"හොදයි වින්ස්ටන්ට් මහත්මයා...." තමා බ්ව් වීදුරුව මේසය මත තබමින් ෆෙඩ්රික් පැවසීය. "නෑ....මේ.... මම කල්පනා කලේ මට වැඩිය දක්ෂ ඉංජිනේරුවන් ඕනෙතරම් වොෂින්ටනයෙ ඉදලත්...." වින්ස්ටන්ට් තමා ඉදිරිපස වූ ටීපෝව මත ඇති මල් බදුන දෙස බලමින් පැවසීය." නෑ.... අපි ඒක හෙට කතාකරමු, මට තව වැඩ ටිකක් තියෙනව... එහෙනම් නොවැරදීම හෙට උදේ අටහමාර වෙනකොට අපේ මූලස්ථානයට එන්න. මම ගිහින් එන්නම්...." ෆෙඩ්රික් වින්ස්ටන්ට්ට සමුදුන්නේය. මේ කුමක් සිදුවීමට යන්නේ දැයි වින්ස්ටන්ට්ට සිතා ගැනීමට නොහැකිය. ෆෙඩ්රික්ගේ සමුදීම නොතැකූ වින්ස්ටන්ට් තවමත් අසුන මතට වී බලාගත්වනම බලා සිටී. සත්‍ය වශයෙන්ම මෙය සැලසුම් කිරීමට හැකියාවක් වින්ස්ටන්ට්ට ඇත, නමුත් එය කෙතරම් දුරට සාර්ථක වේ දැයි ඔහුට සිතාගත නොහැකිය. වින්ස්ටන්ට් තමා සිටි අසුනෙන් නැගිට තම කාමරය දෙසට ගමන් කිරීමට සැරසෙන විටම දුරකතනය නාද විය. "හෙලෝ.........." වින්ස්ටන්ට් මහතා මහත් හිසරදයකින් පෙළෙන අයෙකු මෙන් පැවසීය. "හෙලෝ..... වින්ස්ටන්ට් මම ෂෙරීනා.. කොහොමද ඔයාට, අද පුතාල දෙන්නට ඉස්කෝලෙ නිවාඩු... මම එයාලත් එක්ක සතුටු උයනට යන්න ලෑස්ති වුනේ...." ෂෙරීනා යනු වින්ස්ටන්ට්ගේ බිරිදයි. වින්ස්ටන්ට්ගේ බිරිද හා පුතුන් දෙදෙනා වාසය කරනුයේ ස්විට්සර්ලන්තයේය. ඒ ෂෙරීනාගේ මව් බිමයි. වින්ස්ටන්ට්ද කලක් ස්විට්සර්ලන්තයේ වාසය කල අතර පර්යේෂන කටයුතු නිසා ඇමෙරිකාවේ මවුන්ටන් වීව්හි නිවසේ දැනට පදිංචිව සිටී. නමුත් තම බිරිද හා පුතුන් දෙදෙනා බෑලීමට වින්ස්ටන්ට් සෑම දෙමසකට වරක්ම නොවැරදීම ස්විට්සර්ලන්තයට යාමට පුරුදු වී සිටියේය. "ආ.... ඇත්තද ෂෙරීනා....මේ...මේ.....මම හොදින් ෂෙරීනා...." වින්ස්ටන්ට් මහතා පිළිතුරු දුන්නේය. වින්ස්ටන්ට් ඔයා බය වෙලා වගේ, ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද... ඔයා ලගදි මේ පැත්තෙ එන්නෙ නැද්ද... පුතාල දෙන්න හැමදාම අහනව තාත්ත එන්නෙ කවද්ද කියල....". "මේ.... නෑ ෂෙරීනා ප්‍රශ්නයක් නෑ.... මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි, මම පස්සෙ කතා කරන්නම්කො.... පුතාල දෙන්නට කියන්න තාත්තට මේ ටිකේ ටිකක් වැඩ කියල... මම තියන්නම් ෂෙරීනා.....". "හරි වින්ස්ටන්ට්...." දුරකතන සංවාදය නිම විය, එහි අග මැද මුල කිසිවක් වින්ස්ටන්ට්ගේ මනසේ නැත. වින්ස්ටන්ට්ගේ හිත තවමත් එක තැනක නැත. වින්ස්ටන්ට් කාමරයට ඇතුල් වෙත්ම සේවකයෙක් පැමිණ ටී-පෝව මත තිබු බිස්කට් හා කෝප්ප ඇතුලු අනෙකුත් දෑ කුස්සියට රැගෙන ගියේය.
