Monday, January 30, 2012

මන්ඩිපාලගේ සින්ඩි පිටුව..

    
    මේක ඉතින් පොඩි කතාවක්. නිකම් ඉන්න ගමන් හිතිච්ච දෙයක්. මම ඉතින් බ්ලොග් කෙරුවාව පටන් අරන් දැන් වැඩි කාලයක් නෑ නෙව. ඉතින් ඔය ආපු ටික දවසට කොහොම කොහොම හරි පෝස්ට් කෑලි නමයක් දහයක් දා ගත්ත. ඉතින් පෝස්ට් කෑලි දාල විතරක් මදි නෙව, මේක කියවන්නත් උදවිය ඉන්න එපැයි. ඉතින් මගේ සහෘද බ්ලොග් කරුවන්ගෙ කාරිනියන්ගෙ බ්ලොග් අඩවි වලට ගිහින් එතනින් සින්ඩි හොයාගෙන සින්ඩි වලට ගිහින් මගේ බ්ලොග් කෑල්ලත් ඇඩ් කොලා. කොහොමින් කොහොමින් හරි සින්ඩි පහක් විතර හොයාගෙන තුනකට විතර දාගත්ත වෙලාව තියෙන හැටියට. ඉතින් මේ සින්ඩි කෙරුවාවත් මට ටිකක් විතර අලුත් රසවත් අත්දැකීමක් වුනා. මමත් ඉතින් කොච්චරවත් කොම්පියුටර තඩියක් එක්ක හැප්පෙන මිනිහ නෙව ඉතින් මගේ හිතට එක පාරට ආවෙ මමත් සින්ඩියක් කොලා නම් හොඳයි කියල. මම ඉතින් වැබ් ඩිවලොපින් එහෙම ටිකක් විතර ඇඟට දැනෙන එකෙක් නිසා සින්ඩියක් ඇතුලෙ සිද්ධවෙන කෙරුවාව එහෙමත් ටික ටික තේරුණා.

    ඒ පාර මම ෆේස්බුක් සිංහල බ්ලොග් සින්ඩිය මෙහෙයවන දර්ශන විමුක්ති අයියන්ඩිට පොඩ්ඩක් වචනෙ දාල බැලුව, උන්දැ මට සින්ඩියෙ සිද්ධවෙන සේරම ටික පැහැදිලිව කිව්ව. අප්පේ.... සින්ඩියක් කරන්න ටිකක් නෙමෙයි හුඟක් දඟලන්න වෙන බව මට තේරුනා. ඉතින් මම කොලේ බුකිය ඇතුලෙ සින්ඩියක් හදාගත්තා. ඒක තමයි මේක. ඉතින් මේ....... මම කියන්න හැදුවෙ මගේ සින්ඩි කෑල්ලටත් ඔයාලගෙ බ්ලොග් ටික එකතු කරන්න. ඒකට අදාල සියලුම විස්තර මම ඒකෙ දාල තියෙනව, පොඩ්ඩක් ගිහින් බැලුවනම් බලන පරක්කුවට තේරෙනවා. අනෙක තමයි මේකට වඩා දරුණු සින්ඩියකුත් එලියට දාන්න මම හිතාගෙන ඉන්නෙ. ඒක මගේ_සින්ඩියේ_නම.එල්කේ කියල එන්නෙ, බුකිය ඇතුලෙ නෙමෙයි. ඉතින් ඒකට නම් ටිකක් කල් යනව මට. හැබැයි කල් ගිහිල්ල හරි හොඳ දරුණු පහසුකම් වැඩි සුපිරි සින්ඩියක් එලියට දානව. එතකන් මගේ බුකියෙ සින්ඩියට ඔයාලගේ බ්ලොග් ටික එකතු කරල මට සහයෝගයක් දෙන්න, දන්න කියන අයටත් කියන්න. ඉතින් මේ..... ඔය ටික කියන්න තමා තකහනියක් මේ පෝස්ට් කෑල්ල දැම්මෙ. එහෙනම් මම ගියා ඕං... පාන්දර හතරහමාරයි වෙලාව, දැන්වත් නිදාගන්න ඕනෙ.. හැක්... හැක්... ජය ශ්‍රී...!!!

30 comments:

  1. ඉතින් අපිට අල ද ?

    ReplyDelete
    Replies
    1. හැහ්... අල නම් මොනව කොරන්න බැරිද...? අලවත් නැතුව නෙව මම ඉන්නෙ...

      Delete
  2. ඉතින් අපිට අල ද ?

    ReplyDelete
    Replies
    1. හැහ්... අල නම් මොනව කොරන්න බැරිද...? අලවත් නැතුව නෙව මම ඉන්නෙ...

