Wednesday, February 22, 2012

සංවේගයෙන් දැනුම් දීමයි..!!!


බුදු සරණයි.

මා ආදරණීය, හිතාදර, දයාබර, ලබැඳි, ලෙන්ගතු,
සහෘද, සෙනෙහෙබර, ලයාන්විත... බ්ලොග්කරුවන් වෙත,


     මා හට මුහුණ පෑමට සිදුවූ අධික වෙහෙසකර මෙන්ම මග හැරීමටද නොහැකි සිද්ධීන් කිහිපයක් හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක් පෝස්ට් දැමීමට නොහැකි වූ බව මෙයින් දිවුරා ප්‍රකාශ කරමි. එසේ වුවද මා සිටිනා තැනක සිට මාගේ සහෘද බ්ලොග් කරුවන්ගේ සියලුම පෝස්ට් කියවූ බවත් මා ආදරණීය බ්ලොග් සහෘදයන් වන නොඳුටු අයියා හා සයුරි අක්කා තම බ්ලොග් වල සෙට් යුනිකේත විකේතකය යොදා නොමැති නිසා කියවීමේදී මාහට පට්ට කට්ටක් කෑමට සිදුවූ බවත් සංවේගයෙන් දැනුම් දෙමි. කෙසේ වුවද කිසිඳු පෝස්ට් එකක් අතනොහැරිය අතර පෝස්ට් එකේ කොටු දිහා බලා සිටීමට බැරිම තැන යුනිකේත ස්ථාපනය කරමින් කියෙව්වෙමි, අවුලකට තිබුනේ අද එක් පරිඝණකයක් භාවිතා කර හෙට තවෙකක් භාවිතා කිරීමට මා හට සිදු වීමයි. මාගේ ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින අතර මා කියවූ පෝස්ට් වලට කමෙන්ට් කිරීමට නොහැකි වීම පිළිබඳව මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි. එමෙන්ම මාගේ කටයුතු තුලදී ඇතිවූ වෙහෙස හා මානසික පීඩනය නිවා ගැනීමට උපකාරී වූ නොඳුටු අයියා/ සයුරි අක්කා/ ශානි අක්කා/ ඔබා මාමාසෙන්නා අයියා/ ගැමියා/ පුංචි කුමාරිහාමි/ තරූ/ සම්මානි/ චතු... ඇතුළු මෙකී නොකී සියලුම සහෘද බ්ලොග් කරුවන්ගේ පෝස්ට් අගය කර සිටින අතර, මා සහෘද සියලුම බ්ලොග් කරුවන්ට දිඝාසිරි පතමි. මන්ඩිපාල වන මම ඇතැමි විට එරෙන සුළු පුද්ගලයෙකු බවටත්, හැකි සෑම විටම එරී නොසිටීමට උත්සාහ දරන බවටත් මෙයින් දිවුරා පොරොන්දු වෙමි.


මීට ආදරණීය, හිතාදර, දයාබර, ලබැඳි, ලෙන්ගතු,
සහෘද, සෙනෙහෙබර, ලයාන්විත...,
මන්ඩිපාල.

31 comments:

  1. ලයාන්විත වූ මා මෙය කියවා තවත් ලයාන්විත වූ බව ඉතාම සතුටින් දැනුම් දෙමි. තේ මන්ඩි හැරුනු කොට කිසිදු වෙනත් මන්ඩියක් මෙය ඇස ගැටෙන තෙක් මා දැන නොසිටියෙමි. කෙසේ නමුත් ඔබගේ යුනිකේත ගැටළුව නිරාකරණය වීම ගැන මා බෙහෙවින්ම සතුටුවන අතර නැවත එම ගැටළුව ඇති නොවීමට නම් වැඩි පුර ඇති සියළු මැෂින් විකුණා දමන ලෙසද දැනුම් දෙමි.

