Saturday, June 16, 2012

ගල්කිස්සෙ ආතල්...

     
     හුඟ කාලෙකට පස්සෙ පෝස්ට් කෑල්ලක් ලියන්න ආවෙ, දන්නැද්ද ඉතිං.. මීට පස්සෙ නං දිගටම ලියන්න තමා කම්පනාව. මම මේ කියන්න කියල හැදුවෙ ගල්කිස්ස සම්බන්ධ පොඩි කතාවක්. මේක දැනට අවුරුදු හතරකට විතර කලිං වෙච්ච සිද්ධියක්. මෙන්න මේකයි කතාව. අපේ ඥාතිවෙන අයිය(මෙයාගෙ නම උදිත හොඳේ) කෙනෙකුයි එයාගෙ යාලුවෙකුයි අපේ ගෙදර නැවතිලා ඉඳං රත්මලානෙ එන්.සී.අයි.ටී. කියල එකක ඉගෙන ගත්ත. දෙන්නම සිවිල් ඉංජිනීයරින්ග් කලේ. ඉතිං ඔහොම ඉන්න කොට මෙයාලව බී.එම්.අයි.සී.එච්. එකට එක්කං ගිහිල්ල ගෘහ නිර්මාණ ප්‍රදර්ශනයක් බලන්න. උදේ 8.30ට විතර මෙහෙං ගිහිං 2.30විතර වෙද්දි බලල ඉවර වෙලා. කස්ටිය යනකොට බස් දෙකක් ගිහිල්ල, එනකොට එක බස් එකයිලු ආවෙ. කොහොම කොහොම හරි බස් එක කිටිකිටියෙ තද වෙලා එනවලු දැං. ඇයි හත්වලාමේ බස් දෙකක ගිය උදවියනෙ දැං මේ එක බස් එකක එන්නෙ. ගිනි මද්දහනෙ බස් එක ඇතුලෙ තැම්බෙනවලු, ඒ මදිවට දාඩිය ගඳ. අපේ ගෙදර හිටපු එවුන් දෙන්න කොහොම හරි දෙහිවල හන්දියෙ ට්‍රැෆික් එකේදි බස් එකෙං පැනල. මුං දෙන්න බස් එක ඇතුලෙ ඉඳිල්ල ඉවසන්න බැරිම තැන තමයි බැහැල තියෙන්නෙ.

දැං උදිත අයියගෙ යාලුව මුට කියනවලු "මචං පොඩ්ඩක් ගල්කිස්සට යමං පොඩි වැඩක් තියෙනව" කියල..
උදිත අයිය ඇහුවලු "මොකක්ද බං" කියල..
මූ කියනවලු "නෑ බං ගල්කිස්සෙං පොඩි ප්‍රසන්ට් එකක් බැලුව ඒක ගන්න ඕනෙ බං" කියල..
"අනේ බං උඹත් ඉතිං... හා හා යමං යමං" කියල උදිත අයියත් ගමනට සෙට් වුනාලු.

     දැං උදිත අයියගෙ හිතේ දෙහිවල හංදියට පස්සෙ ගල්කිස්සෙ හංදිය කියලලු, උදිත අයිය යාලුවට කිව්වලු වැඩි දුරක් නෑ මචං පයිං යන්න පුළුවං කියල. දැං දෙන්නත් එක්ක කයියක් දාගෙන එනවලු. අම්බානකට පයින් ඇවිල්ල ඇවිල්ල බැලුවලු ගල්කිස්ස කියල පේනතෙක් මානෙකවත් බෝඩ් කෑල්ලක් නෑලු. දැං ඇවිද ගන්න පණත් නෑලු. තව ටිකක් ඇවිල්ල පාරෙ ආපු මනුස්සයෙක්ගෙන් ඇහුවම ගල්කිස්ස මේ හරියෙද කියල උන්දැ කිව්වලු මම නං දන්නෑ පුතේ ටිකක් ඉස්සරහිං අහන්න කිව්වලු. ඊලඟ මනුස්සයගෙන් ඇහුවම කිව්වලු තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම ගල්කිස්ස කියල. තවත් ආවලු පැය භාගක් විතර ඊලඟ මනුස්සයත් කිව්වලු තව පොඩ්ඩයි ඔහොම යන්න කියල. මුන් දෙන්න ඔහොම පස් හය දෙනෙකුගෙං අහල එකම උත්තරේ ලැබුනු නිසා දිගටම ආවලු අහන්නැතුව. දැං හවස හතරහමාරයිලු වෙලාව. උදිත අයියගෙ යාලුවයි මූයි දෙන්න දැං කරකවල අතඇරල වගේලු. නිකමට වගේ මනුස්සයෙකුගෙං ඇහුවලු ගල්කිස්ස ලඟද කියල, ඒ මනුස්සය හරියට දන්නෙ නැතිලු, ඉස්සරහිං අහන්න කිව්වලු.

