Saturday, January 7, 2012

මේ තරම් සියුමැලිද කළුගල්...


මේ ලියන්න යන්නෙ නම් වල් පල් ටිකක් නම් නෙමෙයි ඕන්, ටිකක් එහෙමත් තමයි. ඒත් එහෙම්මමත් නෑ. කමක් නෑ කොයි එක උනත් වල් පල් නැත්තම් රහකුත් නෑ නෙව. මම මේ මෑතකදි ඉන්න ගමන් පට්ටම සිංදුවක් ඇහුව, ඒක මම යූටියුබ් එකෙන් අහල මූණු පොතටත් ෂෙයාර් කලා. ඒක කොච්චර ලස්සන සිංදුවක් උනත් ලයික් 2යි වැටුනෙ, එකක් මගෙන්. අනෙක මම දන්න කියන අක්ක කෙනෙක්ගෙන්. ලයික් 2කට සීමා වෙන්න හේතුව තමයි ඔය සිංදුව පට්ටම එකක් වීම, ඒ කිව්වෙ සාහිත්‍යයය රසස්වාදය උපරිමයි, සංගීතයත් හරිම සෞම්‍යයයි. කන කකියන්නැතුව අහන්න පුළුවන්. මට ඉතින් ඇස් දිගුවෙන ලබැඳියන්ට සිංදු කියන අනංගයන්ගේ මෙලෝ විචාරයක් නැති සිංදු අහල පුරුද්දක් නෑ නෙව. ඉතින් ඔය සිංදුව මූණු පොතේ හිටපු අනිත් එකෙක්ටවත් අල්ලල ගියේ නෑ, උන් හොයන්නෙම මං හිනැහෙන විදිය ගැන කියන සිංදු. හරි ඒක එහෙමයි කියමු. ඔන්න ඊට පස්සෙ දවසෙ අර සිංදුවට ලයික් එක දාපු අක්ක ඔන්ලයින් ආව. මට ඉතින් හිතුන මම දාපු සිංදුව ගැන එයාගෙන් අහල බලන්න, එයත් ඒකට හොඳ විචාරයක් දුන්න. ඊට පස්සෙ ඉතින් මට ෆුල් සැටිස්, වෙන මොකක් වත් නිසා නෙමෙයි ඒ වගේ සිංදුවලටත් කැමති තරුණ උදවිය ඉන්නව නෙවද කියල. ඊට පස්සෙ මෙයා මගෙන් අහනව malli oya ahala thiyenawada me tharam siyumelida kalugal kiyala sinduwak කියල. මම ඉතින් ඕක අහලම නෑ, කාගෙද කියල ඇහුවම එයා කිව්ව සුනිල් එදිරිසිංහයන්ගෙ කියල. මම ක්ෂණිකව යූටියුබ් එක පීරල සිංදුව හොයා ගත්ත, අහල බැලුවම පට්ටම සිංදුව,

මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..//

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරි මදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා...//

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...//

මේ තරම් සියුමැලිද කළුගල්....
________________________
සුගායනය : සුනිල් එදිරිසිංහයන්.
සංගීතය : දර්ශන රුවන් දිසානායක.
පද රචනය : රජීව් වසන්ත වෙල්ගම.