    ReplyDelete
    Replies
    1. හැක්... හැක්... මෙතන තියෙන්නෙත් තේ මන්ඩි විතරයි හොඳේ(ඇල්කොහොල් ඊස් ප්‍රොහිබිටඩ්). මට කොහෙන්ද බට්ටියේ වැඩිපුර මැෂින්. තියෙන මැෂිමත් මේ බර බාගෙ වගේ දුවන්නෙ. මම ඉතින් එකතැනක ඉන්න එකක්යැ, යන යන තැන මැෂින් එකක් සෙට් වුනාම මුලින්ම බ්ලොග පැත්තෙ යන්නෙ, ඒ හැම මැෂින් එකේම යුනිකේත නැහැනෙව. එහෙම නැහැයි කියල මට පුළුවනැයි කැම්පස්වලයි/ඉස්කෝලවලයි තියෙන අනුන්ගෙ මැෂින් විකුණන්න. හැක්... හැක්... බොහෝම ස්තූතියි ඈ මේ පැත්තෙ ඇවිල්ල අදහස් දක්වල ගියාට.. ජය ශ්‍රී...!!!

      Delete
  2. අපිවත් මතක් කළාට බොහොම ස්තුතියි මල්ලියේ... මම බැලුවා ඒත් මොකෝ ඔයා නැත්තෙ කියලා... අවුලක් නෑ, ඔයාගේ අනිත් වැඩ කටයුතුත් කරගන්න එපැයි... හැකි සෑම විටම එරී නොසිටීමට උත්සාහ දරන බවටත් මෙයින් දිවුරා පොරොන්දු වෙන එක නම් හොඳයි.... ජය වේවා මල්ලී !!!

    ReplyDelete
    Replies
    1. අප්පේ... පට්ට හිරවිල්ලක් හිරවෙලා හිටියෙ අක්කේ. කෙමිස්ට්‍රි පාඩම පට්ට ඈ, පුදුමයි රහසින් කතාකරද්දි අම්ම ආපු වෙලාවෙ අම්මට මාට්ටුවුනේ නැති එක... දැන් නම් ටිකක් නිදහස්, අර කියන්න වගේ එරී නොසිටින්න තමා කම්පනාව... බොහෝම ස්තූතියි ඈ මේ පැත්තෙ ඇවිල්ල කොමෙන්ටුවක් දාල ගියාට.. ජය ශ්‍රී...!!!

      Delete
  3. එල එල මන්ඩියෝ ඉඩ ලැබෙන විදියට ලියමු එහෙනම් මටත් සතියක් විතර මුකුත් ලියාගන්න වෙලාවක් නැති වුනා අඩු ගානේ සතියක් යනකන් පෝස්ට් එකක් කියවන්නවත් බැරිවුනා මාත් ඊයෙ රෑ තමයි ආයේ මගඇරුණු එකක් දෙකක් බැලුවේ....එල එල ආ මාවත් මතක් කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. යා... යා... මම උඹේ බ්ලොග් කෑල්ල පැත්තෙත් ගියා ඉන්න ගමන්, ඊයෙ තමා අප්ඩේට් එකක් දැක්කෙ... පට්ට මෙව්ව එක, බොහෝම ස්තූතියි ඈ මේ පැත්තෙ ආපු එකට.. ජය ශ්‍රී...!!!

      Delete
  4. මම ඒත් බැලුවා කෝ මන්ඩි කියලා...

    අනේ මලේ මම මොන උලව්වක් කලාටද උඹ මාවත් මතක් කොරලා තියෙන්නේ..

    ඔය එරිලා ඉන්න තැනකින් ඉක්මනට එලියට වරෙන්..

    එහෙනම් ජය !!

