Monday, May 14, 2012

අයියෝ...!!! (දුක්මුසුව ලියමි...)


මා අවසන් වරට පල කල ලිපියේ මාතෘකාව සංවේගයෙන් දැනුම් දීමයි ලෙස යෙදුවේ ඉඳුරාම එම ලිපියේ මා අදහස් කල අදහස සිතෙහි තබාගෙන මිස දිගින් දිගටම සංවේදජනක මාතෘකා යෙදීමේ බලාපොරොත්තුවෙන් නොවේ. එම ලිපියෙන් පසු තුංමාසයක් ගතවුවද මා හට ලිපියක් පල කිරීමට නොහැකිවූයේ මාගේ විවිධාකාර අධ්‍යාපන කටයුතු, රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ(මෙය දැන් වෘත්තයේ මට්ටමෙන් සිදුවන බව කරුණවෙන් සලකන්න. සම්මුඛ පරීක්ෂණ සඳහා යෑමට වැයවන ගමන් ගාස්තු එකතු කර බැංකු ගිණුමක දැම්මා නං රැකියාවක් ලැබෙනවාට වඩා ලාභදායීය) හා වෙනත් කටයුතු එක දිගට යෙදීමත් ඒ මගින් ඇති වූ දැඩි විඩාව නිසා ඇතිවන කම්මැලිකමත්(මා හට ආවේණිකදැයි සැකයක් පවතී) හේතුවෙනි. කාලය කලමණාකරනය කර ගතහොත් ලිපියක් දැමීමටම තරම් නොහැකි තත්වයක් නොතිබුණද මානසික මට්ටම ලිපියක් දැමීමට තරම් නරවුල් මට්ටමක නොතිබිණි. කෙසේ වුවද මාගේ නොසැලිකිලිමත් බාවය 45%ක්ද මේ නොහැකියාව තුල ඇති බව මා සිතට නැගෙනුයේ මා හටද දෝෂාරෝපණයක් එල්ල කරගනිමිනි. තව මසක් ඇතුලත මා නැවතත් බ්ලොග් ලිවීම අරඹන බව දිනපතා සිතූ නමුත් මේ වන විටත් ඇරඹීමට නොහැකි විය. අවුරුදු උත්සවයට පැමිණීමටද දැඩි ආශාවකින් පසුවුවද එයටද කොහේන්දෝ බාධාවක් ඇති විය. ඒකෙන් මේකෙන් බ්ලොග් ලිවිල්ල කල් යන අතරතුර හදිසියේ දැනගන්නට ලැබුණේ අප සදාදරණීය බ්ලොග්කරුවෙකු වන ආදරණීය ඔබා මාමා අප තනිකර ගොස් ඇති බවය. ඒ පණිවිඩය දැනගත් විගස දැඩි කම්පනයක් හා ශෝකයක් ඇතිවිය. ඒ විගසම ඔබා මාමාගේ බ්ලොග් කෑල්ල දෙස රවුමක් ගසා ගැමියා අමතා විස්තර ඇසූපසු ඔහු දන්නේද නැත, පසුව ඔහු සියල්ල සොයා මා හට පැවසීය. සිංහල බ්ලොග්කරුවන් අතර අසමසම ආකර්ෂණයක් දිනා සිටි ඔබා මාමා මුණ ගැසීමට මාද සිටියේ දැඩි ආශාවකිනි. ගැමියා ඔබා මාමා සමඟ ගත් ඡායාරූපය මට මේ මොහොතේ සිහිවේ. එය පෙන්වා ඔහු මහත් ආඩම්බරයෙන් පැවසුයේ මම ඔබා මාමා එක්ක ෆොටෝ එකක් ගත්තා යනුවෙනි. සිහිනෙකින්වත් නොසිතූ මෙම නික්ම යාම තවමත් මා හට සිහිනයක් වැනිය. සත්‍ය වශයෙන්ම මා මෙම සටහන ලියනුයේ ප්‍රබන්ධයක් ලියන්නාක් වැනි මනසකිනි. සැබැවින්ම සිතාමතා සජීවීකරණයක් මැවීමට උත්සාහකරමි. ඒ තරමට මෙය මෙම සිදුවීම වටහාගත නොහැක. අදහාගත හැකි වුවද නොහැකි වුවද සියල්ල සිදුවී හමාරය, සිංහල බ්ලොග් ලෝකය රසවත් කිරීමට සිටි අසමසම රචකයෙක් අප අතරින් වියෝ විය.
ඔබා මාමේ ඔබට නිවන් සුව...!!
උපදි උපදින ආත්මයක් පාසා අප අතරම සත්පුරුෂ ආශ්‍රයන් ඇතිව, සැප සම්පත්, ධන ධාන්‍ය, ගුණ යහපත්කම්, නැණ නුවන, ප්‍රඥාව වීර්යය, ඇතිව නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ඇති උපදීවා...!!

