූ බව කියන්න ඕනෙ. ලිවීමේද යම් යම් අඩු පාඩු සිදු වී ඇති බවක් හැගෙනව. නමුත් මා දෙන පණිවිඩය කිසිම අයුරකින් විකාශය නොවන්නෙ යැයි මා කිසි විටකත් සිතන්නෙ නෑ, නමුත් විවේචනයට තුඩු දිය හැකි යම් යම් සාධාරණ හේතුන් ඇති බව මා හට පැහැදිලිය. මෙයින් කිසියම් වැදගත් පණිවුඩයක් යමෙකුට ගත හැකි නම් මා ලබන පරම සතුට එයයි.
    අදහස් දැක්වීම වෙනුවෙන් ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි.

    ReplyDelete
  10. @seetha,
    //දැන් එහෙම කරන්න බෑනේ මහත්තයෝ ඔයාල වගේ කුහක මිනිස්සු අනික් අය අදින පළදින විදිහ ගැන තමන්ගේ ප්‍රශ්න පැත්තක තියල බලාගෙන ඉන්නකොට//**මෙයින් ඔබ අදහස් කලේ** //මචං උබේ පවුලේ කෙනෙක්ව පාරෙ යවපංකෝ එහෙමනං එහෙම ටොප් ලස් විදිහට ?// **අපි විවේචනය නොකරන්නේ නම් මෙය ඔබට කලහැකි දෙයක් බවද.**

    //පොඩ්ඩක් හිතල බලන්න ඔය මහත්තයල කියන්නේ කෙල්ලේ අඩුවෙන් අදින්න එපා මන්ගාව ඉන්න වනචරය මට sure නෑ පොඩ්ඩක් මොනවා හරි දැක්කොත් අවිස්සෙන්න පුළුවන් වගේ කතාවක් නේ//
    **මේකනෙ මහත්තයෝ, ඔබතුමා ඔය කියන විදියෙ වනචර සිතුවිල්ලක් මගේ ලග තියෙනව නම් මම මේ ලිපිය මේ විදියට ලියන්න උත්සාහ කරන්නෙ නෑනෙ. හැබැයි එහෙම ඇවිස්සෙන මිනිස්සු සමාජයේ නැත්තටම නැද්ද...?? ඇයි මේක දිහා සාධාරණව බලන්නෙ නැත්තෙ. මම ලිපිය ලිව්වම ඒක ලියන්නෙ මට සාපේක්ෂව පමණද. මේ ලිපිය තුල ගතයුතු වැදගත් දෙයක් ඇත්තෙම නැද්ද**

    //පුරාන ලංකාවේ නම් අපි දන්නා විදිහට බුද්දගමෙන් සික්ෂණයක් ලබපු මිනිස්සු හිටියේ ... ඒ ඇයන්ට කවුරු කොහොම ඇන්දත් ප්‍රශ්නයක් උනේ නෑ(සමහර කුල වල ගැහැණු පාර්ශවය උඩුකයට ඇන්දේ නෑ)//
    **පුරාතන ලංකාව නම් එහෙම තමා, ඒත් ඒ ලංකාවද තාමත් තියෙන්නෙ, අදටත් බහුතරයක් මිනිස්සු බොහෝම හොදයි, ඒත් පෙරට වඩා සමාජය දැන් පිරිහීමකට ලක්වෙලා නැද්ද..?? මේ තුලින් ගැහැනු දරුවන් කී දෙනෙක් විනාස වෙනවද, ගෑනු දරුවන් වගේම පිරිමි දරුවන්. ඒව ගැන ඔබතුමාල වැරදීමකින්වත් අහල නැද්ද, අඩුමගානෙ ඇහිලවත් නැද්ද. මේව පිළිකුල් සහගත නැද්ද, මගේ ලිපිය ඊට වඩා පිළිකුල්ද..??**

    ReplyDelete
  11. ගූගල් සර්ච් එකේ Sinhala කියල ගහපුවහම එන Drop Down ලිස්ට් එකේ පස් වෙනි එක Sinhala Wela Katha.
    කාගෙද වැරැද්ද?