    ReplyDelete
    Replies
    1. මොකෝ අයියන්ඩි එහෙම කිව්වෙ, මගේ පෝස්ට් කෑලි වලට කොමෙන්ට් දාල දිරිගන්නන එකම මදැයි... ඉතින් අමතක කොරන්න පුළුවනැයි. දැන් නම් පොඩ්ඩක් නිදහස්, අද හෙටම පෝස්ට් කෑල්ලක් දාන්න තමා කම්පනාව... බොහෝම ස්තූතියි ඈ මේ පැත්තට ඇවිත් කොමෙන්ටුවක් දාල ගියාට... ජය ශ්‍රී...!!!

      Delete
  5. මොකද මණ්ඩි බොට වුනේ ? කෝ උඹගේ කථාව ? අපි හැමදාම ඇවිත් හැරිලා යනවා බොල...

    ඉන්න ඉලව්වකින් විගහට වර කොල්ලෝ... මේවයේ වැඩ තියෙනවා කොරන්න. බ්ලොගක් අටෝ ගත්තා වගේ නෙවේ කොරන්න ගියාම...!!!

    මණ්ඩියෝ... ඉක්මණට ඇවිත් පෝස්ට් එකක් දාපන්... උඹට ඉක්මනය කොටන්න නිදහස ලැබේවා ...!!!

    ReplyDelete
    Replies
    1. අනේ අයියන්ඩි බෙල්ල ලඟට එරුන නෙව, වැඩ අස්සෙ බ්ලොග් කෑල්ල දකිද්දි පපුව හෝස් ගාල යනව. සමාවෙයන් අයියන්ඩි කතාව පරක්කු වුනාට. අද හෙටම ඊළඟ කොටස එනව. බ්ලොග ලියන තරම් ෆන් එකක් කොහෙද තවත්, ඊළඟ පෝස්ට් කෑල්ල උණු උණුවෙම අද හෙටම එළියට එයි.. බොහෝම ස්තූතියි ඈ මේ පැත්තට ඇවිල්ල කමෙන්ටුවක් දාල ගියාට... ජය ශ්‍රී...!!!

      Delete
  6. මාත් මේ පැත්තෙ ඇවිත් ගියා මණ්ඩි සහෝ, පෝස්ට් ටික නියමයි, ආයේ පෝස්ට් එකකින් සෙට් වෙමු, ජය

    ReplyDelete
    Replies
    1. අප්පේ.. කොච්චර හොඳද මේ පැත්තෙ ආපු එක... සාදරයෙන් පිළිගත්ත ඕං.. බොහොම් ස්තූතියි ඈ අගය කිරීම සම්බන්ධයෙන් හා අදහස් දැක්වීම වෙනුවෙන්.. මමත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්කො, ඊළඟ පෝස්ට් එක ළඟදීම හොඳේ... ජය ශ්‍රී...!!!

      Delete
  7. සහෝදරයා ඔයා නැති අතරෙයි අපි ආවේ.පුලුවන් වෙලාවක අපේ අහත් ඇවිත් යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. ආ... බොහෝම සතුටුයි මේ පැත්තට ගොඩවෙලා ගියපු එක ගැන, සාදරයෙන් පිළිගත්ත ඕං... අප්පේ ඔය පැත්තෙ තියෙන්නෙ කිරිපැණි නෙව, පිංතූරෙ දැක්කම බඩගින්නකුත් ඇල්ලුව.. බොහෝම ස්තූතියි ඈ මේ පැත්තට ඇවිල්ල කොමෙන්ටුවක් දාල ගියාට.. ජය ශ්‍රී...!!!

      Delete
  8. ලයාන්විතයාණනි ඔබගේ නැවත පැමිණීම මට මහත් චිත්තප්‍රීතියකි

    ReplyDelete
    Replies
    1. බොහෝම සතුටුයි ඈ කොමෙන්ටුව සම්බන්ධයෙන් ඒ වගේම බොහෝම ස්තූතියි... අලුත් පෝස්ට් කෑල්ලක් අද හෙටම එනව, පුළුවන් වෙලාවක මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්නකො... ජය ශ්‍රී....!!!

