Thursday, December 15, 2011

බයිසිකලේ කාගෙ වාහනේද..???


         මම මේ කියන්න යන්නෙ මම 10 වසරෙ ඉගෙන ගන්න කාලෙ වෙච්ච රසවත් කතාවක් හරිය. රසවත් කතාවක් කිව්වට මොකද ඕක වෙච්චි දවසෙ අපිට හිනා වෙලා  පණ නෑ. එහෙනම් අහගන්නකො කතාව, ඔන්න එදා 7 හෝ 8 වෙනි පීරියඩ් එක යන්නෙ දැන්, මේ වෙලාවට තියෙන්නෙ අපිට සිංහල. සිංහල පීරියඩ් එකට මාරු උනා විතරයි සර් එනකං ළමයි බර කතාව. 
       
         සමහරු පන්තිය වටේ යනවා, සමහරු පිටිපස්ස හැරිල කතාව, තවත්  සමහරු එහාපැත්තෙ කෙනත් එක්ක කතාව.  ඔය වගේ දැන් පන්තියෙ මාර ඝෝෂාව. සිංහල සර් වෙනද වගේම සිනා මුසු මුහුණින් පන්තියට ආව, එන කොටම කට්ටිය සයිලන්ට්. ඔන්න දැන් ඇවිල්ල පාඩම පටන් ගත්ත, මේ පාඩමේ නම බයිසිකලය. ඔන්න දැන් පාඩම නැගලම යනව. ඔය අතරෙ පන්තියෙ හිටපු ළමයෙක්(මෙයාට අපි ඉලුක්ෂ කියමු) එහාපැත්තෙ කෙනත් එක්ක බර කතාව, සර් එක පාරටම ඕක දැක්ක. සර් පාඩම නවත්තල ඉලුක්ෂට කිව්ව "තමුසෙ නැගිටිනව.." කියල. ඔන්න දැන් ඉලුක්ෂ ඇඹරි ඇඹරි නැගිට්ට, එතකොටම සර් ඇහුව "බයිසිකලේ කාගෙ වාහනේද..??" කියල. මූ කට ගත්ත ගමන් කියාපි "කතරගම දෙයියොන්ගෙ වාහනේ..." කියල.


         අපිට පණ යන්න හිනා, සර්ට ඕකට පොඩ්ඩක් විතර තද උනා, සර් මුට කිව්ව "යනව තමුසෙ පන්තියෙන් එළියට.." කියල. මූ එළියට ගියාම සර්ටත් හිනා. එදා අපිත් එක්ක හිටපු අයට තාම මතකයි ඔය සිද්දිය, හැමෝම හිනා වෙවී මතක් කරනව මුණ ගැහුනු වෙලාවට. ඉලුක්ෂ ගැනත් මේ වෙලාවෙ පොඩ්ඩක් කියන්න ඕනෙ. 

        මිනිහ කට ඇරියොත් තැනක් නොතැනක් නෑ කියන්නෙ කට කැඩිච්ච කතාමයි. ඒත් මිනිහගෙ මනුස්සකම අතින් ගත්තම ඉතාම ඉහලයි, තව කෙනෙකුට උදව් කරන්න ඕනෙ වෙලාවක රෙඩි පිට ඉන්නෙ,  උදව්ව කරන්නෙත් නිකම් නෙමෙයි බොක්කෙන්ම. පාරෙ යද්දි අපි මිනිහව දැක්කෙ නැතුව පහු උනොත් කොයි තරම් හරි දුර පස්සෙන් ඇවිල්ල පිටට තට්ටුවක් දාල ආ...මචං කියල යන්නෙ. ඒ අතින් මිනිහ උපරිමයි. මම ඔහුගෙ අනාගතයටත් සුභ පතන ගමන්, අපේ කට්ටියටත් ආයුබොවං එහෙනම්. අපි ගියා ඕං...

මන්ඩිපාල ගැන පොඩ්ඩක්...



අපේ අම්මයි තාත්තයි දෙන්නම ආණ්ඩුවෙ රස්සා කරන උදවිය, මම තමයි පවුලේ වැඩිමලා. මම මේ කියන්න යන්නෙ මම හිංචි එකා කාලෙ වෙච්ච වැඩක්. අපේ ගෙදර තේ හැදුවම හැමෝම එකට තේ බොන්නෙ, මම පවුලෙ වැඩිමලා නිසා මම හිංචි එකා කාලෙ අපේ ගෙදරින් ප්ලේන් ටී බොන්නෙ අම්මයි තාත්තයි විතරයි, අනෙක අපි තුන් දෙනා විතරයිනෙ ගෙදර. මට ඒ කාලෙ කිසිම දෙයක් කවන්න බෑලු, කැව්වට කන්නෑලු. අඩුම ගානෙ කිරි එකක් හදල දුන්නට බොන්නෙත් නෑලු වැඩිය, ඒ සිද්දිය එහෙමෙයි කියමු. අපේ අම්මයි තාත්තයි ඒ කාලෙ තේ බොන කොට මම කොහේ හිටියත් ඇවිල්ල තාත්ගෙ උකුලෙන් වාඩි වෙනවලු, වාඩිවෙලා ඉන්නවලු දෙන්න තේ බොනකන්. සද්ද නැතුව හිටියට මම ඉන්නෙ අම්මගෙයි තාත්තගෙයි තේ කෝප්ප දෙකට ඇහැ දාගෙනලු. ඹහොම ඉදල ඉදල ඉක්මනටම තේ බීල ඉවර වෙන කෙනාගෙ කෝප්පෙ කොහොම හරි අඩල අඩල දගලල උදුරගෙන මන්ඩිටික මම බොනවලු, බීල වීරය වගේ කියනවලු මම තමයි තේ කෝප්පෙම බිව්ව කියල. මට කොච්චර එපා කිව්වත් මම ඒ වැඩේ නවත්තන්නෙම නෑලු. ඹය සිද්දිය නවත්ත ගන්න ඹ්නෙ නිසා ඒ කාලෙ අම්මයි තාත්තයි මට මන්ඩිපාල කියල විහිලු කරාලු, ඒ කාලෙ ඒ නම කිව්වම මට තද වෙනවයි කියල තමයි අම්ම කියන්නෙ. කොහොම හරි නම කියන නිසා මම අන්තිමට මන්ඩි බොන එක නැවැත්තුවලු….
Related Posts Plugin for WordPress, Blogger...