පසුදින උදෑසනම ෆෙඩ්රික් තම මූලස්ථානයට පැමිණියේය. "සුභ උදෑසනක් ෆෙඩ්රික් මහත්මයා....". "අහ්.... සුභ උදෑසනක් මෙලන්කා මහත්මිය...." මෙලන්කා යනු ෆෙඩ්රික්ගේ නිල ලේකම්වරියයි. ඇය දැනට වසර තුනක පමණ කාලයක සිට මෙම තනතුර හොබවන්නීය. මීට පෙර ඇයද බුද්ධි අංශ නිලධාරිනියකි, ඇය උසස් වීමක් ලැබ මෙම ස්ථානයට අනුයුක්ත කර ඇත. "අපිට අද වැදගත් වැඩක් තියෙනව, පෙන්ටගන් යන්න ඕනෙ...." ෆෙඩ්රික් තම කාර්යාලයීය කාමරයට පැමිණ තමා අතේ තිබූ ලිපි ද්‍රව්‍ය මේසය මත තබමින් පැවසීය. "මම ඊයෙ සාකච්ඡාවෙදි කිව්ව කාරනේ මතක ඇතිනෙ, ඒකට අදාල ලිපි ලේඛණ ටික ලෑස්ති කරන්න. වින්ස්ටන්ට් මහත්මයා අටහමාර වෙනකොට මූලස්ථානයට එයි, ආපු ගමන් අපි යනව...." යැයි ෆෙඩ්රික් පවසන විටම ඔහුගේ මේසය මත වූ දුරකතනය නාද විය. "හෙලෝ සුභ උදෑසනක්, එල්.358...." ෆෙඩ්රික් පැවසීය. "සුභ උදෑසනක් ෆෙඩ්රික් මහත්මයා, අද හරියටම නවය වෙද්දි පෙන්ටගන් එන්න, කාරනේ මතක ඇතිනෙ. වින්ස්ටන්ට් මහතාගේ පැමිණීමත් අපි බලාපොරොත්තුවෙනව..." ඒ පෙන්ටගනයේ විශේෂ මෙහෙයුම් සම්බන්ධීකරන නිළධාරී පෝල් ඩේවිඩ්ය. "හරි පෝල් මහත්මයා අටහමාර වෙනකොට වින්ස්ටන්ට් මහත්මයා අපේ මූලස්ථානයට එයි, ඔහු ආපු ගමන් මම ඔහුත් සමඟ එනව.... හරි ෆෙඩ්රික් සුභ දවසක්". "සුභ දවසක් පෝල් මහත්මයා...." දුරකතන සංවාදයෙන් පසු ෆෙඩ්රික් මහතා තම කාර්යාලීය කාමරයේ කල්පනා බරව ඒ මේ අත ඇවිද ගියේය. මෙලන්කා මහත්මිය වැදගත් ලිපිගොනු එකින් එක පරික්ෂා කරමින් අවශ්‍ය දෑ ෆයිල් කවරයකට එක් කරයි. ෆෙඩ්රික් විටින් විය වෙලාව බලයි, දැන් වෙලාව උදෑසන අටයි විස්ස පමණ වී ඇත.