      Delete
  9. උඹ එරිලද ?.මඩ ගොදකද තේ මන්ඩි ගොදකද?

    ReplyDelete
    Replies
    1. හැක්... හැක්... මන්ඩි... මන්ඩි... බොහොම ස්තූතියි ඈ ඇවිල්ල කොමෙන්ටුවක් දිල ගියාට, අලුත් පෝස්ට් කෑල්ලක් අද හෙටම එනව... ජය ශ්‍රී...!!!

      Delete
  10. මන්ඩියෝ ආරංචිඋනා මොකක්ද ලොකු වැඩක් කියලා පහුගිය දවස් ටිකේ....වැඩ තිබුනට කමක් නෑ මේ පැත්තේ එන්න අමතක කරන්න එපා...
    යුනිකේත විකේතකය සාර්ථකව ස්ථාපනය කලබව සංවේගයෙන් දැනුම් දෙමි..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... දැන් ගොඩ... කොයි වැඩේ තිබුනත් මැෂින් එක දාගත්ත ගමන් යන්නෙ බ්ලොග් පෝස්ට් හොයාගෙන, මේකෙ තරම් ෆන් එකක් කොහේවත් නෑ නෙව.. හැබැයි බං උඹ සෙට් එක දාපු නැති එකට නම් මට යකා නැඟල හිටියෙ, ඇයි බං මේච්චර එවුන් ඕක දානව, උඹට ඒක අමතක වුනානෙ. අන්තිමට මම යුනිකෝඩ් ඉන්ස්ටෝල් කොරා ඔක්කොම ජරමර පැත්තකට දාල... දැන්වත් දාගත්ත එක ලොකු දෙයක්, හැක්... හැක්.... බොහෝම ස්තූතියි ඈ ඇවිල්ල කොමෙන්ටුවක් දාල ගියාට.. ජය ශ්‍රී...!!!!

      Delete
  11. හලේ...මේ මොකද මන්ඩි මල්ලිට වෙලා තියෙන්නේ...කොහෙද ගියේ??? එරිලා හිටපු තැනින් ගොඩ ආවා යයි සිතමි...අර යුනිකේත සීන් එක මට නොතේරුන බව සංවේගයෙන් පවසමි :( ඔබ නැවත පැමිණි පසු විකේතනයද මොකක්ද එක යොදන හැටි අපට කියා දේ යයි බලා පොරොත්තු වෙමි...

    ReplyDelete
    Replies
    1. http://settdeco.bhasha.lk/si/
      මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා කියවන්න වැඩේ තේරෙයි....

      Delete
    2. සයුරි අක්කා වෙත,
      අනේකවිධ ගැටළු වලට මුහුණ පැව අක්කේ, දැන් ෂේප්.. දැන් නම් ගොඩ, ඒත් එරීමේ අඳුරු සෙවනැලි මා වටේ තවමත් කැරකෙන හැඩයි.. මේව මගඅරින්න පුළුවන් වැඩත් නෙමෙයි නෙව.. යුනිකේත සීන් එක එච්චර දෙයක් නෑ අක්කේ, සෙට් යුනිකේත විකේතකය දාගත්තම සිංහල ඉන්ස්ටෝල් නොකරපු මැෂින් එකක ඉඳන් වුනත් සිංහල බ්ලොග්/වෙබ් කියවන්න පුළුවන්. පොඩි ගැජට් එකක් වගේ, කරන්න තියෙන්නෙ දෙන කොඩ් එක අරන් සින්ඩිවල සබැඳීන් බ්ලොග් එකේ දානව වගේ දාගන්න.. නොඳුටුව දීපු ලින්ක් එකට ගියාම සිද්ධිය අකුරක් නෑර සිංහලෙන්ම තියෙනව. මෙතනින් යන්නකො ලින්ක් එකට. බොහෝම ස්තූතියි අක්කේ මේ පැත්තෙ ඇවිල්ල කොමෙන්ටුවක් දාල ගියාට, සෙට් එක දාගන්න බ්ලොග් එකට අනිවාර්යෙන්ම.. අළුත් පොස්ට් කෑල්ලකුත් අද හෙටම එයි, ජය ශ්‍රී..!!!