ඉතින් ඒ අක්කම මගෙන් ඇහුව මේකෙ තේරුම දන්නවද කියල, මමත් ටිකක් කල්පනා කරල එයාගෙන් ඇහුවම එයා දන්නෙත් නෑ. තව යාලුවො කීප දෙනෙක්ගෙන් ඇහුවම උන් කිව්වෙම මේ කියන්නෙ අවුකන බුදු පිළිම වහන්සේ ගැන කියල. මට ඒක එච්චර ඇල්ලුවෙ නෑ. මම කළේ ටිකක් කල්පනා කර කර මේකට තේරුමක් ලිව්ව. මම හිතන විදියට මේකෙ සිද්දිය මේකයි. මේ රචකයාට මුණ ගැහෙනව බොහොම සියුමැලි, ඔහුගෙ හිතට ගැලපෙන තරුණියක්. මොහුගෙ හිතෙත් ඉතින් ඇය ගැන ආදර බර හැගීමක් ඇති වෙනව. මොහු කරන්නෙ හොද වෙලාව ආපු ගමන් තමන්ගෙ ආදරය ප්‍රකාශ කරනව. කොච්චර ලං වෙන්න හැදුවත් ඇය කැමතිම නෑ, ඇගේ හිත මොහුට නැමෙන්නෙම නෑ. මැගේ පෙනුම ඉතා සියුමැලි බව ඔහුට මුලදි පෙනුනත් ඇගේ දැඩි මතය නිසා පසුව ටික ටික මොහුට ඇගේ හිත කළු ගලක් වගේ පේන්න ගත්ත, සියුමැලි තරුණියක් තුල මේතරම් දැඩි මත තියෙනවද යන්න මොහුට ඉතා සංකීර්ණ ගැටලුවක් වුනා.  
මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නට වත් බැරි නිසා... පද පේළියෙන් කියන්නෙ ඒක කියලයි මට හිතෙන්නෙ.

දැන් ඉතින් ඔහුට පේන්නෙ මේ තරුණිය කළුගලක් වගේ නෙව, එහෙම උනා කියල එක සැනින් ආදරේ අඩු වෙන්නෙත් නෑ නෙව. දැන් ඉතින් මොහුට ඕනෙ කළුගල උනත් කමක් නෑ මෙල්ල කරල ගන්න. අවුකන බුදු පිළිම වහන්සේ කියන්නෙ අපේ රටේ තියෙන අති විශිෂ්ඨ ශෛලමය නිර්මාණයක් නෙව. දැන් ඉතින් මොහු යනව ඒක හදපු ශිල්පියාව හොයා ගෙන. යන කොට ඒ අති සම්භාව්‍ය ශිල්පිය කලා වැව ලග පිහිටි ඔහුගේ කුඩා නිවසේ මැටි පිලේ පැදුරක් එලාගෙන වාඩි වී සිටිනව, ඔහු නිහඩව තම අත පය පිරිමදිමින්, කලා වැවේ රළ බිදෙන දෙස බලමින් නිස්කලංකව සිටින අයුරු රචකයා මෙහෙම කියනව.
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..//

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරි මදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා...//

ඔන්න දැන් රචකය කිට්ටු වෙලා හෙමින් සැරේ තමන්ගෙ ගැටළුව ඉදිරිපත් කරනව, 
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා...
රචකය අහන්නෙ නුඹ අර ඉසුරුමුණියෙ නිර්මාණය කරපු නුඹේ ඒ පෙම්බරිය කෝ, කියල. එතකොට අර මහාර්ඝ ශිල්පියා නිහතමානී බව පිරුනු හිනාවකින් මුව සරසාගෙන කියනව, මම තවම තනිකඩයි.
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...//
ඉතින් ඔහු මෙහෙම පිළිතුරු දෙනකොට රචකයාට මොනව හිතෙන්න ඇත්ද. කළුගල් මෙල්ල කරල සියුම්ව අති විශිෂ්ඨ නිර්මාණ කරපු ඒ මහාර්ඝ ශිල්පියාටත් තවම තරුණියකගේ හිත මෙල්ල කර ගත නොහැකි වූවා නම්, රචකයා ගැන කවර කතාද.

මේ ගීතයේ පද පේලිය තුල රචකයා තම කතාව ඉදිරිපත් කරන අයුරු ඉතා විශිෂ්ඨ බවයි මගේ හැගීම. සියුමැලි තරුණියකගේ හිතේ ඇති දැඩි බව, රළු බව පෙන්වීම සදහා ඔහු විසින්ම ගොඩ නගන ලද මෙම කතාව සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහල මට්ටමක තියෙන බව හොද ගීත රසිකයෙක් විදියට මට හිතෙනව. නූතන පරපුරේ ගීත රචකයන්ටත් මෙවැනිම සාහිත්‍යමය ගීත රචනා කිරීමට හැකි නම් තව බොහෝ කලක් ඉතා විශිෂ්ඨ නිර්මාණ රස විදීමට හැකිවේවි. එහෙම නැති උනොත් තව අවුරුදු 5ක් යන කොට සිංහල ගීතයට රම්පෙට පොරිම හැලෙයි.