එක්වරම කාර්යාලයීය කාමරයේ දොර ඇරුනි. "මහත්මයා මුණ ගැහෙන්න කවුද කෙනෙක් ඇවිල්ල...." ඒ මූලස්ථානයේ ආරක්ෂක නිළධාරී තැනයි. "පහළින් තියාගන්න, මෙලන්කා එයි..." ෆෙඩ්රික් පැවසීය. මෙලන්කා විදුලි සෝපානයෙන් පහළට ගිය විගසම ඉහළට පැමිණියාය. "ෆෙඩ්රික් මහත්මයා, වින්ස්ටන්ට් මහත්මයා ඇවිල්ල....". "ආහ්.... වින්ස්ටන්ට් ඇවිල්ලද..." ෆෙඩ්රික් වේලාව බැලුවේය. වෙලාව අටයි විසිපහ වීමට තව විනාඩි දෙකකි. "ආ.... අටහමාරටනෙ යන්නෙ තව විනාඩි හතක් විතර තියෙනව, උඩට එක්කන් එන්න....." ෆෙඩ්රික් පැවසීය. ටිත වේලාවකින් මෙලන්කා සමග වින්ස්ටන්ට් පැමිණියේය. ඔහු සුදු උස මහත පුද්ගලයෙකි. මුහුණ පුරා පැසුනු රුවුල කොටට වැවී ඇත. දෙපසින් නළල විශාලව පෙනෙන පරිදි කොණ්ඩය ගැලවී ගොස් ඇති අතර පැසුනු දිග හිසකේ හිස මුදුණට වන්නට ඇත. කොණ්ඩය පිළිවෙලකට පීරා නොමැති අතර උදෑසන නා පිසදැමූ ආකාරයක් පෙනේ. වැලමිටට ටිකක් පහළට වන්නට නවන ලද දිග අත් ඇති කමිසයක්, දිග කලිසමක් හා සපත්තු යුගලකින් මොහු සැරසී සිටියේය. "සුභ උදෑසනක් වින්ස්ටන්ට්... ඉඳගන්න..." ෆෙඩ්රික් තම මේසය දිරියේ වූ අසුන දෙසට අත දික් කරමින් පැවසීය. "සුභ උදෑසනක්.. බොහෝම ස්තූතියි ෆෙඩ්රික් මහත්මයා...." වින්ස්ටන්ට් සිනාමුසු මුහුණින් ඉඳගත්තේය. එවිට මෙලන්කා තේ කෝප්ප දෙකක් බන්දේසියක තබාගෙන විත් ඒ අසල වූ කුඩා මේසය මත තැබීය. එවිටම "ගන්න වින්ස්ටන්ට්..." යැයි ෆෙඩ්රික් පවසන විට මෙලන්කා වින්ස්ටන්ට්ට බන්දේසිය ඇල්ලීය. "බොහොම ස්තූතියි.." යැයි පවසමින් වින්ස්ටන්ට් තේ කෝප්පයක් ගෙන මේසය මතින් තබා ගත්තේය, අනතුරුව මෙලන්කා ෆෙඩ්රික්ටද බන්දේසිය ඇල්ලීය. "මට මේ දැනට විනාඩි කීපයකට කලින් පෙන්ටගනයේ සම්බන්ධීකාරක නිළධාරීතැන කතා කලා. ඔවුන් ඔබේ පැමිණීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවකින් ඉන්නෙ......" ෆෙඩ්රික් තේ කෝප්පය රස බලමින් පැවසීය.
