Wednesday, February 22, 2012

සංවේගයෙන් දැනුම් දීමයි..!!!


බුදු සරණයි.

මා ආදරණීය, හිතාදර, දයාබර, ලබැඳි, ලෙන්ගතු,
සහෘද, සෙනෙහෙබර, ලයාන්විත... බ්ලොග්කරුවන් වෙත,


     මා හට මුහුණ පෑමට සිදුවූ අධික වෙහෙසකර මෙන්ම මග හැරීමටද නොහැකි සිද්ධීන් කිහිපයක් හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක් පෝස්ට් දැමීමට නොහැකි වූ බව මෙයින් දිවුරා ප්‍රකාශ කරමි. එසේ වුවද මා සිටිනා තැනක සිට මාගේ සහෘද බ්ලොග් කරුවන්ගේ සියලුම පෝස්ට් කියවූ බවත් මා ආදරණීය බ්ලොග් සහෘදයන් වන නොඳුටු අයියා හා සයුරි අක්කා තම බ්ලොග් වල සෙට් යුනිකේත විකේතකය යොදා නොමැති නිසා කියවීමේදී මාහට පට්ට කට්ටක් කෑමට සිදුවූ බවත් සංවේගයෙන් දැනුම් දෙමි. කෙසේ වුවද කිසිඳු පෝස්ට් එකක් අතනොහැරිය අතර පෝස්ට් එකේ කොටු දිහා බලා සිටීමට බැරිම තැන යුනිකේත ස්ථාපනය කරමින් කියෙව්වෙමි, අවුලකට තිබුනේ අද එක් පරිඝණකයක් භාවිතා කර හෙට තවෙකක් භාවිතා කිරීමට මා හට සිදු වීමයි. මාගේ ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින අතර මා කියවූ පෝස්ට් වලට කමෙන්ට් කිරීමට නොහැකි වීම පිළිබඳව මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි. එමෙන්ම මාගේ කටයුතු තුලදී ඇතිවූ වෙහෙස හා මානසික පීඩනය නිවා ගැනීමට උපකාරී වූ නොඳුටු අයියා/ සයුරි අක්කා/ ශානි අක්කා/ ඔබා මාමාසෙන්නා අයියා/ ගැමියා/ පුංචි කුමාරිහාමි/ තරූ/ සම්මානි/ චතු... ඇතුළු මෙකී නොකී සියලුම සහෘද බ්ලොග් කරුවන්ගේ පෝස්ට් අගය කර සිටින අතර, මා සහෘද සියලුම බ්ලොග් කරුවන්ට දිඝාසිරි පතමි. මන්ඩිපාල වන මම ඇතැමි විට එරෙන සුළු පුද්ගලයෙකු බවටත්, හැකි සෑම විටම එරී නොසිටීමට උත්සාහ දරන බවටත් මෙයින් දිවුරා පොරොන්දු වෙමි.


මීට ආදරණීය, හිතාදර, දයාබර, ලබැඳි, ලෙන්ගතු,
සහෘද, සෙනෙහෙබර, ලයාන්විත...,
මන්ඩිපාල.
Related Posts Plugin for WordPress, Blogger...