අනිකුත් නිළධාරීන් සිය අසුන් වලින් නැගිට ගිය පසු ඔහු තම ලිපි ද්‍රව්‍ය ටික එකතු කර තම ෆයිල් කවරයට දා ගත්තේය. මේසය මත තිබූ පෑනද ගෙන සාක්කුවට දමාගත් මොහු තම අසුනෙන් නැගිට කාමරය තුල සෙමින් ඇවිද ගියේ මදක් කල්පනා බරවය. නිතරම කලු දිග කලිසමක් සුදු අත්දිග කමිසයක් කලු කබායක් හා කලු සපත්තු දෙකක් අදින මොහු දැවැන්ත සිරුරකින් හා මනා පෞර්ශයකින් හෙබි පුද්ගලයෙකි. මුහුණ පුරා කොටට වැවුනු රුවුල හා මදක් පැසුනු හිසකේ මොහුගේ පෙනුමට ගාම්බීර බවක් ගෙනදී ඇත. මෙම ක්‍රියාදාමය ලෙහෙසි පහසු එකක් නොවන බව මොරිසන්ස් හොදාකාරවම දනී, මේ සදහා කොතරම් දියුණු තාක්ෂණයක් යොදාගත්තද අසාර්ථක වීමේ සම්බාවිතාව, සාර්ථක වීමේ සම්බාවිතාව තරම්ම අගයක පවතී. ගොඩනැගිල්ලේ වීදුරු බිත්තියෙන් පහල බලමින් කල්පනාවක සිටි ෆෙඩ්රික් ක්ෂණිකව හැරී තම මේසය වෙත පැමිණ ඇමතුමක් ලබාගත්තේය. "හෙලෝ..... වින්ස්ටන්ට් මහාතා, ඔව් වින්ස්ට්න්ට් තමයි... මම ෆෙඩ්රික්.... මට ඔබත් එක්ක වැදගත් සාකච්ඡාවක් තියෙනව මුණ ගැහෙන්න පුළුවන්ද, හරි ෆෙඩ්රික් ඔබ මගේ නිවසට එන්න... මම අද ඉන්නෙ මවුන්ටන් වීව් වල... හරි බොහෝම ස්තුතියි වින්ස්ටන්ට්...." වින්ස්ටන්ට් යනු ඇමෙරිකානු රාජ්‍ය හමුදාව වෙනුවෙන් නවීන අවි ආයුධ සැලසුම් කරන විද්‍යාඥයන් අතරින් ප්‍රධානියයි, ඔහු කීර්තිමත් පරිඝණක, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික විද්‍යාඥයෙකි. මෑත කාලීනව ඇමෙරිකානු හමුදාව සංග්රාම කටයුතු වලදී භාවිතා කළ නවීන අවි ආයුධ සියල්ලක්ම මොහුගේ මූලිකත්වයෙන් නිශ්පාදනය කරන ලද ඒවාය.