මෙම කර්තව්‍යය භාර නොගෙන තමාට මෙයින් කිසිවිටකත් නිදහස් විය නොහැකි බව වින්ස්ටන්ට් හොදාකාරව දනී, ෆෙඩ්රික්ගේ ප්‍රකාශය වින්ස්ටන්ට්ගේ හිතට දැඩි පහරක් මෙන් දැනින. වින්ස්ටන්ට්ගේ හිතේ මෙම කාර්යය සම්බන්ධයෙන් ඇත්තේ සියයට සියයක අකමැත්තකි, නමුත් එය එක්වරම ප්‍රකාශ කළ නොහැක. "අහ්... ඒක ඇත්ත ෆෙඩ්රික් මහත්මයා, බොහෝම බැරෑරුම් වැඩක්නෙ. මට විශ්වාසයි මට වැඩිය හොද සැලැස්මක් වොෂින්ටනයේ තරුණ විද්‍යාඥයන් ඉදිරිපත් කරයි කියල...." වින්ස්ටන්ට් බොහෝම සැහැල්ලු පුද්ගලයෙකු මෙන් පැවසීය. "හරි වින්ස්ටන්ට් අපි පෙන්ටගන් යමු, අටහමාරයි වෙලාව....." ෆෙඩ්රික් තම ෆයිල් කවරය අතට ගනිමින් අසුනෙන් නැගිට්ටේය. වින්ස්ටන්ට්ද අසුනෙන් නැගිට ෆෙඩ්රික් පසුපසින් ගොස් විදුලි සෝපානයට ගොඩ විය. දෙදෙනාම බිම් මහලේ රථ ගාලට පැමිණ ෆෙඩ්රික්ගේ නිල මෝටර් රථයට ගොඩවිය. "නෝමන්, පෙන්ටගන් යමු....." ෆෙඩ්රික් පැවසීය. මෝටර් රථය වේගයෙන් ඇදෙන්නට විය. ෆෙඩ්රික් හෝ වින්ස්ටන්ට් කතාවක් නැත. මීලඟට තමා කරන්නේ කුමක්දැයි වින්ස්ටන්ට්ගේ සිත නිතරම ඔහුගෙන් විමසයි, එය ඔහුට කවදාවත් නොමැති තරමේ වූ හිසරදයකි. කෙසේනමුත් ඇමෙරිකානු පාලනාධිකාරි තවත් නොමනා තීරණයක් ගෙන ඇතිබව වින්ස්ටන්ට් හොඳාකාරවම දනී. එය වැළැක්වීමට වින්ස්ටන්ට්ට කිසි විටකත් නොහැකිය, ඔහුට අවශ්‍ය හැකි තරම් මෙයට සම්මාදන් වීමෙන් වැළකීමය. මීට පෙරද ඇමෙරිකානු පාලනාධිකාරිය සැලසුම් කරන ලද මෙහෙයුම් වලින් තමාගේ බිරිඳ වැනිම අහිංසක කාන්තාවන් තමාගේ පුතුන් වැනිම අහිංසක දූදරුවන් ඇතුලු අහිංසක සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අමු අමුවේ ඝාතනය වූ අයුරු නිතරම ඔහුගේ හිතට වද දෙමින් සිහියට නැගේ. ඒ තමා යුද්ධ සැලසුම් කර ඇතිව හෝ යුද පිටියේ සටන් වැද ඇතිව නිසා නොවේ. මෑත කාලීන සංග්රාම සියල්ලකම පාහේ ඇමෙරිකාව භාවිතා කල නවීන අවි ආයුධ සියල්ලක්ම තමා සැලසුම් කරන ලද ඒවා බැවිනි. එහිදී ලෝකයාට තමා අතින් සිදුවූ අසාධාරණය නැවතත් සිදුකිරීමට වින්ස්ටන්ට්ගේ සිත කිසි විටකත් ඔහුට ඉඩ නොදේ.
මතු සම්බන්ධයි..
______________________________________________________________________________
නිහඩ මෙහෙයුම -
නිහඩ මෙහෙයුම යනු හුදෙක්ම මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතා මාලාවකි. මෙය මුලුමනින්ම මාගේ ස්වයං නිර්මාණයක් වන අතර සියලුම සිදුවීම් හා නම් මනඃකල්පිතය.
ප.ලි. අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....
ප.ලි. අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....
mama kiyewwa ban gedara awillama comment ekak daannam hode....jayawewa
ReplyDeleteඑළ.. එළ.. මම හිතුවෙ උඹට ලොග් වෙන්න නෙට් කනෙක්ෂන් නෑ කියල... ජය ශ්‍රී..!!!
Deleteඅයන් මෑන් මතක් උනා මන්ඩියෝ......
ReplyDeleteඅයන් මෑන් මම එකයි නොදුටුවෝ බැලුවෙ, ඒකත් එහෙන් මෙහෙන්(අවුරුදු දෙක තුනකට කලින්ද මන්ද)... උඹලට මේක අල්ලල යනව නම් එච්චරයි මට තියෙන සතුට, උඹල කියවන්නෙ නැත්තම් මම අහවල් එකකටෙයි මේව ලියන්නෙ... හැක්..හැක්.. මතුසම්බන්ධයි හොඳේ.. බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට... ජය ශ්‍රී...!!!