ප.ලි. මෙකෙ ලිව්වෙ ඉතින් මට හිතෙන දේ හොදේ, මම මේක ලියන්නෙ ගීත රසිකයෙක් හැටියට මිස සාහිත්‍ය විචාරකයෙක් හැටියට නොවෙන බවත් කියන්න ඕනෙ. මේ පැත්තට ආව එකේ මොනව හරි පොඩ්ඩක් ලියල යන්නත් අමතක කරන්න එපා හොදේ, නොලීව කියල හිතේ කිසිම කහටක් අමනාපයක් නෑ ඕං...
______________________________________________________________________
මේ තරම් සියුමැලිද කළුගල් සිංදුව අහන්න ඕනෙ නම් මෙතැනින් : http://www.youtube.com/watch?v=xg7v1AiA7-4

31 comments:

  1. ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්, පුලුල් රසවිඳීමක් ඔබ සතුයි.

    ReplyDelete
  2. මන්ඩිපාල, ඉස්තරම් විග්‍රහයක්.. මමත් ඔය සින්ඩුව රස වින්දා.. හැබයි ඔය කෝනයෙන් ඕක ගැන මම දැක්කේ අද තමා... ස්තූතියි..

    ඔබ එකේ ඔය සින්දුවට වැටිලා තිබුන කමෙන්ට්ස් කියව්වාද ? එහෙම කියෙව්වා නම් තවත් රචකයෙකුගේ අපූරු නිර්මානයක් තියනවා ඒ තුල... ඔය පහල තියෙන්නේ ඒක තමා.

    මේතරම් සියුමැලිද පද වැල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා සුනිල්ටත්
    වචන දුන් මිනිසා සොයා

    අලුත් කඩයේ උසාවිය ළඟ
    නීති පොත් මත හිස තියා
    වචන පිරිමදිමින් බලයි ඔහු
    දුකින් බර මිනිසුන් දිහා

    ඉසුරු උපයා නුඹ තැනූ
    මහපහය කොතැනද කියා
    මම ඇසූවිට හිනැහුනා නුඹ
    මම තවම කවියෙක් කියා

    ලස්සන සිතුවිල්ලක් නොවෙද ?

    ReplyDelete
  3. @ravinumal අයියේ,
    අද නේද මේ පැත්තට මුලින්ම ආවෙ, බොහෝමත්ම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන. සාදරයෙන් පිළිගන්නව. අදහස් දැක්වීම වෙනුවෙන් හා අගය කිරීම වෙනුවෙන් බොහෝමත්ම ස්තූතියි. බොහෝම නිහතමානීව බාරගන්නව.

    ReplyDelete
  4. අදහස් නම් නියමයි ඇත්තටම මේ ගැන උඹ කියනකන් මම දැනගෙන හිටියේ නෑ මම හිතන් හිටියේ මතුපිටින් පේන දේ විතරයි.... නියමයි මචං වැදගත් ලිපියක් දැන් ඉතින් රම්පෙට පොරි පොකුරු පොකුරු තමයි හැලෙන්නේ සිංදු අහනකොට

    ReplyDelete
  5. මේ ගීතය ලියල තියෙන්නෙත් නූතන ගීත රචතයෙක් තමයි... ඔහුගේ නම රජීව් වසන්ත වෙල්ගම. හොඳ තරුණ නීතිඥ මහත්තයෙක්... නිර්මාණයක් ගැන කතා කරනකොට හැමෝටම අමතක වෙනව රචකයගෙ නම... ඒක ලොකු අවාසනාවක්...