     මුං දෙන්න තව ටිකක් ඉස්සරහට ආවම නිකං පුරුදු පරිසරයක් වගේලු පේන්නෙ. තව ටිකක් එනකොට ඈත පේනවලු රත්මලානෙ ඩිපෝවෙං බස් එකක් එලියට එනව. මුං දෙන්නට දෙලොව රත්වුනාලු. ඒ මොකෝ දැං ගල්කිස්සත් පහුවෙලා තියෙන්නෙ, ඒත් ගල්කිස්ස කියල එක බෝඩ් කෑල්ලක්වත් දැක්කෙ නැතිලු. ඉතිං මොනව කරන්නද, දැං ඉතිං ආයෙ ඉන්ස්ටිටියුට් එකට යන්න වෙලාවකුත් නෑනෙ. කෙලින්ම මුං දෙන්න ගෙදර ආව. උදිත අයිය මගෙං අහනව, මල්ලී මොකක්ද බං ගල්කිස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ. Mount Lavinia මම වැඩිය ගණන් ගන්නැතුව කියල දැම්ම, මම මේ සීන් එකක් දන්නෙ නෑනෙ. මුං දෙන්න එක්ක බඩ අල්ලගෙන හිනවෙනව. සීන් එක ඇහුවට පස්සෙ මටත් හිනාවෙන්න පණ නෑ. මුං දෙන්න මග දිගට හොයල තියෙන්නෙ Galkissa කියල තියෙන බෝඩ් එකක්. මුං දෙන්න දන්නෑලු ගල්කිස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ Mount Lavinia කියල, මුන්ගෙ වෙලාවට "ගල්කිස්ස" කියල තියෙන සිංහල බෝඩ් කෑල්ලක් ඇහැගැටිලත් නෑ.... හැක්...හැක්... ඔන්න ඕකයි සිද්ධිය. මේකෙං පස්සෙ සතියක් හමාරක්ම යනකංම මේ සිද්ධිය මතක් කර කර මාර ආතල් එකක් ගත්ත. මීට පස්සෙ නොදන්න අය දැන ගන්න දන්න අය මතක තියාගන්න ගල්කිස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ Galkissa නෙමෙයි Mount Lavinia හොඳේ. අපි ගියා එහෙනං, ජය ශ්‍රී..!!!

28 comments:

  1. මේං බොලේ මන්ඩියා මටත් හොරෙන් පෝස්ට් එකක් දාලා.... තෝව හමගහන්න ඕනේ බොල....

    සිරාවටම මන්ඩියෝ මේක කියවන ගමන් මමත් කල්පනා කර කර ආවේ මුං දෙන්නාව වැරදි තැනකින් බස්සවලවත්ද කියලා... මීටරේට ආවෙම නෑනේ MT LAVINIA සීන් එකක්.... ඇයි උඩින්ම දාලා තියෙන පින්තූරෙත් GALKISSA කියලා ගහලා තියෙද්දි මලාට ඕක මතක්වෙනවයැ...

    සිරාවටම මැප් එකේ තියෙන්නේ අරහෙමද බං?? ඒක එහෙම නම් මැප් හදන එවුන්ට වැරදිච්ච එකේ මෙයාලට වැරදුනාම මක්කෙයි...