Deleteඑළ එළ දිගටම ලියන්න....
Deleteකතාව මැද්දටම දාන්නේ නැතුව,දෙබස් වෙනම වාක්‍ය විදියට දැම්මොත් වඩා හොඳයි මගෙ හිතේ.. ජය වේවා මල්ලි..!!!
ReplyDeleteඒක හොඳ අදහස අක්කා... ඊළග ලිපියෙ ඉදන් එහෙම දාන්නම්. බොහෝම ස්තුතියි ඈ කොමේන්ටුවක් දාල අඩුපාඩු පෙන්නල දුන්නට.. ජය ශ්‍රී...!!!
Deleteමාත් ඕක කියන්ඩ හිටියේ... දැන් ටිකක් දගලන්ඩ ඕනා තේරුම් ගන්ඩ.
Deleteමටත් ඕක බට ලයිට් වෙවී තිබුනේ... දැන් තේරෙනව.. හැක්..හැක්... ඊළඟ පාර මේ වැරැද්ද කරන්නෑ හොඳේ..
Deleteඅමුතුම විදියේ කතාවක් සුබ පැතුම්.
ReplyDeleteබොහෝම ස්තුතියි කුමාරිහාමි අගය කිරීමට හා දිරි ගැන්වීමට, මතු සම්බන්ධයි හොඳේ.. ජය ශ්‍රී...!!!
Deleteනියමයි... කතාව ලස්සනයි...
ReplyDeleteඅර තේබොන සීන් එක ගැන නම් මට ප්‍රශ්ණයක් තියනව... ඇමරිකන් කාරයොත්, අපි වගේ ආපු ගමන් තේ අල්ලනවද කියලා මට නම් සැකයි.. ( මම වැරදි වෙන්ඩත් පුලුවන් හොඳේ.. මොකද මම ඇමෙරිකාව ජීවිතේට දැකලා නැති නිසා.. ඒත් මට හිතෙනවා උන් එහෙම නැතුව ඇති කියලා. )
ඔයා කතාව ලියන වෙලාවට හිතෙන් ඇමෙරිකානුවෙක් උනොත් කතාව තාත්වික වෙයි මගෙ හිතේ..
බොහෝම ස්තූතියි ඈ අගය කිරීමට හා දිරි ගැන්වීමට. මේ... ඇමරිකන් ජීවිතෙ මම දැකලත් නෑ අයියේ, ඒත් මම හිතුවෙ සිලෝන් ටී කිය කිය රහ කර කර බොන්නෙ උන්ම නෙව... උන් අපෙන් අවුරුද්දකට තේ කොච්චර මිලදී ගන්නවද..? ඉතින් ඒ ගන්න තේ බොන්නත් එපැයි. ඒකයි එහෙම දැම්මෙ. මටත් මුලදි ඕක ටිකක් විතර බට ලයිට් වුනා, ඒත් මම ආයෙ මේ ලංකාවෙ තේ අපනයනය ගැන හිතල ඒක එහෙම්මම තිබ්බ. හැබැයි ඉතින් මම දන්න තේ අපනයනටක් නැද්ද දන්නෙත් නෑ... හැක්...හැත්... කතාවෙ රසයට භාධාවක් වුනා නම් සමාවෙන්න ඕනෑ.. ඊලඟ කොටසේ එහෙම වැරුද්දක් වෙන්න ඉඩ තියන්නෙ නෑ... ඇත්ත ඇත්ත හිතෙනුත් ඇමෙරිකානුවෙක් වුනොත් කතාව හොඳ වෙයි තමා, ඊලඟ කොටස උපරිම වශයෙන් තාත්වික කරන්න උත්සාහ කරනව.. බොහෝම ස්තූතියි ඈ අඩුපාඩු පෙන්වල දීල දිරීමත් කිරීම සම්බන්ධව.. අහ්...මේ... එංගලන්තෙ පොලොස් විකුණනවයි කියලත් කියන්නෙ, ජය ශ්‍රී...!!!