    ReplyDelete
  6. මට හිතෙන්නේ ගියෙන් කියවෙන්නේ ගල් වඩුවා ගැන විතරයි කියලා. ගැහැණියක් ගැන ඉගියක්‌ හරි තියෙන්නේ අන්තිම පද පේලියේ විතරයි.
    එත්.. එ පද පේලියෙන්වත් ඔයා කියන විදියේ දෙයක් ගලපගන්න මට බැරි වුනා. සමහරවිට ඒක මගේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්....

    ReplyDelete
  7. @senna අයියේ,
    බොහෝම සතුටින් ඔයාවත් පිළිගත්ත ඕං, අදනෙ මේ පැත්තට මුලින්ම ආවෙ..
    මේකත් පට්ට සිතුවිල්ලක් නොවැ, මම ඕක දැක්කෙ ඔයා දැම්මම, යූටියුබ් එකේදි නම් දැක්කෙ නෑ. බොහෝමත්ම ස්තූතියි ඈ මගේ විග්‍රහය රස විදීම හා අගය කිරීම සම්බන්ධයෙන්.
    ___________________________________________

    @ගැමියා,
    බොහෝමත්ම ස්තූතියි ඈ අගය කිරීමට, ඉස්සරහට එන සිංදු වලින් නම් බං රම්පෙට පොරිවත් හැලිල බේරුනොත් මදෑ.. හැක්... හැක්...
    ___________________________________________

    @Kushan අයියේ,
    අද නේද මුලින්ම ආවෙ, බොහෝමත්ම සතුටුයි ඈ මේ පැත්තට ආපු එක ගැන, සාදරයෙන් පිළිගත්ත ඕං.
    ඇත්ත.. ඇත්ත.. නූතන ගීත රචකයෙක් හැටියට රජීව මහතාව අපි අගය කරන්න ඕනෙ තමයි, අරකියන්න වගේ ගීත වල රචකයන්ගේ නම් අමතක වීම නම් සුලභ සිද්ධියක් තමයි. මමත් මොහුගේ නම දැනගෙන නම් හිටියෙ නෑ, ඒත් පෝස්ට් එක ලියද්දි කොහොම හරි නම හොයල ඔහුගෙ නමත් දාන්න අමතක කොරේ නෑ. බොහෝමත්ම ස්තූතියි ඈ අදහස් දැක්වීමට.
    __________________________________________

    @KC,
    ආයිබොවං ඔබටත්, සාදරයෙන් පිළිගත්ත ඕං, බොහෝමත්ම සතුටුයි ඈ මේ පැත්තට ආපු එක ගැන නම්.
    ඕනෑම දෙයක් එක එක කෝණ වලින් විචාරය කරන්න පුළුවන්නෙව, ඔබට හිතෙන දේත් සාධාරණ වෙන්න පුළුවන්. තව කෙනෙක් තවත් අදහසක් දෙන්න පුළුවන්, මොනව හරි දෙයක් හිතුනු එක නම් ලොකු දෙයක්, ගොඩාක් අය සිංදු අහන්නෙ බීට් එකට මිසක් වචන වලට නෙමෙයි නෙව. අදහස් දැක්වීමට නම් බොහෝමත්ම ස්තූතියි ඈ, ඉතාමත් නිහතමානීව බාරගත්ත...

    ReplyDelete
  8. satutui... onage kala rasaya saha vidime hakiyawa pili bada...

    ReplyDelete
  9. @Indika අයියේ,
    සාදරයෙන් පිළිගන්නව මගේ බ්ලොග් කෑල්ලට, බොහෝමත්ම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන. අගය කිරීම සහ අදහස් දැක්වීම වෙනුවෙන් ගොඩාක් ස්තුතියි අයියේ...

    ReplyDelete
  10. @sumith අයියේ,
    අද නේද මේ පැත්තට ආවෙ, බොහෝමත්ම සතුටුයි යන එන ගමන් මේ පැත්තටත් ගොඩ වැදුනු එක ගැන. සාදරයෙන් පිළිගන්නව.
    අදහස් දැක්වීම වෙනුවෙන් බොහෝම ස්තුතියි..