ෆෙඩ්රික් තම ෆයිල් කවරය හා ජංගම දුරකතනය රැගෙන විදුලි සෝපානය පැමිණෙන තෙක් රැදී සිටියේය. විදුලි සෝපානයට ගොඩ වී පහළට යන තත්පර කීපයද ඔහු සිටියේ බර කල්පනාවකය, පහත මාලයට විත් එහි දොර ඇරුනු වහාම ෆෙඩ්රික් රථ ගාලට දිව ගොස් තම මෝටර් රථයට ගොඩවිය. "නෝමන්, මවුන්ටන් වීව් යන්න ඕනෙ...." නෝමන් යනු ෆෙඩ්රික්ගේ රියදුරායි, මදක් රතු පැහැති මුහුණක් හා කෙසග සිරුරක් ඇති මොහුට මදක් පැසුනු උඩු රැවුලින් හා රත් පැහැති දෙනෙතින් දරුණු පෙනුමක් ගෙන දුන්නද මොහු නිතර සිනාමුසු මුහුණින් සිටින ඉතාමත් අහිංසක පුද්ගලයෙකි. මෝටර් රථය මවුන්ටන් වීව් යන අතර තුරද ෆෙඩ්රික්ගේ හිතට නිදහසක් නොවීය. ඔහු මත පැටවී ඇති අභියෝගාත්මක කර්තව්‍යය කෙසේ හෝ සාර්ථකව නිමකල යුතුය, ඒ හොදින් හෝ නරකිනි. කෙසේ කලත් මෙය මුළු ලොවටම වසන් කරගෙන කළ යුතුය. මෙම ක්‍රියා දාමයේ කොතැන හෝ අසාර්ථක වුවහොත් ඇමෙරිකාවට රුසියාව ඇතුළු අනෙකුත් ප්‍රභල රටවල් වලින් එල්ල වන චෝදනා වලින් නිදහස් විය නොහැකි මෙන්ම තව තවත් ලෝකය තුල ඇමෙරිකාවට ආර්ථික සම්භාධක පැනවෙනු ඇත. දැනටමත් අනෙකුත් රටවල් වලින් පැනවී ඇති සම්භාධක ඇමෙරිකානු ආර්ථිකයට මරු පහරක් වී ඇත. පැය තුනහමාරක පමණ ගමනකින් පසුව ෆෙඩ්රික්ගේ මෝටර් රථය මවුන්ටන් වීව් වෙත ලගා විය. කලු පැහැති ලිමොසින් වර්ගයේ මෝටර් රථයක් වන මෙය ඇමෙරිකානු පාලනාධිකාරිය විසින් ෆෙඩ්රික්ට ලබා දී ඇති නිල රථයයි.
වින්ස්ටන්ට්ගේ නිවස අසලින් මෝටර් රථය නැවැත්වු පසු ෆෙඩ්රික් මෝටර් රථයෙන් බැස ෆයිල් කවරයද අතට ගෙන තම ජංගම දුරුකතනයෙන් ඇමතුමක් ලබා ගත්තේය. "වින්ස්ටන්ට් මහතා, මම ඔබේ නිවස අසල ඉන්නෙ..." තත්පර කීපයකින් මැදිවියේ පුද්ගලයෙක් පැමිණ ගේට්ටුව විවෘත කලේය. ඔහු ෆෙඩ්රික් දෙස බලා "වින්ස්ටන්ට් මහතා මුණ ගැහෙන්නද..??" යැයි ඇසීය. "ඔව්, මම ෆෙඩ්රික්.." යැයි පිළිතුරු දුන් ෆෙඩ්රික් මහතා ගේට්ටුවෙන් ඇතුලු විය. බැලූ බැල්මටම අතිවිශාල නිවසක් ලෙස පෙනෙන මෙහි වත්තේ සෑම තැනකම අලංකාර ලෙස මල් වවා ඇත, ගේ ඉදිරිපස වතුර මලකි. ෆෙඩ්රික් නිවස කරා යන අතර තුර සේවකයෙක් මිදුලේ වල් පැල ගලවමින් සිටියේය. ඔහු ෆෙඩ්රික් දෙස බලා සිනාසුනද සිනාසීමට හැකි තරමේ මානසිකත්වයක ෆෙඩ්රික් ඒ වන විට නොසිටියේය. නිවසේ දොරෙන් ඇතුල් වු ෆෙඩ්රික් වට පිට බැලීය කිසිවෙකු පෙනීමට නොමැති නිසා ඔහු ඒ අසල තිබූ අසුනෙහි හිද ගත්තේය. ටික වෙලාවකින් පැමිණි මැදි වියේ පුද්ගලයෙකින් කිරි සහිත චොක්ලට් පානයක් බිස්කට් සමග පිළිගැන්වීය. එය ටී-පෝව මත තැබූ පරිදිම තිබියදී ෆෙඩ්රික් බර කල්පනාවකය. "ෆෙඩ්රික් මහත්තය බර කල්පනාවක වගේ ඇයි මේ, බිස්කට් එක කාලත් නෑ... ඔබට මොකක් හරි ගැටලුවක්ද..." ඒ වින්ස්ටන්ට්ගේ ගැඹුරු කට හඩයි. ඔහු දුටු විට ෆෙඩ්රික් ගැස්සී ගියේය, නමුත් වින්ස්ටන්ට් කිව්වේ කුමක්දැයි ෆෙඩ්රික්ට හරි හැටි වැටහුනේ නැත. "ආ.... වින්ස්ටන්ට් මහතා සුභ සන්ද්‍යාවක්..." යැයි කියමින් ෆෙඩ්රික් අසුනේ හරි බරි ගැසුනේය. "සුභ සන්ද්‍යාවක්...." යැයි කියමින් වින්ස්ටන්ට් මහතා ඔවුන් දෙදෙනාටම ජෝගුවෙන් චොක්ලට් පානය වත්කලේය.