      Delete
  3. එළ එළ ඔන්න ඊය විද්දා.....

    ReplyDelete
    Replies
    1. ඕං මම ගානට සින්ඩියට ඇඩ් කොලා, දැන් ඉතින් අපි බලමු ලිපියක් දාල.. බොහෝම ස්තූතියි ඈ මට දෙන සහයෝගයට.. මමත් ඕං ඔය පැත්තට ඊයක් විද්ද, වැටිල ඇති මයෙ හිතේ, බැලුවෙ නැත්තම් බලන්නකෝ.... ජය ශ්‍රී...!!!!

      Delete
  4. ඔන්න අපිත් එතකතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න...., සින්ඩිය පැත්තට ඊයක් විදින්න, විදින පරක්කුවට ඇඩි කොරනව, ඇඩි කොරන පරක්කුවට ආයෙ ඔහෙට ඊයක් විදිනව... හැක්..හැක්.. බොහෝම ස්තූතියි ඈ ලබාදෙන සහයෝගයට ජය ශ්‍රී...!!!

      Delete
  5. Replies
    1. එන්න.... එන්න.... https://www.facebook.com/mandisindi මේ පාරෙන් එන්න, සාදරයෙන් පිළිගන්නව. ඇවිල්ල විස්තර බලල ඊයක් විදින්නකෝ.. බොහෝම ස්තූතියි ඈ ලබා දෙන සහයෝගයට... ජය ශ්‍රී....!!!

      Delete
  6. මගෙ ඔය බුකියත් එක්ක ගනුදෙනුවක් නැති හින්දා ඕකට එකතු වෙන්ඩනම් හම්බෙන්නෑ.. අනිත් එකවත් හදපුවම බලමු.

    උත්සහය අගේ කල යුතුයි...

    ReplyDelete
    Replies
    1. මේ..... අනේ අයියේ එහෙම්මම කියන්නත් එපා ඉතින්, බුකියෙ ගනුදෙනු නැතුවාට කමක් නෑ, බුකියෙ ඉන්න උදවිය ඔයාලගෙ ලිපි බලනවනෙ.. https://www.facebook.com/mandisindi මේ පාරෙන් ඇවිල්ල විස්තර බලල ඊයක් විදින්නකො අකමැත්තක් නැත්තම්. බුකියට යන්න බෑ වගේ නම්,
      ඔබගේ නම(බ්ලොග් කර්තෘවරයාගේ) *
      නිවැරදි ඊ-මේල් ලිපිනය *
      ඔබගේ බ්ලොග් අඩවියේ නම*
      ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය*
      මෙන්න මේ ට්ක දාල ඊයක් විදින්නකො mandisindi@gmail.com මෙන්න මේ පැත්තට. බොහෝම ස්තූතියි ඈ ලබා දෙන සහයෝගයට, අගය කිරීමට ගොඩාක් පිං ඈ... ජය ශ්‍රී...!!!

      Delete
  7. සෙන්නා කිව්වා වගේ බුකි කෙරුවාව මටත් අල්ලන්නෑ. සතියකට පැයක් වත් මම බුකියේ ඉන්නැති එකේ, සින්ඩියක් මක්කටද කිව්වා !!! මණ්ඩි ගේ උත්සාහය අවතක්සේරු කරනවා නෙවේ. අර LK එක හදපු දවසට අනිවා එකෙන්ම මමත් එතන !!!

    මගෙත් පොඩි ආසාවත් තියෙනවා ඔය ගැනම නොවුවත් ඔය වගේ එකක් ගැන... කියවලා බලනවා නම් මෙන්න පාර...

    ජය !!!

    ReplyDelete
    Replies
    1. මේ.... එහෙම නෙමෙයි අයියේ බුකියට යන්න බෑ නම්,
      ඔබගේ නම(බ්ලොග් කර්තෘවරයාගේ) *
      නිවැරදි ඊ-මේල් ලිපිනය *
      ඔබගේ බ්ලොග් අඩවියේ නම*
      ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය*
      මෙන්න මේ ට්ක දාල ඊයක් විදින්නකො mandisindi@gmail.com මෙන්න මේ පැත්තට. බුකිය ඉන්න උදවිය ඔයාලගෙ ලිපි කියවනවනෙ. මේ ඒක නෙමෙයි අයියේ, අර කතාව නම් මරු, මම පෝස්ට් එක කියෙව්වා, කොමෙන්ට් එකකුත් දැම්ම, උත්සාහ කොරල බලමු. මගේ වැඩේ අගය කරල දිරි ගැන්වීමට බොහෝම ස්තූතියි ඈ... ජය ශ්‍රී....!!!