    ReplyDelete
  11. ඔයාගේ නිර්වචනය ඒකට හොඳටම ගැලපෙනවා..සත්තකින්ම එහෙම තමා මටත් හිතෙන්නේ අදහස..ඇත්තෙන්ම මමත් ආසම ගායකයා වගේම මම ආසම සිංදුවක්...හරිම ලස්සනයි...

    ReplyDelete
  12. @පුංචි කුමාරිහාමි,
    බොහෝමත්ම ස්තුතියි ඈ අදහස් දැක්වීම වෙනුවෙන්. ඒ සිංදුව මටත් මාරෙටම අල්ලල ගියා... සුනිල් එදිරිසිංහයන්ගෙ කටහඩ, දර්ශන රුවන් දිසානායකයන්ගෙ සංගීතය ඒ පද පේලියට පුදුමාකාර එළියක් එකතු කරල තියෙන්නෙ.. ලස්සනයි කියන්නෙ උපරිමයි.. :)

    ReplyDelete
  13. ඔයාට පුලුවන්නම් මල්ලි පොඩි උදව්වක්‌ කරනවද?..
    මම මේ සින්දුවේ තේරුම හොයන්නේ දැන් අවුරුදු 10ක්‌ තිස්‌සේ ඉදලා.ඔයා දන්නවනම් කොහොමහරි මේකත් දාන්න.සින්දුව මොකද්ද දන්නවද.......
    සුනිල් එදිරිසිංහ මහත්තයගේ සදකඩ පහනක කැටයම් ඔපලා

    ReplyDelete
  14. අදයි ඉස්සෙල්ලම මේ පැත්තට ආවේ...
    මේ සින්දුව මමත් මෑත කාලයේ ඇහුව විශිෂ්ට ගීතයක්...
    අපුරු පද සංකලනයක් තියෙනවා.
    මේ ගීතයට ඔයා දීල තියෙන විචාරයත් විශිෂ්ටයි...
    _____________
    ජය වේවා!

    ReplyDelete
  15. මමත් ආසම ගායකයා තමයි සුනිල් එදිරිසිංහ මහත්මයා...

    ඔබ දීපු අර්ථය සිංදුවට ගැලපෙනවා කියලා මටත් හිතෙනවා... හැබැයි මම තාම සිංදුව ඇහුවේ නෑ. අහලම බලන්න ඕනේ.

    සුනිල් එදිරිසිංහයන්ගේ මම ආසම ගීතයක් තමා “රෑ වැඩ මුරය“ ඒකේ තියෙන ශෝකී රසයට මම මාර කැමතියි...

    දිගු බ්ලොග් දිවියකට ආසිරි... නවත්තන්නැතුව ලියන්න සහෝ... මේ වගේ බ්ලොග් තමා ඕනේ... ජයවේවා !!!

    ReplyDelete
  16. @THE THINKER,
    අද නේද මේ පැත්තට මුලින්ම ආවෙ, බොහෝමත්ම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන නම්. සාදරයෙන් පිළීගත්ත ඕං. අදහස් දැක්වීම වෙනුවෙන් බොහෝම ස්තුතියි, ඔබේ ඉල්ලීමත් මම මට හැකි අයුරින් සියලුම මා හිතැති පාඨක සහෘදයින් වෙනුවෙන් ඉටු කලා, එය ඔබේ සිතැගි පරිදි ඇත්දැයි පරීක්ෂා කර බලන්න. ජය වේවා..!!
    http://mandipala.blogspot.com/2012/01/blog-post_09.html
    ________________________________________________

    @අයේෂා අක්කේ,
    බොහෝමත්ම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන. සාදරයෙන් පිළිගත්ත ඕං. මගේ ලිපියට අදහස් දැක්වීම සම්බන්ධයෙන් බොහෝමත්ම ස්තුතියි. ජය වේවා..!!!
    ________________________________________________

    @ඔබ නොදුටු ලොවක්,
    සාදරයෙන් පිළීගත්ත ඕං, බොහෝමත්ම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන. බොහොම ස්තුතියි ඈ කොමෙන්ටුවට, ජය වේවා..!!
    ________________________________________________

    @Chathuranga Perera,
    මේ පැත්තට ආපු එක ගැන නම් බොහෝමත්ම සතුටුයි, සාදරයෙන් පිළිගත්ත ඕං. “රෑ වැඩ මුරය“ කියන්නෙත් පට්ටම සිංදුවක් තමා. බොහෝමත්ම ස්තූතියි දිරි ගැන්වීම, අගය කිරීම හා අදහස් දැක්වීම වෙනුවෙන්.. ජය වේවා..!!