    ReplyDelete
  12. බොහෝම අගේ ඇති ලිපියක් මීට තව ටිකක් එකතුවුනානම් හොදයි මේ ඉරිදා රිවිර පත්තරේ තිබුනා සරසවි සිසුවියන් කෙලසන මාහාචාර්යවරු පිළිබද.තමන්ගේ පහත් ආශාවන් ඉටුකරගන්න සරසවි සිසු සිසුවියන්ගේ පමණක් නොවේ බාල වයස්කාර දරුවන් වුවත් ප්‍රයෝජනයට ගන්න මිනිස්සුන්ට දඩුවම් දිය යුතුමයි.

    පට්ට කෑලි කියන්නේ ලාබ හින්දි ෆිල්ම් සිංහල ෆිල්ම් බලලා විහින් බඩු වෙන්න යන කෙල්ලෝ.උන් හිතන්නේ කොණ්ඩේ ස්ට්‍රේට් කරාම මාර ලස්සන ඇති කියලා ඒක උන්ගේ කැමැත්ත නිසා අපිට මුකුත් කියන්න බෑ ඒ වුනාට මේ චින්තනය එට ඇදගෙන යන්නේ අගාධයකට..

    ඔය seetha වාගේ මිනිස්සු තමයි මේ රට බඩු පොට් එකක් වෙනකන් බලන් ඉන්නේ තේරුම්ගනින් රට බඩු පොට් එකක් වෙනවා කියන්නේ උඹලාගේ සහෝදරියෝ විතරක් නෙමෙයි උඹේ ගෑනි වුනත් සුද්දන්ට රෙද්ද උස්සන්න පුරුදු වෙන එක..පස්සේ උන් කියයි මේක තමයි ලිංගික නිදහස කියලා

    තව දෙයක් පිරිමින්ට තියෙන්නේ ඇවිස්සෙන සුළු කාමයක් ඒවා එහෙම නෙමේනම් ඒක ලෙඩක්..මෙතන තේරුම් ගන්න ඕනේ තමන්ට අයිති නැති දෙයක් ගන්න එක පාපයක් කියලා...කෙල්ලෝ බාගෙට ඇදුම් ඇදලා අනේ මට කරලා පල වගේ ඉගියක් දෙනවානම් මිනිස්සුන්ට ඇස් නෑ හැගීම් දැනීම් නෑ වගේ ඉන්න බැරිවෙයි ගෑනු ලමෙක් වුනාම දැනගන්න ඕනේ සංවරව ඉන්න

    මේ හැමෝම පෘථග්ජන මිනිස්සු.seetha වගේ මිනිස්සුන්ව බිහි කරන්නේ හීනමානෙන් වැල කථා ලියන පො**** නිසායි බ්ලු ෆිල්ම් නිසායි.අනික මන්ඩිපාල මචං මේ seetha වගේ නැට්ට පාගන් ඉන්න එවුන්ට උත්තර දීලා වැඩකුත් නෑ බං.කොහොම කිව්වත් තමන්ගේ මතේ හරි කියලා හිතන් ඉන්නේ...

    යකෝ මේක ලංකාව ඇමෙරිකාව වත් එංගලන්තේවත් නෙමෙයි.හැම රටකටම සංස්කෘතියක් තියෙනවා වගේම ඒ සංස්කෘතිය රැකගන්න ඕනේ ඒක තමයි අනන්‍යතාවය.අනික seetha කියන එකා සීගිරියේ ගිහින් නෑ වගේ ඒකේ උඩුකය නිරුවත් චිත්‍ර වගේම උඩුකය සළු පෙරවූ චිත්‍ර පවා තියෙනවා...අනික චිත්‍ර කලාවේදි කාන්තාවන්ගේ පියයුරු සලකන්නේ කලාත්මක දෙයක් විදියට නාරි දේහය උනත් එහෙමයි ඒ නිසා ඒවයි මේ පට්ට කෑලියි සමාන කරන්න හදන්න එපා...ගමේ ගොඩේ හැදී වැඩුනු විනීත සංවර යුවතියක් විතරයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ හැමදාටම මට එහෙම එක්කෙනෙක් ඉන්නවා...