ප.ලි.  නොඳුටු අයියා/ සයුරි අක්කා/ ශානි අක්කා/ සෙන්නා අයියා/ ගැමියා/ පුංචි කුමාරිහාමි/ තරූ/ සම්මානි/ චතුබට්ටි... අනේ මම මේ ටිකේ පොඩ්ඩක් හිරවෙලා ඉන්නෙ හොඳේ. ආතක් පාතක් නැති ලක්ෂණයකුත් පෙන්නුම් කරනව හිටපුගමන්. මේ සීනිකෝන් ටික සෙන්ටිමෙන්ටල් වෙනව තව සති තුනක් යනකොට. ඊට පස්සෙ ඔයාලව බලන්න එනව හොඳේ. හිතේ කහටක් එහෙම තියාගන්න එපා හොඳේ. කොල්ල තාම ඉස්තාවරයක් හදාගන්න දඟලනව. ඉතිං මේ දවස්වල හොම්බෙංනුත් යනව ටිකක්. මගෙන් අතපසු වීමක් වුනානං සොරි හොඳේ. ආදරණීය සයුරී අක්කා, සෙන්නා අයියා.. ඔයාල දෙන්න මම ගැන අහල තිබුණ ගොඩක් සැරයක්. කොමෙන්ට්වලත් දැක්කා, මට ගැමියත් කිව්ව. තව කට්ටිය මාව හොයල තිබුණ. හැමෝටම ගොඩාක් ඉස්තූතියි හොඳේ මාව මතක් වෙලා මං ගැන හෙව්වට. නහුතෙට හොම්බෙං යන වෙලාවෙ ඔබා මාම වෙනුවෙන් පෝස්ට් එකක් දාන්න ආපු ගමං මේ. මම එහෙනං යනව හොඳේ, එසයිමන්ට් කෑල්ලක් තියෙනව ඉවර කරන්න. මේව පොඩ්ඩක් ලිහිල් කරගෙන එනව හොඳේ. සයුරි අක්කා, සෙන්න අයියා, ශානි අක්කා, ගැමියා... ඇතුලු හැමෝටම බුදු සරණයි...!!! ජය වේවා...!!!
උඩ තියෙන ෆොටෝ කෑල්ල ඉස්සුවෙ : මෙතනින්...

10 comments:

  1. ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  2. ඔබා මාමාට නිවන් සුව ලැබේවා....!!!!

    ReplyDelete
  3. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  4. ඔබා මාමේ ඔබට නිවන් සුව ;( ඒත් ඊට කලින් ආපහු එක වතාවක් හරි අපි අතරේ ඉපදෙයි කියලා හිතනවා...

    මන්ඩි මලයෝ, අනේ එහෙමත් අමතක වෙනවද? මට හිතුනා මොකක් හරි හොම්බෙන් යෑමක් සෙට් වෙලා තමයි කියලා. මුලින්ම ඒ වැඩ ටික ඉවර කරගෙන ඉන්නකෝ එහෙනම්...ගොඩ කාලයක් නම් නෑවිත් ඉන්න එපා...මන්ඩි නැතුව තේ බීලා මෙලෝ රහක් නැහැ නේ අපිට...එහෙනම් පස්සේ ඇවිත් පොස්ටුවක් දාන්න හොඳේ...

    ReplyDelete
  5. ඔබා මාමේ මතු උපදින හැම ආත්මයකම අප අතරම නුඹ ඉපදේවා...

    හරි හරි වැඩපල ඉවර කරගෙන හෙමිහිට ලියමුකෝ. අපේ හිත්වල ඉතිං කහට තියා ගන්නෑනේ. ඔන්න අපේ හිත්වල තියෙන්නේ මන්ඩි විතරයි.මමත් මේ දවස්වල එපා වෙලා.මැෂිම ලෙඩ දෙනවා. කමෙන්ට් කරන්නවත් බෑ. දාන කමෙන්ට් එක හතර පස්සැරේ වැටෙනවා.