      Delete
  8. නියම වැඩක් එලකිරි ඕං මම විජට් එකත් දාගත්තා මගේ බ්ලොග් එකත් දාලා නේද තියෙන්නේ සින්ඩියට....සයිට් එකත් ඉක්මනින්ම කරහන් මචං...මමත් මේ වෙනුවෙන් බ්ලොග් පෝස්ට් එකකින් දාන්නම්කෝ ඉදිරියේදි....senna අයියා බුකියේ නැතුවට මේල් එකක් එව්වොත් එකතුවෙන්න බැරි වෙන එකක් නෑ නේද....ඒ නිසා බුකිය පාවිච්චි නොකරන අයටත් මේකට සම්බන්ධ වෙන්න මෙතනින් ඒ විස්තර ටිකත් දැම්මොත් වටිනවා....

    මගේ බ්ලොග් එකේ තීම් එක හැදුවටත් බොහෝම ස්තූතියි ඈ....දිගටම මෙහෙම වැඩ කරමු ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම් ස්තූතියි ගැමියා දෙන සහයෝගයට, පත්ඉරුවත් සින්ඩියට දැම්ම. සයිට් එකත් කරනව, තව පොඩ්ඩක් ඉන්නකො... ඒක ඇත්ත, බුකියට නොඑන අයටත් එන්න පාරක් හදන්න ඕනෙ. ආ..තීම් එක නැගලම ගියානෙ, ආයෙ උදව්වක් ඕනෙ වුනොත් කියන්නකෝ... ජය ශ්‍රී...!!!

      Delete
  9. එල එල!
    අපිත් සෙට් වෙන්නම්කො!;))

    ReplyDelete
    Replies
    1. එන්න... එන්න... https://www.facebook.com/mandisindi මේ පාරෙන් එන්න... බොහෝම ස්තූතියි ඈ ලබාදෙන සහයෝගයට.. ජය ශ්‍රී...!!!

      Delete
  10. එල එල..මමත් එව්වා..

    බුකියෙ ඉන්න දැනට බ්ලොග් නොබලන කට්ටියව සෙට් කරගන්න එක තමයි වැදගත්

    ReplyDelete
    Replies
    1. ඕං සින්ඩියට දැම්ම... ආපිටට ඊයක් විද්ද, වැටිල ඇති, බැලුවෙ නැත්තම් බලන්නකෝ... ඒක ඇත්ත, බුකියෙ ඉන්න බ්ලොග් නොබලන කට්ටිය ඇදගෙන එන්න පුළුවන්නම් හොඳයි තමයි... බොහෝම ස්තූතියි ඈ ලබාදෙන සහයෝගයට... ජය ශ්‍රී...!!!

      Delete
  11. Replies
    1. ඕන්න ශානි අක්කේ ඔයාගෙ හිතත් සින්ඩියට දැම්ම, ආපිටට විද්ද ඊය බලන්න ඇති මයෙ හිතේ. බොහෝම ස්තූතියි වගේම ගොඩාක් පිං ඈ මේ ගමන යන්න මට දෙන සහයෝගයට... ජය ශ්‍රී...!!!!

      Delete
  12. ඔන්න මමත් ඇවිත් ගියෝ....

    ReplyDelete
    Replies
    1. දිනිති අක්ක මීට කලින් කමෙන්ට් කලේ නැතුවාට මේ පැත්තට ඇවිල්ල ලිපි එහෙම කියවල තියෙනව මයෙ හිතේ... ඔයත් https://www.facebook.com/mandisindi මේ පාරෙන් ඇවිල්ල විස්තර බලල ඊයක් විදින්නකො... ඔයාටත් ගොඩාක් ස්තූතියි ඈ මට දෙන සහයෝගයට... ජය ශ්‍රී...!!!

      Delete
  13. RSS ලිපිනය කියන්නෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක නැතත් අවුලක් නෑ ඔබා මාමා... බ්ලොගේ ඇඩ්‍රස් එක දාල ඊයක් විදින්නකො... බොහෝම ස්තූතියි ඈ මට ලබාදෙන සහයෝගයට... ජය ශ්‍රී...!!!

      Delete
  14. අහ් එළනේ එන්නම්කො එහෙනම්...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න https://www.facebook.com/mandisindi මේ පාරෙන්... ඇවිල්ල ඊයක් විදින්නකෝ... බොහෝම ස්තූතියි ඈ මට දෙන සහයෝගයට... ජය ශ්‍රී...!!!

      Delete
  15. මගේ බ්ලොග් එකත් ඇඩ් කොරගන්නවා හොඳයි. ඊයක් එව්වා

    ReplyDelete
  16. ඕන්න අපිත් එකතු වුනා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...