    මේක කියෙව්වම ගල්කිස්ස සම්බන්ධ මගෙත් කතාවක් මතක්වුනා... මගේ අහිංසක හිරකාරයා ගැන සීරිස් එක ඉවර කරලා ඒක ලියන්ටෝන...

    ආයෙත් ලියන්න ගත්තට මගෙන් සුභ පැතුම්.... ජය වේවා දිගටම ලියමු මචෝ...

    මගින් නවත්තපු කතන්දරේ ලියාපිය අනිවාර්යෙන්

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... උඹට කියන්න හිතුන, නිදිද දන්නෙත් නෑනෙ... නින්ද කොහොම වුනත් මලක්ද දන්නෙ නෑනෙ.. ඒකයි හදිසියෙ නොකීවෙ.. සිරාවටම මැප් එක එහෙමයි බං.. ගල්කිස්සෙ උඹේ කතාවක් නං ෂුවර් එකටම උඹේ පරණ සෙට් එක ඇති. දැං නං මමත් ලියන්න ඕනෙ බං දිගටම. බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට හා අගය කිරීමට. නිහඬ මෙහෙයුමත් පටං ගන්නව ලඟදීම. ජය ශ්‍රී හෝඳේ..!!!

      Delete
  2. නැවත පැමිණීම සතුටක් !

    හිකිස්ය.

    නිහඬ මෙහෙයුම ඉතුරු ටික ලියලා දාපන් මලේ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඈ මේ පැත්තට ඇවිල්ල කියවල කොමෙන්ටුවක් දාල ගියාට. මම හිතුව මගේ ලිවිල්ල නැවතුනාට පස්සෙ සෙන්න අයියල මේ පැත්තට ආයෙ කවදාවත් නොඒදෝ කියලත්. බොහෝම සතුටුයි ඈ මේ පැත්තට ආපු එකට. නිහඬ මෙහෙයුමත් ලියනව ඉස්සරහට. ජය ශ්‍රී හොඳේ..!!!

      Delete
  3. ලොල් සහගතයි අය්යා.. :D
    මම දන්නෙත් අදනෙ ඔය නම් දෙකෙම්ම කියන්නෙ එකම පෙලේස් එකක් ගැනය කියල!
    ඔය වගෙ වැඩ අනන්ත වෙනෝනෙ....
    කෙලවීමේ එක සිටුවේසන් එකක් ගැන කලින්ම දැනගත්ත මේකෙන්..
    ටැංකූ වේවා!

    ReplyDelete
    Replies
    1. බටපොලයා දැක්කමද මංදා. සාදරයෙන් පිළිගත්ත ඕං. ලොල් කියන්නෙ ලොලේ ලොල්... හිකිස්ය... බොහෝම ස්තූතියි ඈ මේ පැත්තට ඇවිල්ල කියවල කොමෙන්ටුවක් දාල ගියාට. ජය ශ්‍රී කිව්ව ඕං..!!

      Delete
    2. මම ලඟදිනෙ බ්ලොග් කෙරුවාඒට ඇන්ටර් වුනෙ..
      තාම කිරි සප්පයා ;)

      මන්ඩියා අයියාටද ජය ශ්‍රී ම වේවා ඈ!

      Delete
  4. වස වැරැද්දක් නොවැ වෙලා තියෙන්නෙ! :D ව්‍යායාමෙටත් එක්ක හොඳයි ටිකක් ඇවිදපු එක.
    නම් ගම් දැන කියා ගන්න එක නම් වටිනා කාරනයක්!
    ඒත් ලංකාවෙ වෙච්චි ගල්කිස්ස බෝඩ් කෑල්ලක් නැති වීම අඩුපාඩුවක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඕනි තරම් තියනව,,, මුන් 2න්න වෙන සිහියකින් ගිහින් වගේ

      Delete
    2. @ගිමන් නිවන්නා/දූපත් වැසියා : වස වැරැද්දක් කියන්නෙ උන්ට මහන්සියට වඩා හිතට අවුල් වෙච්චි නොන්ඩ්යට. හැක්...හැක්.... අර කියන්න වගේ සිංහල බෝඩ් කෑල්ලක් නැති වෙන්නත් බෑ.. හැබැයි මටත් දැකපු මතකයක් නං නෑ. දැං හුඟක් කඩවල බෝඩ් කෑලි වල ඇඩ්ඩස් එක ගහන්නෙ ඉංගිරිසයෙන් නෙව. ඒකයි අවුල. ජය ශ්‍රී හොඳේ ඩබලටම..!!