    කොලඹ උනත් ගැමි කෙල්ලෝ නැතිව නෙමෙයි ඒ ඉන්නේ මොලේ තියෙන එවුන්.එහෙම නැතිව පට්ට කෑල්ලක් විදියට හිතන කෙල්ලෙක් බැදගත්තොත් පවුල් ජීවිතත් ඉවරයි..

    තව කියවලා ලේ කෝප කරන්න බෑ මේ ඕපදූප හොයනවා නෙමෙයි ඇත්ත තත්වේ පෙන්නලා දීමක් කරන්නේ මේ වගේ දෙයක් කියපු එක ගැන උඹට ස්තූතියි මන්ඩිපාල දිගටම ලියහන් අපි ඉන්නවා උඹ එක්ක උඹ වගේ හිතන එවුන් අපිට ඕනේ

    ReplyDelete
  13. ඔය කියපු ගූගල් සර්ච් එක දාලා පල්ලෙහාටම ගිහින් බලන්න හැමෝටම බලන්න පුළුවන් ෆොටෝ තියෙනවද කියලා

    ReplyDelete
  14. @ seetha
    අපි අනුගමනය කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය , ඒකට විවිධ දේවල් පසු කාළිනව එකතු උනා .මම දන්න තරමට ඒකෙ ස්ත්‍රීන්ට ස්වයං ශික්ෂණය කියලා එකක් උගන්නනවා , හිරි ඔතප් කියලා දෙකකුත් උගන්නනවා , හැබැයි මේවා පුරුශයොන්ටත් අදාලයි.පොඩි කාලෙ අපේ සහෝදරියන්ට අපේ අම්මලා කියලා දුන්නේ සිනා නොමසෙන් දසන් දක්වා කියලා . මේවා වැරදි දේවල් ද ? සෙමි වික්ටෝරියන් ද ? මම හිතන්නේ ඇදුම් පැළදුම් වගේ පුහු දේවල් කතා කරනවට වඩා අපි අධ්‍යාත්මික හික්මීම ගැන හිතුවොත් හොදයි. නමුත් අද කාලේ ගැහැණු ළමයෙක් බඩුවක් නැතිනම් පට්ට කෑල්ලක් කරන්න පුළුවන් ඔය එක ඇදුමකට. මොකද මිනිස්සු මනින්නේ ඇදුමෙන් පුද්ගලයව. ගැහැණු ළමයෙක් හොදට හැදුනොත් පවුළට ආභරණයක් . ඔයාටත් ළමයි හිටිය දවසක මේවා තේරෙයි .

    ReplyDelete
  15. කාලෝචිතයි මලේ... මම ඔය වගේම ලිපියක් මේ ලගදි කියෙව්ව ඊමෙල් එකකින්.. එකේ තිබ්බෙත් පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් ගැන සංසන්දනය කරලා.. උඹ කියපු ටිකම තමා කියලා තිබුනේ...

    ඔය seetha නම් මට හිතෙන්නේ පට්ට කෑල්ලක්ද කොහෙද..ඒකයි එච්චර තද වෙලා තියෙන්නේ...

    ReplyDelete
  16. (**පුරාතන ලංකාව නම් එහෙම තමා, ඒත් ඒ ලංකාවද තාමත් තියෙන්නෙ, අදටත් බහුතරයක් මිනිස්සු බොහෝම හොදයි, ඒත් පෙරට වඩා සමාජය දැන් පිරිහීමකට ලක්වෙලා නැද්ද..?? මේ තුලින් ගැහැනු දරුවන් කී දෙනෙක් විනාස වෙනවද, ගෑනු දරුවන් වගේම පිරිමි දරුවන්. ඒව ගැන ඔබතුමාල වැරදීමකින්වත් අහල නැද්ද, අඩුමගානෙ ඇහිලවත් නැද්ද. මේව පිළිකුල් සහගත නැද්ද, මගේ ලිපිය ඊට වඩා පිළිකුල්ද..??** )