"ඇයි මේ කවදාවත් නැතුව ඔබ හිතේ අමාරුවකින් වගේ, ඔබ මෙහෙම ඉන්නව මම දැක්කමයි...." වින්ස්ටන්ට් මහතා සිනා මුසු මුහුණින් කීවේය. "හිතේ අමාරුවක් නෑ වින්ස්ටන්ට් මහත්තයා, බර වැඩක් කරන්න තියෙනව... ඇමෙරිකානු පාලනාධිකාරිය මේ වැඩේ ඉවර කරන්න මට දීල තියෙන්නෙ මාස විස්සයි. ඒ කිව්වෙ ලබන අවුරුද්දෙ අවසානය වෙද්දි සියල්ලක්ම අවසාන වෙන්න ඕනෙ. මම ඒ සම්බන්ධව අපේ මූලස්ථාන නිළධාරීන් සියලු දෙනාවම අද දැනුවත් කලා....". "මගෙන් මොනවද ඔබට ඕනෙ ෆෙඩ්රික්.." වින්ස්ටන්ට් මහතා යලිත් තම කටහඩ අවදි කලේය. "මේකයි වින්ස්ටන්ට් මහත්තයා, අපිට මෙතෙන්දි කරන්න තියෙන්නෙ රුසියාවෙ සියලුම පර්යේෂණ දත්ත සොරා ගන්න එක, ප්‍රධාන වශයෙන්ම න්‍යෂ්ඨික තාක්ෂණය. ඒ වගේම ඔවුන්ගෙ කෘත්‍රීම බුද්ධිය සහිත අවි ආයුධ පිළීබදව පර්යේෂණ කරන විද්‍යාගාරය සොයාගන්න ඕනෙ. එහි දත්ත සියල්ලක්ම සොරාගන්න ඕනෙ. මේකට අපි පුළුවන් තරම් ඉහළ තාක්ෂණයක් යොදාගෙන වැඩේ සාර්ථකව නිම කරන්න ඕනෙ. ඔබට අවශ්‍ය සියලුම විද්‍යාගාර පහසුකම් පාලනාධිකාරිය ලබා දෙන්න ලෑස්තියි, ඒ වගේ විශාල මුදලකුත් කොන්ත්‍රාත්තුව හැටියට ගෙවයි. ඔබට කරන්න තියෙන්නෙ තාක්ෂණික අංශයෙ ප්‍රධානත්වය භාරගෙන වැඩ කටයුතු සැලසුම් කරන්න. කලිනුත් මේ වගේ වැඩ වලට සම්බන්ධ වෙලා තියෙන නිසා මේ ගැන මම ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ වෙන එකක් නෑ, හෙට උදේම අපේ මූලස්ථානයට එන්න.. මාත් එක්ක පෙන්ටගනයට යමු...." ෆෙඩ්රික් එක පිම්මට කියාගෙන ගියේය. වින්ස්ටන්ට්ට එය තරමක් අසනකාරී වචන වරුසාවක් විය. මෙවැනි වැඩ වලට තමා පෙරද සම්බන්ධ වී ඇති බැවින් වින්ස්ටන්ට්ද මෙහි බැරෑරුම් කම හොදාකාරව දනී. වින්ස්ටන්ට් බලාගත්වනම බලා සිටියේය. ෆෙඩ්රික් ඉදිරියේ මෙය ප්‍රතික්ෂේප කිරීමට තරම් ආත්මශක්තියක් මේ වෙලාවේ ඔහුට නැත, නමුත් බාර ගැනීමටද නොහැකිය.