      Delete
  5. මණ්ඩි සහෝ, නැවත ආදරයෙන් පිළිගන්නවා !!!

    ඔය වගේ ආතල් එකට පයින් ගිය සීන් මටත් අනන්ත වෙලා තියෙනවා... වැඩි පණ්ඩිතකමට මගින් බැහැලා පැය ගනන් ඇවිදලා තියෙනවා... සමහර සින් නම් සල්ලි හෝ ප්‍රවාහන පහසුකම් නැති නිසා කරන්නම දෙයක් නැතුව පයින් ගියපුවා...

    හොඳම එක ගිය අවුරුද්දේ වුනේ... BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශණයට යන්න බහින තැන අමතක වෙලා මම බැස්සේ ග්‍රහලෝකාගාරේ ගාවින්... තව ටිකනේ කියලා කිලෝමිටර් 1 1/2 ක් විතර ඇද්දා පයින්ම. පැය භාගයක් ගියා ඕං !!!

    ආඃ !!! අර සෙන්නා සහෝ කිව්වා වගේ කථාවේ ඉතිරු ටික දාපන්... මාසෙකට එකක් හරි ලියපන්... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. චතුරංග,,,
      බොල කැම්පස් එක ලග ඉදන් කොහොමත් හෝල්ට් 2යි තියෙන්නෙ. විනාඩි 10 යි. ඉබ්බෙක් ට නම් පැය බාගයක් යයි.

      Delete
    2. @Chathuranga Perera: බොහෝම සතුටුයි ඈ මේ පැත්තට අපු එකට. මගෙං වෙච්චි අඩුපාඩුත් එක්ක මම හිතුව කස්ටිය ආයෙ මේ පැත්තට නොඒදෝ කියල. අර කියන්න වගේ මමත් මේ වගේ කටුකාල තියෙනව. BMICH යන්න ගිහිල්ල මමත් ඔය කට්ටම කෑම. හොයා ගන්න බෑ අප්පා තියෙන තැන. කැම්පස් එක ලඟ ඉන්න එවුන්ගෙන් ඇහුවම කියනව මෙහෙං යන්න බෑ ඉබ්බංවල හංදියට යන්න කියල. අලේ මංදල්ලෑ. හැබැයි කොහොම හරි කැම්පස් එක ලඟින් බැස්සම විනාඩි 10ක වගේ දුරක් තියෙන්නෙ කියල දන්නව, යන්න දන්නෙ නෑ.... නිහඬ මෙහෙයුමේ ඉතුරු ටික ඉක්මනටම දානව අයියේ. ජය ශ්‍රී ඈ....!!!
      @දූපත් වැසියා: විනාඩි 10බව නං මමත් දන්නව, යන්න ගියාම ටැපලුනා. අහන අහන එකා කිව්වනෙ ඉබ්බංවල හංදියට යන්න කියල, අලේ මංදල්ලෑ.. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්.. හැක්...හැක්.. ජය ශ්‍රී...!!!!

      Delete
  6. උබල දවල් හීන බල බලද ගියෙ,,, කෙල්ලෙක් වත් දකින්න ඇති. නැත්නම් ඔහොම වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. @දූපත් වැසියා: අලේ මංදල්ලෑ බං, උන්ගෙං අහන්න ඕන. නෑ බං උං දෙන්න මෙහේ නෙමෙයි. එකෙක් වැලිගම, අනෙක තංගල්ලෙ. උන්ට සීන් එක මීටර් නෑ.. ඒකයි වුනේ. මෙහේ එකෙක් නං ඔච්චර අනාගන්නෙ නෑ.. නැත්තෙමත් නෑ.. බොහෝම ස්තූතියි ඈ කොමෙන්ටුවට... ජය ශ්‍රී..!!!!