    මටත් ඕනි උනේ ඔය උත්තරේ තමා.... සංස්කෘතිය කියන්නේ ගතික දෙයක් එකතැනක නැවතිලා තියෙන දෙයක් නෙවි ..... ඉතින් ඇයි එහෙම දෙයක් කවුරුහරි වෙනස් නොකර තියාගන්න හදනවනම් උන් පිස්සෝ.. කවුහරි පැෂන් එකක් කරනවා නම් එක එයාට අදාළ දෙයක් එය තීරණය කරන්න ඔබ කවුද ? ඔබ ඇයි එක දිහා වැරදි විදිහට බලන්නේ ? ඒ ඔබේ හිතේ තියෙන කුහකත්වය නිසා නොවේද?

    (මම හිතන්නේ ඇදුම් පැළදුම් වගේ පුහු දේවල් කතා කරනවට වඩා අපි අධ්‍යාත්මික හික්මීම ගැන හිතුවොත් හොදයි)
    සහතික ඇත්ත මහත්තයෝ එක තමා මාත් මෙච්ච්ච්ර කියන්න උත්සහ කරේ ....... ඔබ අධ්‍යාත්මිකව හික්මිලා තියෙනවා නම් කවුරු කොහොම ඇන්දත් ඔබට එය ප්‍රශ්නයක් විය නොහැකිය ... පමා වෙලා හරි ඔබ එය තේරුම් ගත්ත එක හොදය

    ගැමියාගේ පත් ඉරුව (යකෝ මේක ලංකාව ඇමෙරිකාව වත් එංගලන්තේවත් නෙමෙයි.හැම රටකටම සංස්කෘතියක් තියෙනවා වගේම ඒ සංස්කෘතිය රැකගන්න ඕනේ ඒක තමයි අනන්‍යතාවය.)
    ඔබ කතා කරන්නේ කාගේ සංස්කෘතියක් ගැනද ? මම දන්නා තරමට පුරාන (හරි ) සිංහල සංස්කෘතිය ට නිරුවත් වීම ලොකු ගැටළුවක් නොවිණි .... එක ගැටළුවක් උනේ බටහිරයන් මෙහෙ ගෙන ආ වික්ටෝරියානු සන්ස්ක්රුතියටය් ........ මේක හිසේ මුදුනුන් තියාගෙන ඉන්න බටහිර අනුකාරකයෝ මෙවැනි පුහු තර්ක (දැනුවත්ව ) හෝ නොදැනුවත්ව නගති

    මම කියන්න අදහස් කරේ ඇදුමෙන් පලදුමෙන් කෙනෙක් මැනිය නොහැකි බවය් .... අගේ හදවත දෙසට එබී බලන්න .... ඔබ සිතනවාට වැඩ පට්ට කෑලි සමහර විට නිර්ව්‍යජ්‍ය විය හැක

    ReplyDelete
  17. dan baluwama me samahara aya kiyana widiyata pirimingei ara gas gal gane lagina ballangei wenasak na ne. Ai ona ekakin hangeem awissenawa ne. Ballata wage e feelings walata thanak nothanak na me kattiyata. Ona ganiyek kamak na sithuwili pahala karaganna. Me apiwa nam oya godata daganna epa.

    Andum perawagena ganu sanwara wunama pirimi ibema hadenawa nam arabiye un kisima wal sithuwillak athi karaganne nathuwa athi oluwe indan perawagaththa ganu dakala. (habai un thamai housemaidla pawa thaththala puthala ekathu wela rape karanne. Ganunge as dekath wahana afganisthane awurudu 7, 8 kellanwa naki dushanaya karanne. E ara kalu loguwa asanwara nisada?)

    anika me iskole yana 8 wasare withara podi daruwanta jack gahanna yana uncle la inne e daruwange uniform eka asanwara nisada? Dawasama mahansi wela dadiya peragena ammage athin bath katak kanna gedara yana daruwo dakala ashawan athi karaganna minissunta api e pirimi gathiya kiyala samawa denawada? Me rate hadanna ona kagewath andum kondada, naththam e jara chinthaneda?