මතු සම්බන්ධයි.
මතු සම්බන්ධයි.
______________________________________________________________________________
නිහඩ මෙහෙයුම -
නිහඩ මෙහෙයුම යනු හුදෙක්ම මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතා මාලාවකි. මෙය මුලුමනින්ම මාගේ ස්වයං නිර්මාණයක් වන අතර සියලුම සිදුවීම් හා නම් මනඃකල්පිතය.
ප.ලි.අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....
ප.ලි.අඩුපාඩු තියේ නම් කියල යන්න ඈ... ඒ නැතත් අදහසක් දක්වනව නම් සතුටුයි ආයිබොවන්, නැතත් හිතේ කහටක් අමනාපයක් නෑ ඕං, කියවල රස වින්දනම් එච්චරයි මට තියෙන සතුට....
කියවන්න ගත්තාම මම හිතුවේ ඉංග්‍රීසි කෘතියක පරිවර්තනයක් කියලා හැබැයි අන්තිම ටික දැක්කාම ඇඟ කිලිපොලා ගියා උපරිමයි කතාව මට කියන්න වචන නෑ මම දැනගෙන හිටියේ නෑනේ උඹට මෙච්චර හොදට ලියන්න පුළුවන් කියලා දිගටම ලියහන් සෑහෙන්න හොඳ කතාවකට මුල පුරන්න වගේ සූදානම...
ReplyDeleteඅති විශිෂ්ඨයි මන්ඩි ජය වේවා
මට ලියන්න පුළුවන් කියල මම දන්නෙත් නෑ බන්, උඹල තමයි කියන්නෙ... බොහෝම ස්තූතියි ඈ දිරිගැන්වීමට හා අදහස් දැක්වීමට, ජය ශ්‍රී...!!!!
Deleteඑළ එළ.. ලෙසටම ලියලා තියනවා.. අපි බලමු අමෙරිකාව රුසියාවෙන් පරීක්ශණ තොරතුරු සොරා ගනියිද කියලා...
ReplyDeleteමණ්ඩිට හොඳ.. නිර්මානාත්මක හැකියාවක් තියනවා කියලා පේනව...
පුලුවන්නම්.. අයිසෙක් ඇසිමෝව්ගේ හිඩස පුරවපන් කොල්ලෝ...
බොහෝම ස්තූතියි අයියේ අගය කිරීමට හා දිරිගැන්වීමට, ඊළග කොටස් වල බලන්නකො රුසියාවට මොකද වෙන්නෙ කියල, ළගදීම දානව ඊළග කොටස... අපි ටික ටික ලියල බලමු ඇසිමෝව්ගෙ හිඩස පුරවන එක කොහොම උනත් ඇසිමෝව් පේන මානයට හරි යන්න... ජය ශ්‍රී ආ...!!!
Deleteබය හිතුනා බං කියවගෙන යද්දී..මං බැලුවේ මන්ඩියා මේ මොකාටද එන්නේ කියලා...එළ ඈ....
ReplyDeleteබය වෙන්න එපා නොදුටුවෝ..!!! මේ මන්ඩියා කොහෙන් ගියත් එන්නෙ හොද තැනකට... ඒ මගේ හැටි... ප්ලේන්ටියට වඩා රහ තියෙන්නෙ මන්ඩියෙයි කියන්නෙ නිකංයෑ... හැක්...හැක්... බොහෝම ස්තුතියි ඈ අදහස් දැක්වීමට අගය කිරීමට... ජය ශ්‍රී එහෙනම්..!!!