      Delete
  7. මුදු වෙරළ දිගේ ගියානම් හොයා ගන්න තිබුන ලේසියෙන්ම!

    ReplyDelete
    Replies
    1. හැක්....හැක්... ඒකත් මරු අයිඩියා එක. ට්‍රයි කරල බලන්න ඕනෙ. බොහෝම ස්තූතියි හොඳේ මේ පැත්තෙ ආවට. ජය ශ්‍රී කිව්ව ඕං....!!!!

      Delete
  8. ඇවිදලා ව්‍යායාමක් වත් උනා කියලා හිත හදාගන්ටයි තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. හැක්..හැක්... ඇඟේ තෙලවත් බහින්නැතෑ නේද..? බොහෝම ස්තූතියි හොඳේ මේ පැත්තට ආවටයි කොමෙන්ටුවක් දුන්නටයි. ජය ශ්‍රී හොඳේ...!!!

      Delete
  9. මමත් පලවෙනි දවසෙ තනියම දෙහිවල එද්දි අම්මා කිව්වා ගල්කිස්ස පහුවුනාට පස්සෙ තමයි දෙහිවල තියෙන්නේ කියලා. බලන් ආවා ආවා කෝ එහෙම එකක් නෑ.මෙන්න එකපාරටම දෙහිවල. යන්තන් බැස්සා.ඇවිත් අම්මට කිව්වා ගල්කිස්සක් නම් හම්බවුනේ නෑ Mount Lavinia කියපු තැන් පහු වුනා විතරයි මෙන්න දෙහිවල වුනා කියලා..හිපොයි කෑවැයින් කෑවෙ නෑ ඒවගේ නෝන්ඩියක්...

    ReplyDelete
    Replies
    1. ආ..... මේ ඉන්නෙ තව කස්ටිය. හැක්...හැක්... බොහෝම ස්තූතියි හොඳේ මේ පැත්තට ඇවිල්ල කොමෙන්ටුවක් දාල ගියාට... ජය ශ්‍රී හොඳේ..!!!

      Delete
  10. ඇවිද්ද පය දහස් වටී කියනවනේ...

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත, ඇවිද්ද පයේ අගේ කියන්න පුළුවංද. බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!

      Delete
  11. හික් හික්....මල්ලි දන්නවද ඔහොම සිංහලෙන් එක නමකුයි ඉංග්‍රීසියෙන් තව නමකුයි තියෙන්න හේතුව?

    අපෝ ඔය ටිකේ පයින් ඇවිදගෙන යනවා කියන්නේ එපා වෙනවා. මමත් දවසක් ගියා ගල්කිස්සේ ඉඳං වැල්ලවත්තට...ඒ නම් ජොලියට.

    ReplyDelete
    Replies
    1. අලේ කියන්නකො ඇයි නං දෙකක් දැම්මෙ කියල.
      //මමත් දවසක් ගියා ගල්කිස්සේ ඉඳං වැල්ලවත්තට...// මොකා, ගල්කිස්සෙ ඉඳං වැල්ලවත්තට, තනි ඇහැට ඇඬෙනව, මාර ජොලියක් තියෙන්න ඇතිනෙ. හැක්...හැක්...සිද්ධාලේප එකක් එහෙම අරං එන්න ඇති එද්දි...හැක්..හැක්.. බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!

      Delete
  12. හහා.. කැම්පස් ආපු අලුත මටත් ඕක උනා... හික් හික්..

    ReplyDelete
    Replies
    1. බැලුවම මේක එකෙක් දෙන්නෙක්ට වුන සිද්ධියක් නෙමෙයිනෙ බොල...හැක්...හැක්... බොහෝම ස්තූතියි හොඳේ කොමෙන්ටුවට, ජය ශ්‍රී...!!!

      Delete
  13. සුද්දා දාලා ගිය නම් එක්ක ගනුදෙනු කරද්දී ඔහොම වෙන එක අරුමයකද :) ඔය පැත්තේ ekama එක සිංහල boed එකක්වත් තිබිලා නැද්ද :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...