    Hamadema honda naraka thiyenne balana kena mathai. Naththan thawa tika dawasakin me minissu kiyai daruwata kiri dena amma kenek dakalath ragayen awissuna, eka pirimi gathiya kiyala. Oya kiyana mahaththurunta ispirithaleka nam me athmeta weda karanna ba. Ai leddu hamawelema enne oluwe indan perawagena nevei ne. Ithin dakkoth awissenawa. Ane munge gamikama.

    Make up, andum, konde thiyenne e e kena kamathi widiyata. Makeup epa, straight karanna epa, kalisam epa cheeththa gawum witharak andinna kiyanna meka Taliban aanduwa nevei ne. Gode widiyata kamathi aya ehema indiy. Anik aya eyalata ona widiyata indiy. Thaman thaman gana hoyana ekai wadagath. Anunge actions palanaya karanna kalin thamange hitha palanaya karagaththa nam athi.

    Seegiri chithra gana katha wuna nisa meka kiyannam. Eke sundarathwaya windala eken sathutu wenna kenekuta puluwan. Ekenma wal hithak athi karaganna thawa kenekuta puluwan. Me dekama karanne minihek. Ethakota waradda chithreda e kena balana angle ekeda?

    ReplyDelete
  18. සැර වැඩි උනාට කමක් නෑ..කියන්න ඕනෙදේ කියලා තියෙනවනේ....

    ReplyDelete
  19. අන්තිම අනෝ ... සහතික ඇත්ත මාත් කියන්න උත්සහ කරේ මෙ ටිකම තමා ..... අනුන්ට නීති දන එකෙන් රටක හොද වෙනවා නම් අරාබි රටවල් තමා ලෝකේ හොදම ...

    නමුත් බලන්න බටහිර රටවල එකම ගෙදර අදුරන්නේ නැති ගනු පිරිමි ඉන්නවා කවදාවත් rape එකක් ගැන අහනවද ? මම ඉගෙන ගන්න විශ්වවිද්යලෙත් එහෙමය් කවදාවත් එහෙම දෙයක් අහල නෑ... දැන් ලංකාවේ ඔහොම කරන්න පුළුවන් ද ... බෑ ... දැන් කියය මම බටහිර අනුකරකයෙක් කියල ... නෑ මම එකේ අනික් පැත්ත ....
    මේ ඔක්කොටොම හේතු උනේ යටත් විජිත යුගයේ අපේ සමාජයට කා වද්දපු උන්ගේ ඊනියා වික්ටෝරියන් සංස්කෘතිය නිසය් ...දැඩි ලිංගික නීති .. විවාහ නීති ... ඇදුම් පැළදුම් ... දැන් බලන්න පුරාණ ලංකාවේ ගැහැණු පිරිමි එකට ඉගෙන ගත්තේ ... මේ බටහිරයෝ මොකද කරේ වෙන වෙනම පාසල් දැම්ම .... මේ ඔක්කොම නිසා මනස විකුර්ති උණු පිරිසක් අද ලංකාවේ ඉන්නේ ...

    බටහිරයන් තමන්ගේ වැරදි තේරුම් ගෙන වෙනස් උනා ... අපේ අය තාමත් අනුන්ගේ සංස්කෘතියක් තමන්ගේ වගේ බදාගෙන ඉන්නවා

    ReplyDelete
  20. අක්ක නගෝ දෙන්නෙක් එකම මනුස්සය සමග හිටියේ (එප්පාවල) ඔබ කියන ගමේ කෙල්ලොද ? නගරේ modern කෙල්ලෝ කී දෙනෙක් මේ වැඩේ කරනවද ?