      Delete
    3. තැන්කු තැන්කු දෙන්නටම...වහාම දා ගන්න ඕන ඒක :) මල්ලි එරිච්ච එක ගැනත් පෝස්ට් එකක් දානවනම් හොඳයි නේද..

      Delete
  12. මොනවද මේ යුනිකේත කියන්නෙ කියල ඉස්සෙල්ලම කියල හිටිය නං....

    ReplyDelete
    Replies
    1. යුනිකේත වල පිහිටෙන් තමයි ඔබා මාමේ අපි මේ සිංහල ටයිප් කොරන්නෙ, සිංහල යුනිකේත නැත්තම් සිංහල බ්ලොග්/වෙබ් කෙරුවාවට දෙයියන්ගෙම පිහිටයි. අර ඉංග්‍රීසියෙන් Unicodes කියන්නෙ යුනිකේත වලට. සිංහල යුනිකේත වලට ඉංග්‍රීසියෙන් Sinhala Unicodes කියල කියන්නෙ. සිංහල යුනිකේත(Sinhala Unicodes) වලින් බ්ලොග්/වෙබ් කියවන්න/ලියන්න නම් කියවන්නාගේ/ලියන්නාගේ පරිඝණකයේ සිංහල දමිළ යුනිකේත කට්ටලය(Sinhala Tamil Unicode Kit) ස්ථාපනය(Install) කරල තියෙන්න ඕනෙ. ඔබා මාමත් ඒක ස්ථාපනය(Install) කලානෙ, ඒකනෙ මේ ඔබා මාමගෙ බ්ලොග් එක ගජරාමෙට සිංහලෙන් නැගල යන්නෙ. දැන් මෑතකදි සෙට් යුනිකේත විකේතකය(SETT Unicode Decoder) කියලත් එකක් හඳුන්වල දුන්න ශ්‍රී ලාංකික තරුණ පරිඝණක ඉංජිනේරුවෙක් විසින්. ඒක සිංහල බ්ලොග්/වෙබ් එකකට එක් කලාම සිංහල යුනිකේත කට්ටලය(Sinhala Tamil Unicode Kit) ස්ථාපනය(Install) නොකරපු පරිඝණකයක ඉඳන් වුනත් සිංහල බ්ලොග්/වෙබ් කියවන්න පුළුවන්, හැබැයි රජෝ සිංහලෙන් ලියන්න බෑ... බොහෝම ස්තූතියි ඈ මේ පැත්තෙ ඇවිල්ල කොමෙන්ටුවක් දාල ගියාට.. ළඟඳීම පෝස්ට් කෑල්ලකුත් දානව... ජය ශ්‍රී..!!!

      Delete
  13. මාත් බැලුව ඇයි මන්ඩි මේ දවස් වල සද්දෙ වහල කියල..:P

    ReplyDelete
  14. මාත් මේ බැලුව සෑහෙන දවසකින් දැක්කෙ නැත්තෙ මොකද කියල..ඕවා ඔහොම තමයි මාත් මේ ආවෙ දවස් දෙක තුනකට පස්සේ..හැම දෙයක්ම මගහරිනනැතුව කරන්න ඕනිනේ...

    ReplyDelete
  15. ප්‍රීතියි ප්‍රීතියි..... !

    ReplyDelete
  16. මණ්ඩියට මොකද උනෙ ? කවුරු හරි මූවත් බීලද ?

    ReplyDelete
  17. මන්ඩිඩිඊඊඊ....කොහෙද ඉන්නේ? ගියා ගියාමයි දැක්කෙත් නෑ...යහතින් ඉන්නවද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...