Deleteඇත්තෙන්ම හොඳ කථාවක් කියලා කියන්න පුළුවන් මණ්ඩි... එළකිරි, නියමයි කියලා කියන්නැතුව මං පොඩි දෙයක් කියන්නම්. තරහ වෙන්න නම් එපා හොඳේ...
ReplyDeleteපුළුවන් නම් කථාවට අදාල චරිත සාමාන්‍යකරණය කරන්න. මට හිතෙන්නේ මේ චරිත super-human වගේ. ඒ කියන්නේ ගොඩාක් ඉස්මතු වෙලා පේනවා... මට දැනෙන හැටිද දන්නෑ... අධී-තාත්වික නොවී සාමාන්‍ය විදයට චරිතය අරන් යන්න. විද්‍යා ප්‍රබන්ධයක් ලියන එක ලේසි නෑ. හර බර දේවල් සරලව ලියන එක ගොඩක් අමාරු වැඩක්...
මමත් ආසම Sci-fi වලට තමා... ඒක නිසා මේක වරද්දන්නේ නෑ. ඉතුරු කොටස් ටිකත් ලස්සනට ලියමු මණ්ඩි.. ජයවේවා...!!!
අනේ මොකට තරහ වෙනවද..? උඹලට බලන්න නෙව මම මේක ලියන්නෙ, උඹල නැත්තම් මම මෙව්ව ලියනවයැ. මේක සාමාන්‍යකරණය කොරන්නෙ කොහොමෙයි, මට ඒක තේරෙන්නෑ නෙව, අනේ ඇහැකි නම් පොඩි කොමෙන්ට් කෑල්ලක් දාල කියනවැයි... මම ඉතින් සාහිත්‍ය දන්න එකෙක් නෙමෙයි ඕං, ටිකක් දන්නව, ටිකක් බට ලයිට් වෙලා තියෙන්නෙ. ඉතුරු ටිකත් හෙට අනිද්දම දානව, බලන්නකො එහෙනම්... බොහෝම ස්තූතියි ඈ දිරිගැන්වීමට, අදහස් දැක්වීමට... ජය ශ්‍රී ආ...!!!!
Deleteමාත් හිතුවෙ පරිවර්තනයක් කියලා..මන්ඩිගෙ උත්සාහය අතිශය සාර්ථකයි..කතාව මතු සම්බන්ඳයිනෙ..තවත් රසබර කොටසකින් හමුවෙමු එහෙනම් ලඟදීම.. :-)
ReplyDeleteසාර්ථකයි කියල අහද්දිත් සතුටුයි, මට ඉතින් ඒක නෙව තියෙන ලොකුම සතුට. ඊළග කොටසත් හෙට අනිද්දම දානව, බලන්නකො එහෙනම්. බොහෝම ස්තූතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට. ජය ශ්‍රී එහෙනම්...!!!
Deleteනියමයි... :)
ReplyDeleteමතු සම්බන්ධයි ඈ... ඊලග කොටසත් ළගදීම. ඒකත් බලන්නකො. බොහෝම ස්තුතියි ඈ අදහස් දැක්වීමට හා අගය කිරීමට.. ජය ශ්‍රී ආ...!!!
Deleteඑළ....ලස්සනයි කතාව...අදමයි ආවෙත් මේ පැත්තට...ෆලෝ පාරකුත් දැම්මා..ආයිත් එන්නම්කෝ...
ReplyDeleteසාදරයෙන් පිළිගත්ත ඕං... බොහෝම ස්තූතියි ඈ අගය කිරීමට හා අදහස් දැක්වීමට. කතාව මතුසම්බන්ධයි, ඊළග කොටසත් දැම්ම.. මමත් ඒ පැත්ත එන්න ඕනෙ... ජය ශ්‍රී...!!!
Deleteමේක කියෙව්වා කොමෙන්ට් එකක් දාන්න අමතා වෙලා...හෙහ්..හෙහ්..
ReplyDelete