    ReplyDelete
  21. http://www.divaina.com/2011/12/12/dead.jpg

    නියම ගැමිකම පිලිබිබු වන අයුරුන් ඔවුන් ඇද පැළද සිටින අයුරු බලන්න, ඔවුන් කොතරම් සීලචාරද (ඔවුන්ගේ පවුදග්ලික හැසිරීම් විවේචනය කිරීමට මට අයිතියක් නැත ... එම නිසා මම කරන්නේ විවේචනයක් නොව උදාහරණයකට ගැනීම පමණි), නමුත් සිදු වූ දේ මුළු රටම දනී ... කොතනද වැරැද්ද ... ඇදුමෙන් පලදුමෙන් කිසිවක් කිව හැකිද ? ප්‍රශ්නය ඇත්තේ ඔබේ ඊනියා මිනුම් දඩු වලා නොවේ ද ?

    ReplyDelete
  22. සාමාන්‍යයෙන් ගොඩේ කෙල්ලෙක්ය කියල හදුන්වන අහිංසක දෝනි කෙනෙක්ගෙ ජීවිතේ ගෙවිල යන්නෙ කොහොමද, කෙටියෙන් කිව්වොත් පොඩි කාලෙ අම්මත් එක්කම පස්සෙන්මයි, ලොකු වෙන කොට ඉස්කෝලෙ යනව, ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනව, අම්මලත් එක්ක නෑදෑයොත් එක්ක ගෙදරට සුරැකිව මලක් වගේ පරිස්සමට තරුණ කාලෙ කල්ගෙවනව, හැමෝගෙම ආශිර්වාද මැද්දෙ ගැලපෙන දීගෙකට යනව, ඊට පස්සෙ යුග දිවිය.

    --ඔබ පිළිපදින්නේ බුදුහාමුදුරුවොන්ට පෙර සිටි බමුණන් කියා දුන් කාන්තාව පළමුව දෙමාපියන් යටතේත් .. දෙවනුව වැඩි වියට පත් වූ පසු ස්වාමියා යටතේත් .. මහලු කල පුතා යටතේත් සිටිය යුතුය් කියන මතයද නැත්තම් බුදුහාමුදුරුවන් කියා දුන් කාන්තාව ට තනියම තමන්ට අවශ්‍ය තීරණ (අදින ඇදුම ඇතුළුව) ගත හැක කියන මතයේ ද (ඔවුන්ට මහන වීමට පවා තනියම තීරණ ගත හැකි විය ) ?

    ReplyDelete
  23. මේ අඩවියට ආවේ අදමය සංවාදය දිගටම බැලුවම පොඩි කලකිරීමකුත් ආවා. එත් මේ බ්ලොග් අඩවියේ කතෘ තුමාට දෙයක් කියන්න කැමතියි...

    පණ්ඩිතයන් 100 ක් සමග වාද කර දිනිය හැක. ඒත් මෝඩයෙක් සමග වාද කළ නොහැක...

    ඒක නිසා මණ්ඩිපාල මහත්තයා අනවශ්‍ය දේට පිළිතුරු නොදෙයි කියා සිතෙනවා. මමත් මේ වගේ “සියල්ල දත්“ සංවාද වල පැටලිලා තියෙනවා. තේරුමක් නෑ...

    කලවම් නැති සිංහල ලේ තියෙන මිනිස්සු ටිකක් හරි තාම ඉන්නවා කියලා පේන්න තියෙන එකත් සතුටක්... අපිට වෙලා තියෙන ලොකුම වැරැද්ද තමයි වර්තමානයේ ජීවත් වෙන්නැතුව අතීතයේ කුණු බක්කි ඇවිස්සීමයි, අනාගතේ සිහින මන්දිර තැනීමයි... !

    හොඳ ලිපියක්... වැඩේ නවත්තන්න එපා. එකෙක් හරි හැදුනොත් ඒකත් ඇති... ජයවේවා !!!