Deleteතේ ගන්න එකනම් ඇත්ත මලේ.. ඒත් හොයලා බලන්ඩ ඕනා ඕකුන් ගෙදරට එන මිනිහෙක්ට තේ එකක් දෙනවද කියලා.. අමෙරිකාවේ ඉන්න අපේ කට්ටිය පැහැදිලි කිරීමක් කරයි කියල හිතනවා.
Deleteඇත්ත ඇත්ත... අයියණ්ඩි කියනකන් මට ඔය ගැන වගේ වගක් තිබුනෙ නෑ නෙව... හොයල බලන්න ඕනෙ තමා මේ කතාව..
Deleteමේ පැත්තෙ ආව මුල්ම සැරේ..1 කොටසත් කියවන්න ඕනෙ. ලස්සනට කතාව ලියල තියනවා.
ReplyDeleteආයෙම අනිවාර්යෙන් එනවා.
ආ.. අමතක වුනානෙ. ගැමියා තමා පාර කිව්වෙ
Deleteඅහ්... ගැමියා මගේ හොඳ ෆිට් එකක්.. බොහෝම සතුටුයි මේ පැත්තට ගොඩ වෙච්චි එක ගැන. සාදරයෙන් පිළිගන්නවා. ගොඩාක් ස්තූතියි අදහස් දැක්වීමට හා අගය කිරීමට, ඊලඟ කොටසත් ලඟදිම දානව, ආයෙ එන්නකො මේ පැත්තෙ, ජය ශ්‍රී...!!!
Deleteවෙනස් විදියෙ අමුතු කතාවක්..කතාව ලියන රටාව වෙනස් කරානම් කියවන්න ලෙසි නෙද මල්ලි..දෙබස් වෙන් කරලා ලිව්වොත් හොඳයි නේද.සුභ පතනවා ඔයාට
ReplyDeleteබොහෝම ස්තුතියි අක්කේ අදහස් දැක්වීමට අගය කිරීමට. ලියන රටාව ඊලඟ ලිපියෙ ඉඳන් වෙනස් කරන්න ඕනෙ අක්කේ. හැමෝම ඔය කතාව කිව්ව. මේ පෙන්නල දීපු අඩුපාඩු සියල්ලක්ම ඊලඟ ලිපියෙදි නිවැරදි කරනව. බොහෝම ස්තුතියි අක්කේ අඩුපාඩු පෙන්නල දීල කරපු උදව්වට, ඔයාලගෙ අගය කිරීම් හා වැරදි පෙන්නල දීම් තුලින් තමයි මගේ බ්ලොග් එක ඉස්සරහට යන්නෙ. ජය ශ්‍රී....!!!
Deleteඕං තුන්වෙනි කොටස දැක්කාම මේකට කොමෙන්ට් කරේ නෑනේ කියලා මතක්වෙලා ආවේ....ලියන විදිය හොඳයි දෙබස් වෙන් කරලා පැහැදිලිව අරන් ගියානම් කම්මැලි නැතුව කියවන්න පුළුවන්.කෙටි ඡේද දාන එකත් හොඳ උප්පරවැට්ටියක් කියවන්නාව ඇඳ බැඳ තබාගන්න....කතාවේ සංකීර්ණ භාවයත් අඩුවෙන්න ඕනේ මතකද උඹමයි කිව්වේ බඹර වලල්ල බැලුවාම මේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සු ඒකයි මේක හිතට වදින්නේ කියලා අන්න ඒකයි වෙන්න ඕනේ පුළුවන් තරම් සමීප වෙන්න ඕනේ....ඇමෙරිකාව අපිට සමාන නෑ තමයි ඒත් මම එතනින් අදහස් කලේ අර සුපර් මෑන්ලා නොකර සාමාන්‍ය මිනිස්සු කරන්න කියන එකටමයි...ජයවේවා පට්ටයි කතාව නම් දිගටම ලියමු
ReplyDelete