    ReplyDelete
  17. මල්ලි, මේ සිංදුවේ පද රචනයට සම්මානයකුත් හම්බුණා මම දන්නා හැටියට. බොහොම කලාත්මක ගීතයක්... ඔයාගේ විග්‍රහයත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ආ... සම්මානයකුත් හම්බවුනාද අක්කා. මම ඒක දැනගෙන හිටියෙ නෑ, ඇත්තටම සම්මාන දෙන්න ඕනෙ පද රචනයක්නෙ මේක. බොහෝම ස්තූතියි අක්කා අදහස් දැක්වීම හා අගය කිරීම වෙනුවෙන්.. ජය වේවා...!!!!

      Delete
  18. obe wicharaya narakama naha eth meyta eha giya loku jeewana darsanayak loku kathawak me geethaya athule thiyanawa

    ReplyDelete
    Replies
    1. මගේ උපකල්පන ශක්තිය අනුව නම් මේ Walawahangunawawe Uparathana Theroවෙන්න ඕනෙ. වෙන කවුරුහරිද දන්නෙත් නෑ... කොහොම වුනත් බොහෝම සතුටුයි මේ පැත්තට ආපු එක ගැන, සාදරයෙන් පිළිගත්ත. අදහස් දැක්වීම හා අගය කිරීම සම්බන්ධයෙන් බොහෝමත්ම ස්තූතියි. මේ කියන ජීවන දර්ශනය සම්බන්ධ කරුණු කිහිපයක් කෙටියෙන් හරි මෙහි සඳහන් කරන්න පුළුවන්නම් බොහෝමත්ම ස්තූතිවන්ත වෙනව.... ජය ශ්‍රී...!!!!

      Delete
  19. මල්ලි ඇත්තටම පට්ටම සින්දුව.මමත් මේ ළගදි තමයි ඇහුවෙ.අහපු ගමන් මමත් ඩවුන්ලෝඩ් කර ගත්තා.ඔයාගේ විග්‍රහයත් පට්ටම තමයි හොදේ.

    ReplyDelete
    Replies
    1. නියම සින්දුවක් නේ... බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!

      Delete
  20. මාත් කැමතිම සිංඳුවක් ඒක. මේ වගෙ සිංදුවක් ගැන විචාරයක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

    කැමතිනම් විතරක් පෙට්ටියේ අධවිය පැත්තෙ ඇවිත් යන්න.


    www.pettiya.blogspot.com
    www.pettiya.blogspot.com
    www.pettiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හොඳේ අගය කිරීමට, හා කොමෙන්ටුවට. මමත් ඒ පැත්තෙ එන්නම්කො. ජය ශ්‍රී...!!!

      Delete
  21. මේ ගීතය වසරේ ගීතය හැටියට සම්මානත් ගත්තා මට මතක හැටියට.

    ReplyDelete
    Replies
    1. එහෙමද..? අනිවාර්යෙන් සම්මාන ලැබිය යුතු ගීතයක්. බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!

      Delete
  22. මගෙනුත් එකෙක් මේකේ තේරුම ඇහුවා.... මේක දැනගත්ත එක හොඳයි. තැන්කු ලොක්කා :D

    ReplyDelete
  23. ශාලිකා වනසිංහ.January 23, 2017 at 5:23 AM

    මණ්ඩිපාල.....
    ඇත්තටම හරිම සුන්දර විග්‍රහයක්. මම ඔබට සුභ පතනවා ඔබගේ අර්ථ නිර්මාණයට..... අලුත් පරම්පරාවට අලුත් කෝණයකින් බලන්න අවස්ථාව උදා කර දෙනවට..... ඔබට ජය...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...