    ReplyDelete
  24. සංවාදයක් ඇති කිරීමට තරම් විවුර්ත මනසක් හා මේරු බුද්ද්දියක් ඇති අයෙක් මේ බ්ලොගය තුල නැති බව පෙනී යන නිසා මේ සංවාදය මෙතනින් නවත් වමි... කෙසේ උවත් කිසිවෙකුට මේ සම්බන්දයෙන් වැඩිදුර කියවීමක් අවශ්‍ය නම් පහත සබැදිය යෝජනා කරමි

    http://sathsamudura.blogspot.com/2011/11/18.html

    ReplyDelete
  25. සංස්කෘතිය කියන්නේ එක තැන පල්නොකරන දෙයක් කියලා seetha කිව්වට මම අහන්න කැමතියි සංස්කෘතිය අළුත් කරනවා කියලා නිරුවත් සමාජයක් නවීන ලෝකයේ දියුණුවත් එක්ක ගොඩනගන්න ඕනෙද කියලා...දියුණුව කියලා හැමදේම තිබුනු පලියට ඒවා වැළදගන්න යන එක මෝඩකමක්.සංස්කෘතිය තමයි සභ්‍යත්වයේ තෝතැන්න ඒවා අමතක කරලා ඉස්සරහට යන්න පුළුවන් ඒත් අන්තිමට ඉතුරුවෙන්නේ විනාසයක් විතරයි.

    Chathuranga Perera හරියටම හරි

    ReplyDelete
  26. seetha කිව් ලිපිය කියවා මේ ලිපියත් කියවන මෙන් ඉල්ලා සිටින්නට කැමතියි. හැම දේම සාපේක්ෂයි කියලා තමන්ගේම මතයේ එල්ලිලා ඉන්න මහත්වරු දැනගන්නවා නම් හොඳයි...

    මෙන්න පාර

    http://ambagaha.blogspot.com/2011/10/blog-post_29.html

    ReplyDelete
  27. @බණ්ඩක්කා,
    ඔබ මෙම ලිපිය හොදින් කියවා එහි හරය අවබෝධකොට ගෙන මාගේ ලිපිය අගය කිරීම හා දිරිගැන්වීම වෙනුවෙන් මාගේ හෘද්‍යාංගම ස්තූතිය.
    ________________________________________________

    @Mobileman,
    මාගේ ලිපියට අදහස් දැක්වීම වෙනුවෙන් හෘද්‍යාංගම ස්තුතිය.
    _______________________________________________

    @Senna,
    ඔබ මෙම ලිපිය හොදින් කියවා එහි හරය අවබෝධකොට ගෙන මාගේ ලිපිය අගය කිරීම හා දිරිගැන්වීම වෙනුවෙන් මාගේ හෘද්‍යාංගම ස්තූතිය.
    _______________________________________________

    @ඔබ නොදු‍ටු ලොවක්,
    ඔබ මෙම ලිපිය හොදින් කියවා එහි හරය අවබෝධකොට ගෙන මාගේ ලිපිය අගය කිරීම හා දිරිගැන්වීම වෙනුවෙන් මාගේ හෘද්‍යාංගම ස්තූතිය.
    ________________________________________________

    @Chathuranga Perera,
    ඔබ මෙම ලිපිය හොදින් කියවා එහි හරය අවබෝධකොට ගෙන මාගේ ලිපිය අගය කිරීම හා දිරිගැන්වීම වෙනුවෙන් මාගේ හෘද්‍යාංගම ස්තූතිය.
    ________________________________________________

    @ගැමියා,
    ඔබ මෙම ලිපිය හොදින් කියවා එහි හරය අවබෝධකොට ගෙන මාගේ ලිපිය අගය කිරීම හා දිරිගැන්වීම වෙනුවෙන් මාගේ හෘද්‍යාංගම ස්තූතිය.
    ____________________________________________

    @seetha,
    ලිපියට අදහස් දැක්වීම වෙනුවෙන් හෘද්‍යාංගම ස්තූතිය.
    ______________________________________________

    @Anonymous,
    ලිපියට අදහස් දැක්වීම වෙනුවෙන් හෘද්‍යාංගම ස්තූතිය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...