    ReplyDelete
  6. ඔහු අපිව දාලා යන්න ගිහින් මලේ...මුලු බ්ලොග් අවකාශෙම පාලු වෙලා.. හැමෝම තුෂ්නිම්භූත වෙලා... මේ සිද්ද වෙච්ච දේ අදහා ගන්ඩ බැරුව.

    නිවන් දක්නා තුරා ඔහු යලි යලිත් අප අතරම ඉපදේවා !!!

    මණ්ඩි මලේ, උඹ මෙහෙම හරි ආපු එක සතුටක්..ඉක්මනින් ආයෙ සුපුරුදු රිද්මයට වැටියන්.. ඒත් උඹ ලියන ඒවා කියවන්ඩ ඒවට කමෙන්ට් දාන්ඩ ඔබා මාමා නෑ...

    ReplyDelete
  7. නොදුටු ඔබා මාමේ ඔබට නිවන් සුව!!
    විස්තර කිව්වාට මණ්ඩිට ස්තුතියි. අපි සිංඩියට ටිකක් අළුත් නිසා බොහෝ දෙනෙක් තවම හදුනාගන්න බැරිවුනා. හදුනාගන්නත් පෙර වටිනා මිතුරෙක් නැතිවෙලා.....

    ReplyDelete
  8. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  9. //ගැමියා ඔබා මාමා සමඟ ගත් ඡායාරූපය මට මේ මොහොතේ සිහිවේ. එය පෙන්වා ඔහු මහත් ආඩම්බරයෙන් පැවසුයේ මම ඔබා මාමා එක්ක ෆොටෝ එකක් ගත්තා යනුවෙනි. // මේක මට ලොකු ආඩම්බරයක් උනා බං මම දන්න අඳුරන හැමෝටම පෙන්නුවා දැන් ඒක හිත හොඳ මනුස්සයෙක් වෙනුවෙන් මතක වස්තුවක් වෙලා මම හිතුවෙවත් නැති විදියට..

    උඹ මට කතාකරලා මේ දේ කියද්දි මට හිතුනේ මාව අන්දන්න හදනවා කියලා.ඒත් බුකියට ගිහින් බලනකොට උඩින්ම ඔබා මාමගේ පින්තූරේ තියෙනකොට මට හිතාගන්න බැරිවුනා බං.මම එහෙම්ම බලාගෙන හිටියෙ හිතාගන්න බැරිව...

    මම කීප පාරක්ම අවුරුදු උත්සවේදි ඔබා මාමා එක්ක ගහපු පොටෝ බැලුවා බං මම හිතන්නේ ඔබා මාමා එදා වෙන කවදාකටවත් වඩා සෑහෙන්න සතුටකින් හිටියා හිනාවේගෙන.උඹට මුනගැහුනනම් තේරෙයි කොහොම මනුස්සයෙක්ද කියලා.මට මෙහෙමනම් බ්ලොග් ලෝකේ සෑහෙන කාලයක් ඔබා මාමව ඇසුරු කරපු අයට කොහොම දැනෙනවා ඇත්ද....

    මගේ දුප්පත් පෝං එකෙන් කීප දෙනාගෙයි පොටෝ ගන්න පුළුවන් වුනේ ඒත් ඔබා මාමා එක්ක ගත්තු පොටෝව තමයි තව කාත් එක්ක හරි ඉඳලා ගත්තු එකම පොටෝව.කරට අත දාගෙන පොටෝව ගත්තම විහිළුවක් කරලා හෙහ් හෙහ් කියලා හිනාවෙච්චි ඔබා මාමා හිටි හැටියේ මෙහෙම ගිය එක හිතාගන්න බෑ මන්ඩියෝ.... හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩු ඇයි බං

    ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  10. ඔබා මාමාට නිවන් සුව... මමත් මල්ලිගේ පෝස්ට් එකක් එනකල් බල බල හිටියේ... නම වෙනස් කලාට අඳුන ගන්න බැරි වෙන එකක් නෑ නේ... මල්ලිටත් බුදු සරණයි... (මම ශානි අක්කා.. නම වෙනස් කළා)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...